හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට
තමා තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ට්විටර් (X) පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින්
අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ප්‍රනාන්දු, පසුගිය නොවැම්බර් මස 6 වැනිදා අර්ජුන රණතුංග ගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊට දින කීපයකට පසුව එහි ශ්‍රී ලංකා සාමාජිකත්වය තහනම් කළේය.
මේ අතර ක්‍රීඩා ඇමතිවරයාගේ අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවය.
එසේම එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.