සෞදී වෘත්තිය පාපන්දු ලීග් තරගයකදි නරඹන්නන් වෙත අසභ්‍ය අංග චලනයක යෙදුණු ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝට එක් තරග තහනමක් හා දඩයක් නියම කර තිබෙනවා.

 

සිද්ධිය ඇතිවුනේ අල් - අබාබ් කණ්ඩායමට එරෙහිව රොනාල්ඩෝගේ අල් - නසර් පිල ගෝල් 3-2ක ජයක් වාර්තා කිරීමෙන් පසුව.

ප්‍රතිවාදී අල් - අබාබ් ක්‍රිඩා ලෝලින් රොනාල්ඩෝගේ දීර්ඝකාලින ප්‍රතිවාදියා වන ලිඔනල් මෙසීගේ නම කෑසගමින් ඔහුට සරදම් කළ අවස්ථාවේදී කුපිත වු රොනාල්ඩෝ මේ අංග චලනය කර තිබෙනවා.

 



රොනාල්ඩෝ විසින් විනය හා ආචාර ධර් ම රෙගුලාසිවල 57-1 වගන්තිය උල්ලංඝනය කර ඇති බවට සෞදි අරාබි පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසින් එක් තරග තහනමකට ලක්වු රොනාල්ඩෝට පවුම් 2107 පමණ මුදලක් (රියාල් 10,000) සෞදි අරාබි පාපන්දු සම්මේලනයටත්, පැමිණිල්ල ගොනු කිරීමේ ගාස්තු වශයෙන් තවත් පවුම් 4215ක් (රියාල් 20,000) අල්- අබාබ් ක්‍රිඩා සමාජයටත් ගෙවන ලෙසට නියෝග කර තිබෙනවා.

 

කෙසේ වෙතත්, රොනාල්ඩෝ ක්‍රිඩා කරන අල් - නසර් කණ්ඩායම සමඟ තිබෙන වසරකට පවුම් මිලියන 175ක ගිවිසුමට ස්තුතිවන්ත වන්නට, රොනාල්ඩෝ විසින් ගෙවන පවුම් 6,000 දඩ මුදල උපයා ගැනිමට ඔහුට ගත වන්නේ මිනිත්තු 19ක් පමණයි.

 

vh.jpeg

 

2023 වසරේ සෞදි වෘත්තිය පාපන්දු ලීගයේ ක්‍රිඩා කිරීමට පැමිණිමෙන් පසුව රොනාල්ඩෝ දැන් දිනකට පවුම් 478,142ක් උපයන අතර ඔහුගේ ගෙවන සෑම පැයකම වටිනාකම පවුම් 19,922ක්.

ලොව වැඩියෙන්ම ගෙවනු ලබන ක්‍රිඩකයා බවට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පත්ව සිටින්නේ ඔහු අනුග්‍රහයක්ද ඇතුළුව පවුම් මිලියන 218ක අති විශාල වාර් ෂික මුදලක් උපයන බැවින්.

රොනාල්ඩෝගේ අසභ්‍ය හැසිරිම සෞදි පාපන්දු ලෝකයේ විවේචනයට ලක්වෙද්දි එය සාධාරණිකරණය කරමින් රොනාල්ඩෝ පැවසුවේ තම ක්‍රියාව ජයග්‍රහණයකින් පසුව ශක්තිය හා ජයග්‍රහණයේ සතුට විදහා දැක්විමක් මිස එය ලැජ්ජා සහගත ක්‍රියාවක් නොවන බව යි.

 132770182 cristiano ronaldo getty3

 

“යුරෝපයේදී අපිට මේ වගේ දේවල් පුරුදුයි!” ඔහු පැවසුවා.

රොනාල්ඩෝ මිට පෙරත් මෙවැනි අසභ්‍ය හැසිරිමක නියළුනත් ඒ අවස්ථාවේදී දඩුවම් නොලැබ ගැලවුණි. 2023 අප්‍රේල් මාසයේ ඔහු අල් - නසර් කණ්ඩායමට බැදුණු අලුත අල් - හිලාල් පිල වෙතින් පරාජය වි ආපසු ක්‍රිඩා මණ්ඩපයට යද්දි ක්‍රිඩා ලෝලීන් ඔහුට “මෙසී ...... මෙසී.........” කියා කෑ ගැසු විට රොනාල්ඩෝ ප්‍රතිචාර දැක්වුයේ ඔහුගේ ඉකිලිය පෙදෙස මිරිකා ප්‍රදර්ශනය කරමිනි.

 සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
සබැඳි ලිපි :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image