මැලේසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන ලෝක කණිෂ්ඨ ටෙනිස් තරගාවලියේ බාලක ආසියා/ඔෂනියා - ITF World Junior
Tennis Competition Boys Asia/Oceania - අවසාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් සිවු දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.
තෙවනේසන් සුබ්‍රමනියම් මේ කණ්ඩායමේ නායකයා වන අතර සෙසු ක්‍රීඩකයන් වනුයේ රිසිත් සෝමරත්න, අෂ්ලින් ද සිල්වා හා මයූරාන් කුබ්හේරනේ. අතිරේක ක්‍රීඩකයා ලෙස නෙවාන් කන්නන්ගර නම් කර තිබෙනවා.
2023 වසරේ නොවැම්බර් 16 සිට දෙසැම්බර් 3 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ පැවති තේරීම් තරගවලින් පසුව මේ ක්‍රීඩකයින් 2024 පෙබරවාරි 12 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවති ලෝක කණිෂ්ඨ ටෙනිස් තරගාවලියේ බාලක ආසියා/ඔෂනියා සුදුසුකම් ලබා ගැනීමට පෙර වටයේ තරග වැදීම පිණිස තෝරා ගනු ලැබුවා.
මේ තරගාවලියේ අනුශූරයින් වීමෙන් පසුවයි මේ කණ්ඩායම මැලේසියාවේ පැවැත්වෙන තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලැබුවේ.
මාර්තු 25 සිට 30 දක්වා මැලේසියාවේ කුෂිං නුවර පැවැත්වෙන තරගාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 වැනිදා දිවයිනෙන් පිටත්ව යනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී