යුගයක් ක්‍රමයක් මෙන්ම විදියක් අවසන් වූයේය. ඒ පොළොන්නරු යුගය නිමා වීමෙනි. පොළොන්නරු සමය අවසන් වූයේ මන්ද. මේ ගැන සිතීමට තරම් දෑ බොහෝය. අනුරාධපුරය යුගයක් සේ අවසන් වූයේද රාජේන්ද්‍ර

චෝලගේ නව දේශපාලන තීරණය සමඟය. ඒ ඔහු අගනගරය පුලතිසි නුවරට හෙවත් පොළොන්නරුවට රැගෙන ගිය බැවිණි. රාජේන්ද්‍ර චෝලගෙන් පටන්ගත් පොළොන්නරු රාජධානිය ක්‍රි:ව: 1214 දී කාලිංග මාඝට යටත් වූයේය. ආක්‍රමණික රාජ්‍ය නායකයෙකු ආරම්භ කළ පොළොන්නරු අගනගරය ආක්‍රමණික රාජ්‍ය නායකයෙකු යටතේම අවසන් වීම අමුතු කථාවකි. ඒ යටත් වීමෙන් ශ්‍රී ලංකාව නිදහස් වන්නේ පොළොන්නරුව අතහැර දමමින්ය. එසේ නම් පොළොන්නරුව අතහැර දමනුයේ කිමද. මේ ගැඹුරට සොයා බැලිය යුතු දෑය. කොහොමින් හරි පොළොන්නරුවෙන් පසු ආරම්භ වන දඹදෙනිය, යුගයක් සේ බබලන්නේ සිංහල සාහිත්‍යයේ අභිරමණීය බිහිවීම් සමඟය.

එවිට කල්පනා කොට බැලිය යුත්තේ දඹදෙණිය සමය අභිරමණීය භාෂා නැගිටීමක් සිදු වන්නේ කෙසේද කියාය. මේ විධියට බැලිය යුතු තැනදී හමු වන්නේ සිරි පැරකුම් හෙවත් දෙවන පරාක්‍රමබාහු (ක්‍රි:ව:1234 -1269) රජුගේ කව්සිළුමිණය. කව්සිළුමිණ සිංහල ගී කාව්‍යය සම්ප්‍රදායේ උතුරාලන ශෘංගාරාමය, විශිෂ්ඨතම, ප්‍රශස්තම නිර්මාණයය.

Parakaram b 2024

 සතුරු ආක්‍රමණයන් පරාජය කිරීම සඳහා බලවත් සන්නද්ධ නැගිටීම් සිදුකල සමාජයක් තුල මෙසේ බලගතු නිර්මාණ මතුවූයේ කෙසේද. දෙවන පරාක්‍රමබාහු රජු රාජ්‍ය නායකයා ලෙස ශෘංගාරාත්මක කාව්‍යයකින් තම රාජ්‍ය යුගය ප්‍රභා සම්පන්න කලේ කුමන හේතුවක් මතද. එය පෙන්වාලන්නේ සතුරන් පරදවාලීමට භාවිතා කල යුධ භාවිතාවන් හා යුධ මනෝභාවයන් ඉක්මණින්ම ජාතික මනසින් ඉවත් කිරීමට ගත් වෑයමකි. අන් අතකින් ශෘංගාරමය පහස අහිමිවීමෙන් මුකුලිතව තිබූ සිංහල කාව්‍ය මාර්ගය සජීවී කරලීමේ භාවානුරාගික සාහිත්‍ය ශානරයේ නැගී ඒමයි. ශෘංගාරමය හැඟීම් වලින් ස්වකීය ජනතාවට නැවත ජීවිතය ගෙන දීමේ ජනහිතකාමී නායකයෙකුගේ භූමිකාව ශ්‍රී ලාංකික දේශපාලනයෙහි හමුවන සුවිශේෂී මොහොතක් සේද මෙම මොහොත ගත හැකිය. විශේෂයෙන්ම කාලිංග මාඝගේ රාජ යුගය භීෂණමය යුගයකි. එවන් අති අමානුෂිකත්වයෙන් යුතු ආක්‍රමණික යුගය පරදවාලීම රණකාමී වශයෙන් සුවිශේෂී ජයග්‍රහණයක්ය.

නමුත් දෙවන පැරකුම් රජ අති මානුෂික භාවයෙන් යුතුව ලංකා සමාජයහි යුධ මානනය දුරු කරලීමේ මෙහෙවරක් "කව්සිළුමිණ "ඔස්සේ මතු කර තබයි. කව්සිළුමිණ අරභයා කෙරී ඇති සාහිත්‍යමය වාග් විද්‍යා විවරණ බොහෝය. එමෙන්ම එමඟින් සිදුකර ඇති භාෂා බලපෑම් ගැන කෙරී ඇති කතිකා බොහෝ සෙයින් හමුවේ. ඒත් රාජකීය පාලකයෙකුට රමණීය ශෘංගාරමය කාව්‍යයක් මෙවන් යුගයක රචනා කරන්න හේතු වූ සමාජ දේශපාලන නිමිති භාවය කුමක්ද. ඒ ගැන කතා කෙරීම නැත. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සේ දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන කෙරී ඇති මතු කිරීම් බොහෝය. එහෙත් මෙම කරුණ ඔස්සේ ඔහු ගැන එබී බැලීමක් වී නැති තරම්ය.

ජනයා යුද්ධ ජයග්‍රහණ හෝ ඒ ඔස්සේ මතුවන ස්වාභිමාණී දේශප්‍රේමයේ ගිල්වා තබා ගැනීමට රජු ක්‍රියා කරම නැත. ඔහුගේ මුළු මහත් පාලනය හා පාලන විධි ක්‍රමය එය කදිමට පෙන්වා දේ. අනෙක් අතින් යුධ ජයෙන් මතුවූ දඹදෙනි යුගය සෞන්දර්යමය සාහිත්‍ය වේශය සහිත පුනරුදයකට රැගෙන ගිය අයුරු කථිකා කල යුතු තරම් වැදගත්ය. දේශප්‍රේමය හා ජාතික වාදය අතර ජනහිතකාමීත්වයේ මායිම් කදිමට වටහා දෙන දෙවන පරාක්‍රමබාහු රජුගේ "කව්සිළුමිණ" ඒසා වැදගත් වන්නේ මේ නිසාය.

Unknown
මේ කරුණින් එබී බලා සෙවිය යුත්තකි. එනම් සිරිපැරකුම් හෙවත් දෙවන පරාක්‍රමබාහු රජුගේ මනෝ චෛතසිකය තුල මෙවන් නිර්මාණ වේෂයක් මතුවූ සැටිය. එය ඔහුගේ ආල නුරා භාවයන් වල මනකල් ප්‍රතිරාවයද. නොවේ නම් ජන සමාජය යුද වාර්ගික භේද විභේදනයෙන් ගලවා ගැනීමට ඇති මාවත සේ මතුවූ නිර්මාණ බීජයක්ද. එසේත් නැතිනම් තම පුද්ගල භාව නුරාවෙන් උපන් හැඟීම් තත්කාලීන සමාජ භාවිත වේ දියුණු ප්‍රතිසංධියක භාවිතා කිරීමක්ද . මේ කරුණු සියල්ල එකට එක්ව ඇති බව සැබෑය. එහිදී දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් තම පූර්වගාමියෙකු වූ පළමු සේන රජතුමා සියබස්ලකර කෘතියේ කෘතිගත කල කරුණු ගැනද අවධානය යොමු කර ඇති බව පෙනේ. සියබස්ලකර, බුදුසිරිතට අදාලව පමණක් ගද්‍ය පද්‍ය නිර්මාණය කල යුතු යැයි අණ පැනවීය.

එයම පසුව සිංහල භාව සාහිත්‍ය, හැඟීම් කිව නොහැකි සිර ගෙයකට කොටු කලේය. මෙම සිරගෙය පුපුරුවාලූයේ සැබැවින්ම දෙවන පරාක්‍රමබාහු රජතුමාය. රජ තෙමේ ස්වකීය කාව්‍ය භාෂාව තනාගන්නේ සියබස්ලකර තහනම රකිමින් ශෘංගාරමය භාව හැඟීම් සමඟය. මෙම ශූරත්වය පෙන්වන්නේ ඔහුගේ සාහිත්‍ය නිපුනතාවය සහ රාජ්‍ය තන්ත්‍රිකයෙකුගේ සහෘදත්වයය.Kawusilumina

 

 ඒ අනුව රජු කව්සිළුමිණ බුදු සිරිතට අදාල කුස ජාතකය තේමා කර ගනිමින් ලියන ශෘංගාරමය නිර්මාණයක් සේ පද බඳියි. නිමක් නැති තරම් භාව නීලයන් ප්‍රමෝද කලාපයට රැගෙන යන රජුගේ මෙම නිර්මාණය තත්කාලීන දේශපාලනයට කළ බලපෑම දෙසට දෑස් හැරවිය යුතුය. රාජ්‍ය නායකයෙකු ස්වකීය නිර්මාණය, සරාගීමය ශික්ෂණ භාව ලීලාවෙන් මනමත් කරමින් කල ජාතික ජනතා න්‍යය වටහා ගත යුතුය. ඉතිහාසය හංගා තබා ගන්නා බොහෝ තැන් ලිහා රිංගා විවර කර ගත යුතු ජීවන උවමනාවන්ය. මේ එවන් තැනකි. රණ ඝෝෂාවේ ඔබා තැබූ දෙවන පරාක්‍රමබාහු රජ භාව ලීලාවේ ලාල ලෝලයෙන් ගෙන බැලිය යුත්තේය. ඒ ඔහු ලියා ඇති මෙම රස පිරි පද වියමන් මැදින්ය.

Screenshot 2023 08 05 at 3.15.06 PMසාහිත්‍ය රස කාමීත්වයෙන් යුතුව කව්සිළුමිණ ගී කාව්‍ය පද බඳින දෙවන පරාක්‍රමබාහු රජුගේ ව්‍යායාමයේ දේශපාලන අරුත කුමක්ද. ඒ වගේම ඔහුගේ හද ගැබ නින්නාද වන ආල නුරා ව්‍යංගර්ථය කවරක්ද. මේ පැති දෙකම දැකිය යුතුය. ඒ කව්සිළුමිණ ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍ය දොර සීගිරියට පසු හැර දැමූ මහ වියමන නිසාය. ක්‍රි.ව 9 වන සියවසේ සේන රජුගේ පද තහනම නිසා සියවස් හතරක් සිරගතව තිබූ භාව ලෝලයට යලි නිදහස පිණිස මග මාවත වූ නිසාය. ඒ යුද රණ කාමයේ ඔත්පල ව්‍යාජ අන්ධ ආගමික භක්තිය නිමා කරමිනි. ග්‍රාම්‍ය ගැමි වාදයක සිරවූ ශ්‍රී ලංකා සමාජයට පුනරුදයේ නවීකරණ සිහිනයක් වෙමින්ය.


එබැවින් දෙවන පරාක්‍රමබාහු රජුගේ ව්‍යායාමය දෙසට විචාරක්ෂය යොමා බලන්න අවශ්‍යය. ඒ රස සාහිත භාවයේ සේම රාජ්‍ය තාන්ත්‍රික දේශපාලන සමාජීය හා දර්ශණ මතමාන විෂයන්ද ඔස්සේය. කව්සිළුමිණ ලාංකිකයන්ගේ දීර්ඝ ලෞකික පිපාසාවකට දුන් පිළිතුරක් බව සැබෑය. ඒ වගේම රජු අභියස තිබූ සමාජය, දීර්ඝව කාලිංඝ මාඝට යටත්ව හෙම්බත්ව තිබී, යුධ ජයකින් අවධිව තිබූ සමාජයකි. එමෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ බරපතල රාජ්‍ය දේශපාලන මුසුවීමක් ප්‍රතිනිර්මාණය වී තිබූ මොහොතකි. ඒ අරාබි පර්ශියානු මුස්ලිම්වරු විසින් ශ්‍රී ලංකා රාජ්‍ය වෙත කැන්දා ගෙන එන වානිජවාදයේ ගලා ඒමය.

 

 එසේම බ්‍රාහ්මණ සමාජ බල මුළු වල සංස්කෘතික බලපෑම්ය. මේ දෙකම සතුරු බලපෑම් නොවී සංස්කෘතික කලාත්මක පර්ෂද සහිතව මතුවී ඇති බව පෙනේ. නමුත් අස්කර් වත්හිමි කුමරු රජ කරවීමට ගත් ව්‍යායාමය විසින් දඹදෙනිය කැළඹේ. ඒ කියන්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ පියා වූ තුන්වන විජයබාහු රජතුමාගේ ආල බිසෝවරු අතර ප්‍රථම පුතු බිහි වන්නේ පර්සියානු අරාබි ඉස්ලාමීය බිසවකගෙනි. දෙවන පුත්‍රයා වූ දෙවන පරාක්‍රමබාහු සිංහල බිසවගෙන්ය. මේ ප්‍රපංචය කුඩා දෙවන පරාක්‍රමබාහුට කර ඇති බලපෑම් කව්සිළුමිණ තුලින් සියුම්ව පෙනේ. පසුව අස්කර් වත්හිමි කුමරු වංශයේ යුවරජ වන අතර ඔහු කිරුළ කරා එන්නේය. 

ඔහුට දළදා වහන්සේ අත පත්වීම වලකා අභිරහස්ව ඝාතනය වීමෙන් පරාක්‍රම කුමරාට රාජ්‍ය හිමිවේ. අස්කර් වත්හිමි රජ ඝාතනය පිටුපස ඇවිදමින් ඇත්තේ රණකාමයේ මනෝභාවයයි. අස්කර් වත්හිමි කුමරුගේ ආලවන්තියන් පරාක්‍රම කුමරාව ප්‍රතික්ෂේප කරන්නේය. පරාක්‍රමබාහු කුමරු ගැමි ආලවන්තිය රජ කිරුළ දරා අඟ බිසව කරගත්තේය. ඔහුගේ කව්සිළුමිණ ගී කාව්‍ය තුළින් මේ ආත්මීය සෙවනැල්ල සියුම්ව පෙනේ. කිසි විටෙක ඒ ගැන කථිකා කළාපයේ විවරණ නැත. අන් අතකින් එම සමයේ අති භක්තිමය ආගමික උමතුවකින් ලක් බුදු සසුන පිරිහී තිබුණි.

බුදුන් වදාල දහම ලෞකික විරෝධී තපස්වාදයක් සේද අරුත් ගන්වා පුද බලි පූජා වලින් පිරුණු ආගමික සැරසිලි වලින් ජනතාව අන්ධ කර තිබුණි. ලෞකික උද්යෝගය පිරිහී තිබුණු රටක මේ සියල්ල රාජ්‍ය නායකයා ලෙස දෙවන පරාක්‍රමබාහු රජුට නිර්මාණවේ‍්ෂයට තිබූ වටපිටාවය.

ඔහු අති ප්‍රශස්ත ගී කාව්‍යක පෙළහරින් ශ්‍රී ලාංකික සමාජය සාහිත්‍ය යුගයකින් නංවාලීය. දෙවන පරාක්‍රම බාහු රජුගේ කව්සිළුමිණ නොවන්නට සිංහල හද බස කිසිකලෙක නැගී නොසිටින්නට තිබුණි. බුදු දහම සහමුලින්ම දේව ආගමක් සේ වැසී යන්නටම ඉඩ තිබිණි. ඔහුගේ භාව භාෂා ප්‍රභාතය සහ ප්‍රණීතය නිසා ආශාවන් ප්‍රහීන කළ යුත්තේ ආශාවන් වින්දනය කර ගැනීමෙන්ම බව තහවුරු විය . සැබැවින් දෙවන පරාක්‍රමබාහු රජුගේ කව්සිළුමිණ ලංකා දේශපාලනයට බුදු බණ හා ලෞකික භාව අතර සබෑ සහබැදීම සනාත කල කෘතියය.

 
 
Sujith 2021

(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්