එය ලෝකය කම්පනයට පත් කළ ලජ්ජා නැති, අප්‍රසන්න පැහැර ගැනීමක්. 


‘නොටිංහැම් ෆොරස්ට්’ කණ්ඩායම ට එරෙහි ‘ලිවපූල්’ කණ්ඩායමේ තරගය ට පෙර ලුවීස් ඩියාස් (Luis Diaz) නමැති අතිදක්ෂ 26 හැවිරිදි කොලොම්බියානු ජාතික ‘ලිවපූල්’ක්‍රීඩා සමාජ ඉදිරි පෙල පාපන්දු ක්‍රීඩකයා විවේක ගනිමින් සිටියදී ඔහුට ලැබුනු දුරකථන පණිවිඩයක් සියල්ල වෙනස් කළා.

skynews luis diaz luis diaz 6346851

ලුවීස් ඩියාස් (Luis Diaz)

පැණිකොමඩු මිලදී ගැනීම සඳහා කොලොම්බියාවේ ඉන්ධන පිරවුම්හලක කාරය නතර කළ අවස්ථාවේදී ඔහුගේ මව්පියන් ට තුවක්කු එල්ල කර, සොරකම් කරන ලද මෝටබයිසිකල්වලට බලෙන් පටවා පැහැර ගෙන ගොස් ඇති බව නිවෙසින් ලැබුනු දුරකථන පණිවිඩයෙන් ලුවීස් ඩියාස් දැනගත්තා. පසුගිය සෙනසුරාදා (28) මේ සිද්ධිය වූයේ කොලොම්බියාවේ වේලාවෙන්  පස්වරු 5.10 ට පමණ.

අපරාධකරුවන් හඹා යාමේ මෙහෙයුමක් කොලොම්බියා රට පුරා වහාම ක්‍රියාත්මක කෙරුනා. මාර්ග වසා දමමින්, මාර්ග බාධක අටවමින් දියත් කෙරුනු ‘පැඩ්ලොක්’ ලෙසින් හැඳින්වුනු මෙහෙයුමකින් ඩියාස්ගේ මව වන සිලෙනස් මෑරලන්ඩා (Cilenis Marulanda) ඉක්මනින් සොයා ගනු ලැබුවා. අපරාධකරුවන් ඇය අත්හැර දමා ඩියාස්ගේ පියා වන ලුවීස් මැන්වෙල් ඩියාස් (Luis Manuel Diaz) පමණක් රැගෙන ගොස් තිබුනා.

පියා සොයා හෙලිකොප්ටර යානා ගුවනේ සැරිසරද්දී විශේෂ කමාන්ඩෝ භටයින් ඉවඅල්ලන බල්ලන් යොදා ගෙන අවට කිලෝ මීටර් හයක කැලෑව පීරන්න පටන් ගත්තා.

මැන්වෙල් ඩියාස් පිළිබඳ තොරතුරක් දෙන කෙනෙකුට පෙසෝ මිලියන 200 (පවුම් 40,500)ක ත්‍යාග මුදලක් ලබා දෙන බවට කොලොම්බියා පොලිසිය විසින් ප්‍රසිද්ධ කෙරුණු අතර ඔහු සෙවීම පිණිස පොලිස් හා මිලිටරි භටයින් 250ක් යොදවනු ලැබුවා. මේ සිද්ධිය ට වහාම මැදිහත් වන ලෙස කොලොම්බියානු ජනාධිපතිවරයා පොලිසියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ට නියෝග කළා.

skynews luis manuel luis diaz 6342351
මේ අතර ලිවපූල් දිස්ත්‍රික්කය ඇතුළත් එංගලන්තයේ මර්සීසයිඩ් (Merseyside) ප්‍රාන්තයේ ලුවීස් ඩියාස්ගේ කතාව ඉතාමත් වේදනාකාරී එකක් බවට පත්ව තිබුනා. වහාම කොලොම්බියාවේ තම නිවෙස වෙත යාමට ලුවීස් ඩියාස් ට දැඩි උවමනාවක් තිබුනත් එය නතර වුනේ ඔහුගේ නැවත පැමිණීමෙන් අවදානම තවත් වැඩි වනු ඇතැයි පවුලේ අය විසින් කියා සිටීමෙන් පසුව. 

මේ අසීරු වාතාවරණය යටතේ ඩියාස්ගේ පාපන්දු ක්‍රීඩා සමාජය ඔහු වටා එක්රොක් වුනා. ලිවපූල් කණ්ඩායම නොටිංහැම් ෆොරස්ට් ට එරෙහි තරගය ගෝල් 3-0කින් ජය ගත් අතර, “මේක තමයි තරගයකට පෙර මා අත්දුටු වැඩියෙන්ම අමාරු සූදානම” යනුවෙන් ලිවපූල් කළමනාකරු යියාගන් ක්ලොප් (Jurgen Klopp) ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා.

එංගලන්තයේ ලිවපූල් හි ඇන්ෆීල්ඩ් (Anfield) පාපන්දු ක්‍රීඩාංගණයේදී ලිවපූල් කණ්ඩායම ට තරගයේ පෙරමුණ ලබා දීමෙන් පසුව ඩිඅගෝ ජෝටා (Diogo Jota) ක්‍රීඩකයා ලුවීස් ඩියාස්ගේ අංක 7 කමිසය ප්‍රදර්ශනය කළ අවස්ථාව හැඟීම්බර දසුනක් වුනා.

2023 10 29T193122Z 431816244 RC2E24AAOU28 RTRMADP 3 COLOMBIA CRIME 1699005624

දින ගණනාවක් ගෙවී යද්දී ඩියාස් ට පසුගිය බදාදා පැවති තරගයටත් සහභාගි නොවන ලෙස ට බලකෙරුනේ වේදනාකාරී අත්දැකීම තවමත් නිමා වී නොතිබුනු බැවින්. ඔහුගේ මව්බිමේදී, සෑන් හූසේ (San Jose) පල්ලියේ මීසමේ ඩියාස්ගේ පවුලේ අය හා මිතුරන් ද ඇතුළුව දුසිම් ගණනින් පුද්ගලයන් ඉටිපන්දම් දැල්වෙන යාච්ඤාවකට එක්රොක් වුනා. රට හරහා දහස් ගණන් ජනතාව දම්වැලකින් බැඳුනු යාදින්නක යෙදුනා.

im 880505

බ්‍රහස්පතින්දා අසන්නට ලැබුනේ තවත් බියකරු පුවතක්. මේ පැහැර ගැනීම සිදුකර තිබෙන්නේ ජාතික විමුක්ති හමුදාව - ELN - බවට කොලොම්බියානු රජය නිවේදනය කළා. මෙය අමෙරිකාව හා යුරෝපීය කොමිසම විසින් ත්‍රස්තවාදීන් ලෙස සලකනු ලබන රාජ්‍ය විරෝධී සමාජවාදී ගරිල්ලා කණ්ඩායමක්.

මේ හදිසි ප්‍රහාරය ට මූලිකත්වය ගෙන තිබෙන්නේ ‘පෙට්රීෂියා’ (Patricia) යන නමින් පමණක් දන්නා 40 හැවිරිදි කාන්තාවක් බව කියැවෙනවා. ඇය කොලොම්බියානු රජය සමග ඇගේ ජීවිත කාලයෙන් භාගයක් ම යුද වැදී සිටින පළපුරුදු කලහකාරියක්.

ලුවීස් මැන්වෙල් ඩියාස් පැය කිහිපයක් ඇතුළත නිදහස් කරන බවට ත්‍රස්තවාදී කණ්ඩායම ප්‍රකාශ කළ බව පසුව ලැබුනු වාර්තාවල සඳහන් වූවත් මේ සටහන තබන මොහොත වන තෙක් එය සිදුවී නැහැ. ඔහු නිදහස් කරන බව ට ඔහු පැහැරගත්තවුන් දුන් පොරොන්දුව ඉටු කර නැති බව ප්‍රකාශ කළ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ (Gustavo Petro) ඩියාස්ගේ තත්ත්වය ඉතාමත් භයානක වෙමින් තිබෙන බව කියා සිටියා.

අමෙරිකා‌වේ නිල සංචාරයක් අතරවාරයේ කොලොම්බියානු ජනාධිපතිවරයා වොෂිංටන් නුවර සිට මෙසේ කියා සිටියා: “ලුවීස් ඩියාස්ගේ පියාගේ ජීවිතය ට ELN වගකිව යුතුයි. ඔවුන් සිදුකර තිබෙන්නේ රජය සහ ඔවුන් අතර සාකච්ඡා වෙමින් තිබෙන සාම ක්‍රියාවලිය උල්ලංඝනය කරන ක්‍රියාවක්.”

gustavo

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ

“හැකි ඉක්මනින් ඔහුව නිදහස් කිරීමේ බලාපොරොත්තුවක් ELN නායකයින්ට තිබෙන බවක් කියනවා. නමුත් කාලය පැය ගණනින් පසුවෙමින් යනවා. එය එසේ සිදුවෙමින් තිබියදී ඩියාස් මහතාගේ තත්ත්වය ඉතාමත් භයානක වෙමින් තිබෙනවා.”

කෙසේ වෙතත් සිකුරාදා රාත්‍රියේ ELN නිවේදනයක් නිකුත් කරමින් නැවත නැවත කියා සිටියේ ලුවීස් මැන්වෙල් නිදහස් කිරීමට ඔවුන් ට උවමනා බව. ඒ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ කර ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා.

පුද්ගලයන් පැහැර ගැනීම කොලොම්බියාවේ සාමාන්‍ය දෙයක්. එය එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්වෙලා. කොලොම්බියානු පොලිසියේ ‘පැහැරගැනීම් විරෝධී අංශය’ ට අනුව, මේ වසරේදී පුද්ගල පැහැර ගැනීම් සියයට 93කින් වැඩි වී තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙහිදී කප්පම් මුදලක් ඉල්ලා සිටින අතර බොහෝ විට එය ගෙවා දැමෙනවා. පැහැර ගැනීම් සඳහා පෙලඹුම් හේතුව වී තිබෙන්නේ  දුප්පත්කම සහ ආයුධ සන්නද්ධ කල්ලි හා ඔවුන්ගේ නීතිවිරෝධී මෙහෙයුම්වලට මුදල් සපයා ගැනීම. ඩියාස් සිද්ධියේදී නම් චේතනාව කුමක්දැයි පැහැදිලි නැහැ. 

ලුවීස් ඩියාස් පවුම් මිලියන 50ක් දක්වා යා හැකි කොන්ත්‍රාත්තුවක් ‘ලිවපූල්’ පාපන්දු සමාජය සමග පසුගිය ජනවාරියේ අත්සන් කිරීම හා ඔහුගේ මව්පියන් ද ඔහු සමග එංගලන්තය ට නොගොස් කොලොම්බියාවේ ම රැඳී සිටීමට තීරණය කිරීමෙන් ‘පැහැර ගැනීමකට’ තිබෙන ඉඩකඩ වැඩි වූ බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

 131586497 b1d2c0330c315c1b8e7dd3bc8f8b08487109281f0 0 3698 24651000x667

මේ අතර, ලුවීස් ඩියාස් ක්‍රීඩකයාගේ පියා නිදහස් කරන්නේ නැත්නම් ළඟ එන බ්‍රසීලය ට එරෙහි කොලොම්බියා පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගය අහෝසි කරන ලෙසට කොලොම්බියානුවෝ ඉල්ලා සිටිනවා. එක්සත් රාජධානියේ කොලොම්බියාවේ තානාපති රෝයි බාරැරස් (Roy Barreras) ද මේ ඉල්ලීමට සහාය දක්වමින් නොවැම්බර් 17 වැනිදා වන විට ඔහු නිදහස් කර තිබුනේ නැත්නම් එදින ක්‍රීඩා කිරීමට නියමිත ඒ තරගය නොපැවැත්විය යුතු බවට අවධාරණය කර තිබෙනවා.

මෙහිදී මතකයට නැගෙන තවත් ජනප්‍රිය සිදුවීමක් තිබෙනවා. බ්‍රසීල සුපිරි පාපන්දු තරුවක් වන රොමාරියෝගේ (Romario) පියා බලෙන් පැහැර ගෙන ගොස් ඔහු නිදහස් කිරීමට නම් ඩොලර් මිලියන 7ක (පවුම් මිලියන 5.6) මුදලක් ගෙවන ලෙසට තර්ජනය කර තිබූ අවස්ථාවේදී රොමාරියෝ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් තමාගේ පියා නිදහස් නොකරන්නේ නම් තමා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීම වර්ජනය කරන බව 1994 ලෝක කුසලාන තරගාවලියට පෙර ප්‍රකාශ කළා.

පැහැර ගැනීමට වගකිව යුතු කල්ලිය පැය 48ක් ඇතුළත ඔහුගේ පියා නිදහස් කළ අතර රොමාරියෝ ක්‍රීඩාව ට පිවිස බ්‍රසීලය ඔවුන්ගේ සිවුවැනි ලෝක පාපන්දු කුසලානය කරා මෙහෙයවූවා. 

සටහන :
බොරිස් බෙක සිරදඬුවමෙන් පසු නැවත ජගත් ටෙනිස් පිටියට(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්