පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින 100ක් ඉතිරිව තිබෙන අප්‍රේල් 17 වැනිදා පෙරවරු 10.00 ට අලුත් ප්‍රවේශ පත් නිකුත් කිරීමට

ඔලිම්පික් සංවිධායකයින් සැරසෙනවා.

සියළුම ක්‍රීඩා සඳහා සියළුම මිල ගණන් යටතේ සෑම තරග ස්ථානයක් සඳහා වන අලුත් ටිකට් 250,000ක් අලෙවිය පිණිස එදින අලුතින් නිකුත් කරන බව පවසන සංවිධායකයින් තව දින 100කින් ඇරඹෙන සිත් ඇද ගන්නා ක්‍රීඩා උළෙල වෙනුවෙන් සියළුම කටයුතු නියමිත පරිදි සිදු කෙරෙමින් පවතින බවට සහතික වනවා.

ප්‍රවේශ පත් සඳහා තිබෙන ඉල්ලුම ඉතා වැඩි බැවින් තරග නැරඹීමට උනන්දුවක් දක්වන ක්‍රීඩා ලෝලීන් ඉක්මන් කරන ලෙස 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන සංවිධායක ටෝනි එස්ටොංගේ (Tony Estanguet) දන්වා සිටිනවා.

 

ටෝනි එස්ටොංගේ


ජූලි 26 වැනිදා පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවය ළංවෙමින් තිබෙන මේ අවස්ථාවේ, සංවිධායක කමිටුව මුහුණ දී සිටින සංවිධානයේ හා ආරක්ෂාවේ දැවැන්ත අභියෝග ජය ගැනීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව එස්ටොංගේ පවසනවා.

“අපි සූදානම්. මේ අවසන් මාවතට අපි සූදානම්. අපි ලොකු විශ්වාසයක් හා සැහැල්ලු මනසක් ගොඩනගා ගෙන තිබෙනවා” යැයි ඔහු සඳහන් කරනවා.

 

paris1

බොහෝ විට ඔලිම්පික් සංවිධානයේදී ප්‍රශ්න ඇති කරන විශාලතම අභියෝගය වන්නේ ඉදිකිරීමේ කටයුතු වූව ද 2024 පැරිස් ඔලිම්පික් කණ්ඩායම එම ස්ථාන නියමිත කාලයට හා සමහර තැන්වලදී නියමිත කාලයටත් පෙර බාර ගෙන ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

“කාලසටහන අකුරටම පිළිපැද තිබෙනවා. එය අපට ලොකු සහනයක්” ඔහු කියනවා.


ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රංශය ඉහළ ම අනතුරු අඟවන මට්ටමේ සිටියදී ඔලිම්පික් ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව ගැන වගකියන ප්‍රංශයේ ආරක්ෂක සේවාවන් පිළිබඳව තමාට තිබෙන දැඩි විශ්වාසය ඔහු ප්‍රකාශ කර සිටියා.

 

zen

මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන ක්‍රීඩාංගණයකට පිටතින් ප්‍රථම වතාවට ඔලිම්පික් සමාරම්භක උළෙලක් පැවැත්වෙන සෙන් ගංගාවේ උත්සවය වෙනුවෙන් ආරක්ෂක සේවාවන්හි 45,000ක් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.


“අපට ප්‍රධාන ක්‍රීඩා ඉසව් සහ විචිත්‍රවත් තරගාවලියන් සංවිධානය කිරීමට අවශ්‍යයි. අපි කිසිවිටෙක මෙයින් පසුබැස නැහැ. අපි සැමවිටම නිර්භීතකම පෙන්වා තිබෙනවා” එස්ටොංගේ පවසනවා.

අප්‍රේල් 17 වැනිදා සිදු කෙරෙන ප්‍රවේශ පත් නිකුත් කිරීම තරග නැරඹීමේ ආසන වෙන් කරවා ගැනීමට තිබෙන අන්තිම ප්‍රධාන අවස්ථාව බවට අපේක්ෂා කෙරෙනවා.

මීට කළින් ප්‍රවේශ පත් නිකුත් කෙරුණු අවස්ථාවලදී ඒවායේ ඉහළ මිල ගණන් සම්බන්ධයෙන් විවේචන එල්ල වීමෙන් පසුව, අලුතින් නිකුත් කරන ප්‍රවේශ පත් ප්‍රමාණයෙන් භාගයක් යුරෝ 100කට අඩුවෙන් (‌ඩොලර් 108) අලෙවි කරන බව එස්ටොංගේ අවධාරණය කරනවා.

 

Screenshot 2024 03 04 at 6.36.28 AM e1709552267302

 

ජිම්නාස්ටික් වෙනුවෙන් ටිකට් 10,000ක් ද, පිහිනුම් ඉසව් වෙනුවෙන් ටිකට් 15,000ක් ද, ටෙනිස් සඳහා ටිකට් 12,000ක් ද, බීච් වොලිබෝල් වෙනුවෙන් ටිකට් 35,000ක් ද අලෙවියට තැබෙනවා. බීච් වොලිබෝල් තරග ක්‍රීඩා කෙරෙන්නේ අයිෆල් කුළුන ඉදිරිපිට තාවකාලිකව ඉදිකරන ක්‍රීඩාංගණයක.


මීට කළින් ප්‍රවේශ පත් මිලදී ගත් පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකක් ම ප්‍රංශ වැසියන්. නමුත් විවිධ රටවල් 150ක පුද්ගලයින් ද ටිකට් ලබා ගෙන තිබෙන බව සංවිධායක කමිටුව කියනවා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්