කඩුලු 4ක් ලබා ගත් නවීඩ් සඩ්රාන්
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439කට අවසන් වුනා. මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 241ක් ඉදිරියෙන් සිටියා.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ කිසිවෙකු නොදැවී ලකුණු 35ක් ලබා ගෙන සිටියා.
චාමික ගුණසේකර අංක 8 පිතිකරුවා ලෙස කඩුල්ලට පිවිස ඔහුගේ මංගල ටෙස්ට් ඉනිම ආරම්භ කළේ ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුව ට ම හතරේ පහරක් එල්ල කරමින්.
කඩුලු 6 ට ලකුණු 410 සිට තෙවැනි දින තරගය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ 7 වැනි කඩුල්ල ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එක්වෙද්දී බිඳ වැටුනා. පස්වැනි ඔ්වරයේදී (ඉනිමේ 107 ඕවරය) ලකුණු 27කට දැවී ගියේ සදීර සමරවික්‍රම. දෙවැනි දින තරගය නතර කරන විට ලකුණු 21ක් රැස්කර ගෙන නොදැවී සිටි සදීර තවත් ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. නවීඩ් සඩ්රාන්ගේ පන්දුවට ‘ගලී’ හි පන්දු රකිමින් සිටි රහමට් ෂා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් සදීර දැවී යන විට ලබා ගෙන සිටියේ ලකුණු 27ක්. පන්දු 33ක ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් ඇතුළත්ව තිබුනා.
චාමික ගුණසේකර පන්දුවක් හිසේ වැදීමෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් පිතිකරණය නතර කර පිටියෙන් ඉවත්ව ගියා
චාමික ගුණසේකර ලකුණු 16ක් ලබා ගෙන සිටියදී ආබාධයක් මත පිටියෙන් ඉවත් වුනා. භෞතචිකිත්සක සමග ඔහු පිටියෙන් නික්ම ගියේ ඕවර තුනකට පෙර නවීඩ් සඩ්රාන්ගේ පන්දුවක් හිස ආවරණයේ වැදීමෙන් ඇතිවූ කම්පනය හේතුවෙන්. චාමික වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට ආදේශ කෙරුනා.
ශ්‍රී ලංකා අවසන් කඩුලු 3 ලකුණු 12කට බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439කට (ඕවර 109.2) අවසන් වුනේ ඔවුන්ට තරගයේ පළමු ඉනිමේ ලකුණු 241ක වාසියක් ලබා දෙමින්.
නවීඩ් සඩ්රාන් ලකුණු 83කට කඩුලු 4ක් ලබා ගත් අතර නිජාට් මසූඩ් හා කයිස් අහමඩ් කඩුලු 2 බැගින් ලබා ගත්තා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි පුවත් :
මැතිව්ස් හා චන්දිමාල් ශතකලාභීන්ගෙන් වාර්තාගත සබඳතාවක්
ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 3 ට ලකුණු 287