2023 අගෝස්තු 09 වන දා 'ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස්' සංගමයේ කටයුතු

වළක්වාලමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි ව අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් ඉදිරිපත් කර තිබේ.

එම සංගමයේ ලේකම් ශෙහාන් ද තිසේරා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අදාළ අතුරු තහනම් නියෝගය 2023 අගෝස්තු 22 වනදා නිකුත් කළ බවයි.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ප්‍රකාර ව පත් කර තිබූ අතුරු කමිටුව නීත්‍යානුකූල නොවන බව ඔහු පවසයි.

එම නියෝගයත් සමඟම ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් සංගමයේ කවුන්සිලය නැවතත් බලාත්මක වේ යනුවෙන් ද ඔහු සිය නිවේදනයෙන් පවසයි.

මේ පිළිබඳ එම සංගමයේ ලේකම් ශෙහාන් ද තිසේරාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ, මෙම ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සඳහා ඇති මව් සංගමය වන බවයි.

එසේම, ක්‍රීඩා සංගමය විසුරුවීමට හේතුව ක්‍රීඩා ඇමතිවරයාගෙන් මෙතෙක් ලිඛිත ව තමා වෙත ලැබී නැති බව ද ඔහු පැවසීය.

ඊට අදාළ හේතු විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ ද ඊට පිළිතුරක් නොලැබීම හේතුවෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව සති දෙකකට අදාළ ගැසට් නිවේදනය සඳහා අතුරු තහනම් නියෝගයක් ලබා ගත් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

එසේම අදාළ ගැසට් පත්‍රය මඟින් ක්‍රීඩා සංගමය විසුරුවා දැමීම පිළිබඳ නඩුවක් ගොනු කර ඇති බවත් අතුරු තහනම් නියෝගය බලාත්මක සති දෙකක කාලය ඇතුළත නඩුව විභාගයට ගනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අගෝස්තු 09 වෙනිදා නිකුත්කළ ගැසට් නිවේදනය පහත පළවේ,

ererwe




(adaderana.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image