යුරෝපීය පාපන්දු පාලකයින් වන UEFA යුරෝපයේ ප්‍රධානතම පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් පවත්වන චැම්පියන්ස් ලීග් - Champions League -

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වෙනුවෙන් මුරකාවල් තරකර තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ මේ සතිය තුළ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ හතරට පහර දෙන බවට ඉස්ලාමීය ප්‍රාන්ත ISIS ත්‍රස්තවාදීන් තර්ජනය කිරීම.

නරඹන්නන් විශාල පිරිසකට ඇතුළු විය හැකි ධාරිතාවක් තිබෙන මේ ක්‍රීඩාංගණ හතර නම් කරමින් “සියළු දෙනාවම මරපල්ලා” යනුවෙන් සඳහන් පණිවිඩයක්ද සහිත දුෂ්ට පෝස්ටරයක් IS ත්‍රස්තවාදීන් විසින් සඳුදා රාත්‍රියේ ප්‍රසිද්ධ කර තිබෙනවා.


Parc de Princes


චැම්පියන්ස් ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග හතර පැවැත්වෙන්නේ ‘ආසනල්’ ක්‍රීඩා සමාජය සත්කාරකත්වය දරණ එංගලන්තයේ ලන්ඩන් නුවර Emirates (ධාරිතාව 60,704), ‘රේඅල් මැඩ්රිඩ්’ සත්කාරකත්වය දරණ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර Santiago Bernabeu (ධාරිතාව 81,044) හා ‘ඇට්ලෙටිකෝ මෙඩ්රිඩ්’ සත්කාරකත්වය දරණ මෙත්රොපොලිටනො (ධාරිතාව 70,460) සහ ‘පෑරිස් සැන් ජමෑන්’ සත්කාරකත්වය දරණ ප්‍රංශයේ පැරිස් නුවර Parc de Princes (ධාරිතාව 48,583) යන ක්‍රීඩාංගණවල.

Atletico Madrid හා Borussia Dortmund කණ්ඩායම් අතර තරගය සහ Paris Saint-Germain (PSG) සහ Barcelona අතර තරග පිළිවෙලින් මැඩ්රිඩ් හා පැරිස් නුවරවල අද පැවැත්වෙන අතර Arsenal හා Bayern Munich අතර ගැටුම ලන්ඩනයේත්, Real Madrid හා Manchester City අතර තරගය මැඩ්රිඩ් නුවරදීත් ඊයේ පැවැත්වුනා.

 

hq720Atletico Madrid හා Borussia Dortmund කණ්ඩායම් අතර තරගය



ඊයේ පැවති තරග දෙක ම අවසන් වුනේ ජය පැරදුමකින් තොරව. ආසනල් හා බයිඑන් මියුනික් තරගය ගෝල් 2-2කින් අවසන් වූ අතර රේඅල් මැඩ්රිඩ් හා   මැන්චෙස්ට සිටි තරගයේ ප්‍රතිඵලය වූයේ ගෝල් 3-3ක්.

ආසනල් හා බයිඒන් මියුනික් අතර තරගය පැවැත්වුනේ ශක්තිමත් ලන්ඩන් පොලිස් ආරක්ෂක සැලසුමක් යටතේ. එංගලන්තයේ ත්‍රස්ත තර්ජන මට්ටම තිබෙන්නේ ‘ප්‍රහාරයක් සිදුවිය හැක’ යන තත්ත්වයේ.

 

1 UEFA

ආසනල් හා බයිඒන් මියුනික් අතර තරගය පැවැත්වුනේ ශක්තිමත් ලන්ඩන් පොලිස් ආරක්ෂක සැලසුමක් යටතේ



රුසියාවේ මොස්කව් නුවර පුද්ගලයින් 140 දෙනෙකුට වැඩි පිරිසකට මරු කැඳවූ ISIS ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදී ප්‍රහාරයක බිය යුරෝපය පුරා පැතිරී තිබෙනවා. නමුත් මේ තර්ජන තිබියදීත් යුරෝපයේ පාපන්දු බළධාරීන් කියා සිටින්නේ තරගාවලිය කළින් සැලසුම් කර තිබෙන පරිදි ම පැවැත්වෙන බව.

ඊයේ සහ අද ස්පාඤ්ඤයේ අගනුවර ක්‍රීඩා කිරීමට නියමිත තරග දෙක පැවැත්වෙන්නේ ‘සියළුම රතු එළි දැල්වෙන’ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබියදී.

 

polise ආරක්ෂක භටයින් 1,270කට වැඩි පිරිසක් මැඩ්රිඩ් නුවරට යොදවා තිබෙනවා.



ත්‍රස්ත තර්ජනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස වැඩිකර තිබෙන ආරක්ෂාවේ කොටසක් ලෙස ආරක්ෂක භටයින් 1,270කට වැඩි පිරිසක් මැඩ්රිඩ් නුවරට යොදවා තිබෙනවා.


තරගවලට සහභාගිවන්නන් හා නරඹන්නන් මෙන්ම ස්පාඤ්ඤ රටවැසියන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ජාතික පොලිසියේ හා සිවිල් මුරකායේ නිලධාරීන් 2,000ක් මැඩ්රිඩ් නාගරික පොලිසිය සමග එක්ව සිටින බවට වාර්තා‌ වනවා.

 

9Tzi8ywRz924XE3uHaD6DZ3EfIdbOiYlvIROR5vlqUeRrexTocZGobKRJ9od gnk3B CeKTmTAsIjj6Q0YaYS9jMO9V4Fjca0LyaCORGxk3XW7X0jJCnzCkQ qdrDe1PGqQGVwjgQZnk144oryr9GiN600vw2YJjFMCq0hpnX0hEjLJfz7AEMtst8bNR2fpPuUhWUUkXxgKgWd3gots2I

තරගවලට සහභාගිවන්නන් හා නරඹන්නන් මෙන්ම ස්පාඤ්ඤ රටවැසියන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ජාතික පොලිසියේ හා සිවිල් මුරකායේ නිලධාරීන් 2,000ක් මැඩ්රිඩ් නාගරික පොලිසිය සමග එක්ව සිටින බවට වාර්තා‌ වනවා.

 

PSG ක්‍රීඩා සමාජයේ ප්‍රවේශ පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට පසුගිය දින කිහිපයේදී සයිබ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන්, ත්‍රස්තවාදීන් ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ කරන බවට බියක් මතුව තිබෙනවා.

 

මොස්කව් නුවර Crocus City Hall රංග ශාලාවට පසුගිය මාසයේ එල්ල කළ මාරක ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්තවාදීන් විසින් බාර ගැනීමෙන් පසුව ප්‍රංශය ද ඔවුන්ගේ ආරක්ෂක තත්ත්වය උපරිම මට්ටමට ගෙනැවිත් තිබෙනවා.

 

0324 Russia Crocus City concert hall with people Croppedමොස්කව් නුවර Crocus City Hall රංග ශාලාවට පසුගිය මාසයේ එල්ල කළ මාරක ප්‍රහාරය

 

මේ ප්‍රහාරය, 2015 වසරේ නොවැම්බර් මාසයේදී පැරිසියේ සිදුවූ ප්‍රහාරයට සමාන වනවා. එහිදී, ISIS ත්‍රස්තවාදීන් පැරිස් නගරය හරහා පහර දෙමින් පුද්ගලයින් 130 දෙනෙකු මරුමුවට පත්කර තවත් සිය ගණනකට තුවාළ සිදු කළා.


ඒ ප්‍රචණ්ඩ රාත්‍රිය ඇරඹුනේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ප්‍රංශය හා ජර්මනිය අතර Stade de France ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර තරගයට එල්ල කළ ප්‍රහාරයෙන්.

 

parisප්‍රංශය හා ජර්මනිය අතර Stade de France ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර තරගයට එල්ල කළ ප්‍රහාරය



එළඹෙන ගිම්හානයේ ජර්මනියේ පැවැත්වෙන ‘යුරෝ 2024’ පාපන්දු ශූරතාවලිය නැරඹීමට යන එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ට මේ අලුත් ත්‍රස්ත තර්ජනය ගැන දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

 

pol

 

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මැද පෙරදිග ලැබූ පරාජයෙන් පසුව ඔවුන්ගේ වඩාත්ම කුරිරු ප්‍රහාරය මොස්කව් හි දියත් කිරීමෙන් ISIS කුප්‍රකට කළු කොඩිය නැවත වතාවක් ලෙල දෙන්නට පටන් ගෙන තිබෙනවා.



සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්