ඉතිහාසය නන් වැදෑරුම්ය. ඉතිහාසය අද ඉන්න තැන ඉදන් බලන්නට බැරිය. එය බැලිය යුත්තේ ඒ මොහොත තුලට ඇතුල් වීමෙන්ය. දැන් ඉතිහාසය තුලට හැමෝම ඇතුල් වන්නේ , එය තමන්ට පමණක් ඔබින සේ

දකිමින්ය. එම නිසා ඉතිහාසය ආන්තික මානවයා හදන විෂය බවට පත් කරන තේමාව වී තිබීම ඛේදනීයය. එක අතකින් ඒ ඔස්සේ භූමිය ඓතිහාසික කරණය කරයි. ඒ ඓතිහාසික කරණයෙන් භූමිය වෙන් කිරීම ලංකාවේ ඉමක් නැති තැනකට ගමන් කරමින් තිබේ. ඉතිහාසය විසින් රැගෙන එන යමක් වර්තමානය තුල පවත්වා ගන්නේ එය පවතින ශිෂ්ඨාචාරය විසින් පරිභෝජනට පරිහරණය සහ භාවිතාව මෙන්ම ඒ ඔස්සේ මානව ජීව පැවැත්ම පවත්වා ගන්නා පරිදිය.

මේ කරුණ ගැන සිත් යොමන තැනට ලංකාවේ සමාජීය මත කේන්ද්‍රය ඇවිල යෑම හොදය. ඒ හොද තේමාව, යලි ආන්තික තේමාවට ගමන් කිරීම ඒ හොද කම යටපත් කරයි. එනම් ඉතිහාසය මෙන්ම පුරාවිද්‍යාව මැදින් වාර්ගික රේඛාව ඇද දැමීමය. දැන් බැලිය යුත්තේ පුරා විද්‍යාවට වර්ගය කුලය ජාතිය ඇතුල්වී ඇති සැටිය. ඒ වගේම පුරාවිද්‍යාවට ජන ශුණ්‍යකරණය ඇතුල් වන ආකාරයයි.

13.jpg
මේ ගැන සොයන විට හමුවන ස්ථානීය සබඳකම් පසෙක දමා කථා කිරීම අපහසුය. එය මේ විදියට ලිහා ගැනීම හොදම විදියය. ඒ කියන්නේ යාල මහ වනය මැද බොහෝ පුරාවිද්‍යා භූමීන් පවති. ඒ අර්ථයෙන් එය වන සතුන්ගෙන් ශුණ්‍ය කල නොහැකිය. එමෙන්ම එය අම්බලන්තොට රම්බා විහාරය හෝ දළදා මාළිගාව දක්වා පොදු කථාවකි. මේ රම්බා විහාරය, අම්බලන්තොට ගොඩනගන ජාත්‍යන්තර වරාය සමඟ ගොඩනැගී තිබූ බෞද්ධ අධ්‍යාපන පියසකි.

ඒත් අම්බලන්තොට නගරය නූතන යුගයේ වර්ධනය වන්නේ එහි වපසරිය තුල මහජනකරණය සිදුවීමෙන්ය. එය ජනවාර්ගික ප්‍රතිවිරෝධතාවයකට අදාල සිදුවීමක් වූයේ නැත.

දළදා වහන්සේ වෙත නොබෝදා ඇහැලේපොල වලව්ව පූජා වන්නේය. එයට ප්‍රසාදය නොනගන පිරිසක්ම එක්විටම කුරුන්දි විහාරය අවට මහජනතාවට හිමිව තිබූ පුද්ගලික ඉඩම් දෙමළ ජනයා අතට පත්වීම ප්‍රශ්ණ කර ගනී. මේ පුරාවිද්‍යා නියමයන් හා ඒ ඔස්සේ වන ජන නියමයන් පුදුමාකාර ලෙස වාර්ගික වාදය ඇතුලේ ස්ථානගත වීමම සිදුකර ගත් ඉතිහාසවාදය හානියකි. එනම් මේ තුලින් වන්නේ ලාංකික ඉතිහාසයේ භූගෝලීය මර්මස්ථානයන් වඩා නවීන ලොව තුල සමාජීය නොවන සේ  වනගත වීමය.

එයින් සිදුවන්නේම එම ඓතිහාසික මානව නිර්මිතයන් ලොවෙන් වසන්ව යෑමය. නොවේ නම් ලංකා ඉතිහාසය තනිකඩව මේ විධියට  නවක මං නොදරා යන්නේ නම් එය තහවුරු කර ගන්නේ ජන වර්ග අන්තවාදයම පමණි. ජන වර්ග අත්දැකීමෙන් ඔබ්බට භූමියේ රේඛාව යන කරුණ ඉතිහාස නිර්මාණය කල ජනතාවට හිමි නොවේ නම් එය ජනතාවගේ ඉතිහාසයෙන් පලා යන්නේය.

 the buddhist temple at kandy ceylon

 ලංකාවේ ඉතිහාසය බෞද්ධයන් විසින් නිර්මාණමය වේශය ලබාදුන් පුමුඛතාවයේ ප්‍රථිඵලයක් බව සැබෑවක්ය. එවිට එම බෞද්ධත්වයට බහුවාර්ගිකත්වය පොදු තේමාව වී ඇති බව අමතක කරයි. දෙමළ  සිංහල දෙවර්ගයේම බෞද්ධයෝ පිබිද නිර්මිත කල ඉතිහාසයක් ඇති බැවින් එයට දෙමළ සිංහල හා යෝනක ආදි අනෙක් ජනයන්ගේ ඒකතුවීම් වලද  වටිනාකම්  ඇති බව ඉතිහාසයටම අදාලය. ලංකාවේ ප්‍රමුඛතම ශිෂ්ඨාචාරමය නිර්මාණ බිහිවන්නේ බෞද්ධයන් තුලය. කෙටියෙන්ම කියන්නේ නම් නූතන භික්ෂූ සසුනද, දළදා මාලිගාවද ද්‍රවිඩ බෞද්ධ රජුන්ගේ නිර්මාණයන්ය.

එසේ නම් එහි ද්‍රවිඩ පංගුවට හිමිකාරිත්ව ලබා දීමට එරෙහිව සිංහල බෞද්ධයන්ගේ සටනක් ඉතිහාසයේ කිසි කලෙක තිබුනේ නැති තරම්ය. දෙමළ බෞද්ධයන් තම නිර්මාණ ඉතිහාසය ආරක්ෂා කර ඇති බව තහවුරු වන්නේ ලංකාවේ ද්‍රවිඩ බහුතරය තුල වාර්ගික අන්තවාදයට බර තැබූ ත්‍රස්තවාදී ව්‍යාපාරයක බලය තිබියදී පවා එවා ආරක්ෂා වී තිබීම තුලය. කොහෙමත් ජනතාව තමන්ට ඉතිහාසයෙන් උරුම වූ දේ ආරක්ෂා කර ගත් බව පෙනේ. එනමුත් ජනතාවගේ ජීවිත පැවැත්ම සක්‍රීය කර ගැනීමට ඉතිහාසය බාධාවක් වේ නම් ජනතාව එම ඉතිහාසයට පිටුපා යන්නේය.

ලංකාවේ සිංහල ජන තීරුව නිරිත දිග බලා සංක්‍රමණය වීමට පටන් ගන්නේ ක්‍රි.ව 12 සියවසේ සිටය. ඔවුහු යලි උතුර බලා යාමට මැලි කමක් දක්වයි. සියවස් 10 කට වඩා නිරිත දිග සරු තැනිතලා හා කඳුකර වාස භූමි කරගත් සිංහලයන් බහුතරය එම භූ කලාපයට සීමාව සිටින බවක් තමන් තුලම ඇතැයි කල්පනා නොකරයි. ඒ ගැන සිංහලවාදී ව්‍යාපාරයන්ද නිහඩය. සිංහලයන් ස්වභාවයෙන් උතුරු නැගෙනහිර දිවියක් ගත කිරීමට මැළිවන අතර ඒ ගැන මතුව ඇත්තේද වැරදිමය.

එනම් එම ප්‍රදේශ වල ඓතිහාසික භූමින් අසිංහලයන් ආක්‍රමණය කරන බවය. මේ චෝදනාවට ඇත්තක්ද ඇතැයි මතුපිටට පෙනේ. නමුත් මේ ජනපද වල පදිංචි වන්නේ ලාංකිකයන් මිසක පිටස්තරයන් නොවේ. ඒත් ප්‍රශ්ණයේ විශාල පංගුව ඇත්තේ එතැනම නොවේ. සිංහල සමාජය නැගෙනහිර හා උතුර තුල පැතිර යාමට දක්වන නිද්‍රාශීලී හැඟීම් තුළය. එය වසන් කර ගැනීමට ඇති බලවත් ආයුධය බවට දැන් පුරා විද්‍යා නියමය මුවා කරගෙන පැවතීම අතිශය කණගාටුදායක තත්වයකි.

තමන්ගේ රට අනුන් අල්ලාගෙන ඇතැයි මානාධික මනෝභාවයක් සිංහල හිස තුල පැළ පදියම් කරගෙන පවතින අතර, එම නිසා සිංහල සමාජයට තමන්ගේ ප්‍රශ්ණය යටපත් වී අනෙකාගේ ප්‍රශ්ණ මතුව පෙනේ. මෙය ලංකාවේ පුරාවිද්‍යාව කරාද ගමන් කර අවසන්ය. ඉතිහාසය මෙන්ම ඓතිහාසිකත්වය  ගොඩ නැංවෙන්නේ ජනතාව තුලින්ය. ජනතාවට ජීවය පවත්වා  ගැනීමට දායක නොවන්නේ නම්, ජනතාව ඒ ඉතිහාසයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරයි.

image 938e279a55

 ලංකාවේ සිංහල බෞද්ධයන් නිදන් මංකොල්ල කරුවන් අතර බහුතරය වේ. ඒමෙන්ම ඉතිහාස ගත ඓතිහාසික  පුරාවිද්‍යා භූමින් නිදන් මංකොල්ලයට භාවිතා කරන බහුතරය අතර ප්‍රමුඛවී ඇත්තේද බෞද්ධයන් භික්ෂූන් වහන්සේලා බවට අධිකරණ වාර්තා තහවුරු කරයි. දෙමළ ජතිකයෙකු අතින් පුරාවස්තු වලට හානි වූ විට එයට කෝප වන මහ ජාතියක ආවේශකයන් වේ. ඒත් තමන්ගේ ජාතිය විසින් පුරාවස්තු මංකොල්ල කන විට එය ගැන සමාජීයව මුනිවත රකින්න තරම් ප්‍රශ්ණය පුදුමාකාරය. එබැවින් ඉතිහාසය රැගෙන යායුත්තේය. එය එසේ ගොඩ නැගෙන්නේ ජනතාව සමඟය. එය පවතින්නේ නුතන රූපක ලබා ගන්නේද ජනතාව සමඟය. කලෙක නාගයන්, යක්ෂයන් ප්‍රතිවිරුද්ධ ජන වර්ගයන්ය. අද ඒ දෙගොල්ල එකට එකතුවී සිංහල හෝ දෙමළ නම් පොදු ජාතිය ඇතුලේ ජීවත්වේ. සිංහල දෙමළ කවර ජාන කථාවක වුවද ගලායාම ඒ දහමට අදාලය. ඒත් මේ සෙබාදහමේ මුසුවීම වැලැක්වීමට ආගමට අමතරව පුරාවිද්‍යාව භාවිතාවට ගැනීම අතිශය භයංකරය. එම තත්වය ලංකාවේ සබුද්ධිමය ඉතිහාස සඵලතාවය ඛණ්ඩනය කර දමන මාරක විරේකයකි.

 

ඉන් අත්මිදිමට නම් වග බලා ගත යුතුය. මේ සඳහා හොදම උදාහරණය ක්‍රි. ව 283 අවුරුද්දය. එම කාලයේ රෝමයේ වෙළඳ බලය ආසියාවේ මැද ස්ථානයක් සොයමින් තිබුණි. ලංකාව, චීන භාරත ජාවක බලයට මුහුණ දීමට නැගිටින තැන සොයාගෙන තිබුණි. ඒ මහසෙන් රජ අනුරාධපුර මහමෙවුනා මහාවිහාර රක්ෂිතයේ නැගෙනහිර ද්වාරය හෙලි කරමින් ත්‍රීකුණාමලය දක්වා වෙළද නගරයක් නිර්දේශ කිරීමෙන්ය.

මහා විහාර භික්ෂූන්ද මේඝවර්ණ ඇමතිද වහා මතවාදී යුද්ධයක් ආරම්භ කලේය. ඒ පෞරාණික උරුමයන් සහිත ඉඩම් නිදහස් කිරීමට එරෙහිවය. සැබැවින් එම වන තීරය බුදුන් වහන්සේද මහමිහිඳු හිමි මෙන්ම දස දහස් ගණන් යතිවරුද පරිහරණය කල ලංකාවේ අතීත ජන පරපුරක පරිහරණ ඉතිහාස භූමියය. ඒත් ඉතිහාසය පවතින්නේ වර්තමාන පවතින විට පමණි. වර්තමානය පවතින්න නම් ජනතාව ජීවත් කල යුතුය. රාජ්‍යය ඒ සඳහා පොහොසත් විය යුතුය.

මහසෙන් රජ නිර්භීතව මහවිහාර මහමෙවුනා වන තීරයේ නැගෙනහිර ද්වාරය නගරයායක් බවට පත් කරන්නට විය. මහසෙන්ට එරෙහිව මාරක යුද්ධයක් දේශපාලනිකව පැතිර ගියේය. එය ථෙරවාද  මහායාන බෞද්ධ ප්‍රතිරෝධය දක්වා පැතිර යන්නේය. සිදුවූයේ මහසෙන් රජු නොසැලී තම ගමන යමින් ලංකාව යලි සුවිසල් ආර්ථික පුනරුද රාජ්‍යයක් ලෙස නැගිටුවන්නට සමත්වීමය.

මහසෙන් විරෝධීව වූ මේඝවර්ණ සහ මහා විහාර භික්ෂූන්ද කැරළිකාරී ජනතාවද මහසෙන් සමඟ තිබූ ප්‍රතිවිරෝධය අවසන් කලේය. යලි කිසිවෙක් මහාවිහාර මහමෙවුනා පුරාවිද්‍යා භූමිය ගැන කතිකා ගත නොකලේය. එලෙස එළිවූ භූමියේ ඉදිවූ ජේතවනාරාමය අද අපට ඇති ලෝක උරුම මහා පුරාවිද්‍යා භූමියයි. හෙට හැදෙන්නේ ඉතිහාසයේ එක යුගයක් උඩ තව යුගයක් නිර්මාණය වීමෙන්ය. ඉතිහාසය යනු එයයි.


Sujith 2021
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්