හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට
පත්කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
තේරීම් කමිටුව පත්කිරීම සඳහා නිර්දේශ නම් 10 ක් ක්‍රිකට් ආයතනය යොමුකර ඇති බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිත්වය දරන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යි.
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්...
මේ අතර ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇත.
එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව පත්කර ඇත.
මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග යි.
හරින්ගෙන් සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම නුදුරු දිනකදී ඉවත් කරන බව එම කවුන්සිලය ප්‍රකාශ කළේ යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය
ශම්මි සිල්වාට එරෙහිව ඇති සෑම චෝදනාවක්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.
ක්‍රීඩා සංගම් දේශපාලන ඇඟිලි ගැසීම් ගැන මවු සංගම්වලට පැමිණිලි කිරීම වැරදි බවත්, තමා ක්‍රීඩා ඇමති ධූරයට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආරක්ෂා කිරීමට නොවන බවත් ඔහු කිවේය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.
සමහර පුද්ගලයන් ක්‍රීඩා සංගම්වල මැරෙන තුරා සිටින බවත් ඔවුන් කරන්නේ විදේශ සංචාරවල යෙදීම පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශපාලන ඇඟිලි ගැසීම් ගැන ක්‍රීඩා සංගම් ලියන්නෙ දේශපාලනඥයන්ට නොව මවු සංගමයට බවද ඔහු කීවේය.
''ක්‍රමවේදය හරිද වැරදිද කියන එක මම කියන්නේ නැහැ. ඒක වැරදියි. අපි පිටින් බැලුවොත් ඒක වැරදියි. නමුත් ඔවුන් යන්නේ ඔවුන්ගේ මවු සමිතියට. ඒ ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොතේරුණේ ඇයිද කියන එක මම දන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඒක තමයි.'' ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.