ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ ප්‍රඥාවේ සමාන භාවය කදිමට නිරූපනය වන්නේම බුද්ධ ශාසනය තුළය. තථාගතයන් වහන්සේ ධරමාන කාලයේම අසූමහා ශ්‍රාවකයන් සේම අසූමහා ශ්‍රාවිකාවන් සේ ස්ත්‍රීන්ද නම් කරයි.

ඒ කියන්නේ තථාගත දහම තුල නිවන සාක්ෂාත් කල ඉහලම පුරුෂයන් හා ස්ත්‍රීන් 160 මෙසේ නම් කර ඇත්තේ බුදුන් වහන්සේමය.

මෙම උදාහරණය විසින් පසක් කර දෙන්නේ "නිවන" ලෙස මානවයාට ලබාගත හැකි ඉහලම ඥාණමය පසක් කිරීමට ස්ත්‍රී පුරුෂ භේදයක් නැති බවය. ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් හා ශිෂ්‍ය දියණියන් විසින් ලබාගත් නිවන අවබෝධමය වශයෙන් ස්ත්‍රී පුරුෂ ලෙස උස් පහත් නැති වගය. ඒ කියන්නේ ස්ත්‍රී වූ පමණින් නිවන්ගාමී මහ රහත් තෙරණියන් පුරුෂ  මහ රහතුන් ගේ පහලින් බුදුන් වහන්සේ තබා නැත. නිර්වාණ ගාමීන් සම පෙළේ නම් කරමින් බුදුන් වහන්සේ තහවුරු කරන මෙම ප්‍රඥාවේ සම ඇගයීම සහ ප්‍රභවය දෙස හැරී බැලිය යුතුවේ.

ඒ හැරී බැලීම ඉතිහාසය අළුතින් පරීක්ෂණාගාරයට කැඳවන්නට හේතු වන වියමන්ය. ඒ නිසා දැන් බැලිය යුත්තේ ස්ත්‍රී මහරහත් උත්තමාවියන් දෙවැනි පෙළට ඇද වැටෙන්නේ කෙසේද කියාය. මේ බැල්ම බලන්නට හේතු නිමිති පාදක වන්නේ තථාගතයන් වහන්සේ පරිනිර්වාණ සමාපත්තියට පාත්‍ර වූ සැනින්ය. මේ සඳහා හේතුවන මූලික හේතුව සැබැවින්ම කවරක්ද.

MV5BOTA2M2MxZWItZjBjOS00NDFlLTg5ODQtZjllNzlhNDM5YTFiXkEyXkFqcGdeQXVyNDcwMTM2OTk. V1

 වෙසෙසින්ම ගෞතම තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය තමන්ට දක්නට වරම් ඉල්ලා ස්ත්‍රීන් කරන ඉල්ලීම වැදගත් කථාවක පදනමය. එමෙන්ම බුදුන් වහන්සේගේ දේහය පුරුෂ නිමිත්ත සහිතව  දැක බලා ගැනීමට ස්ත්‍රීන් ආයාචනා කරන්නේද මේ සමඟය. ඒ සඳහා මුල් වන්නේ ආනන්ද හාමුදුරුවන්ය. ඒ මුල් වීම නිසා උන්වහන්සේ මහත් චෝදනාවටද ලක් වූයේය. එවිට ප්‍රශ්ණයකි. එනම් ගිහි ස්ත්‍රීන් සහ ස්ත්‍රී පැවිද්දන් මෙම ඉල්ලීම ස්ත්‍රී මහරහත් වරියන්ගෙන් ඉල්ලා නොසිටියේද යන්නයි.


ස්ත්‍රිය කෙරෙහි බුදුන් වහන්සේද දෙවන පෙළ හැඟීමකින් කටයුතු කොට ඇතැයි විටෙක තර්ක කරන්නන්ද වේ. ඒ ස්ත්‍රී පැවිද්ද සම්බන්ධව පැනවූ අෂ්ඨ ගරු ධර්ම මුල් කරගෙනය. සැබැවින්ම එම කරුණු පැනවීම ගැන විවාදයන් අතර, එය මුල් බුදු දහමින් පිට අදහසක් බවටද මතයකි. කෙසේ නමුත් අෂ්ඨ ගරු ධර්ම බුදුන් වහන්සේ පනවා ඇතැයි පිළිගනී. එසේ පිළිගත්තද එහි ස්ත්‍රිය දෙවන පෙළට දැමීමට හේතුවන කිසිවක් නොවේ.

ලෝක සම්මුතිය අනුව ස්ත්‍රියගේ පැවැත්ම පැවිද්ද තුල වඩාත් ආරක්ෂාකාරී වන තත්වයට පත් කිරීම එමඟින් මතුවී පෙනේ. කෙසේ නමුත් ප්‍රශ්ණය වන්නේ බුද්ධ පරිනිර්වාණය සිදුවූ සැනින් එවන් පහත හෙලා දැමීමක් ස්ත්‍රී රහත් උත්තමාවියන් පිලිබඳ සිදුවූ බවට අනුමාන වී සනාථ වන කරුණු බොහෝය. බුද්ධ සිරුර ආදාහනය කරන දිනයේ සිට ත්‍රිපිටක වර්තා වල මේ පිළිබඳ ඇති තතු අධ්‍යයනය කල යුතුය.

Budha 20231

එම හැදෑරීම තුලින් වැදගත්ම වටිනා කරුණ නම් ස්ත්‍රී රහත්වරියන් ප්‍රථම ධර්ම සංඝායනාවට වැඩම කරවන්නේ නැද්ද යන්නය. එය දෙවන සංඝායනාවට මෙන්ම තුන්වන සංඝායනාවටද පොදුය. තුන්වන ධර්ම සංඝායනාවෙන් සම්මුතිගත ත්‍රිපිටක  බුද්ධ භාෂිතය තුල කිසි විටෙක ස්ත්‍රී රහත් වරියන් මකා නැත. නමුත් පුරුෂ රහතුන් සංගෘහිත කොට තහවුරු කල සංඝායනාවන් තුලට බුදුන් වහන්සේ සමඟ සමිපව කටයුතු කල මහ රහත් තෙරණියන් සහ එම තෙරණියගේ ශිෂ්‍යාවන් වඩමවා නොගන්නේ මන්ද.

මෙහිදී වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ තුන්වන ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයකින් ඇතිවූ සාසන උදානය සංඝමිත්තා රහත් තෙරණිය ගෙන් මතුවීමය. ඇය සිරිලක් ස්ත්‍රී සාසනය පිහිටුවාලන බව අපි දනිමු. නමුත් ඇය ශාසනගත වන විට වැඩ සිටි ස්ත්‍රී මහ රහත් වරියන් අශෝක අධිරාජයා සහ මෝගලීපුත්ත තිස්ස මහරහතුන් විසින් තුන්වන ධර්ම සංඝායනාවට වැඩමවාගෙන නැත්තේ ඒ කුමන හේතුවක් නිසාද?.ඒ මන්ද. ස්ත්‍රී මහරහත්වරියන් ඥාණ ප්‍රඥා සමාධි අවබෝධයෙන් පුරුෂ රහතුන් සමඟ සම පේළියේ බුදුන් වහන්සේ තබා තිබියදී එසේ නොවුනේ මොන හේතුවක් මතද.

image 1512149843 46fff8fb2f
දහම පිළිබඳ මතු වූ විවාදයන් මත පුරුෂ රහතුන්ම එක්වී නිකාය විභේදන ඇතිකර ගෙන ඇත. ඒ බුදුන් වහන්සේ වදාළ ධර්මය  අර්ථ කථනය පිළිබඳ පැවති මති මතාන්තර මතය. ඒත් ස්ත්‍රී මහරහත්වරියන් මෙවන් කරුණු වලදී නිහඞව සිටියාද. තවත් ගැඹුරට බැලිය හැකිය. ඒ කියන්නේ මතවාද අර්ථ කරුණු මත ශාසනය නිකාය භේද ගත කරන්න පුරුෂ පැවිද්දන් කටයුතු කලේය. ඒත් තමනට ශාසන ධර්මය පිළිබඳ සම්මුතිය ගන්නා වූ සංඝායනා වලට ඉඩ නොදී  තිබියදී පවා ස්ත්‍රීන් සසුන භේදයට ලක් කිරීමට උත්සාහ ගෙන නැත.  

 

 තමන්ට අයුක්තිය වෙන විට ස්ත්‍රී මහ රහත් උත්තමාවියන්  ශාසන භේදයකට තුඩු දෙන ලෙස පුරුෂ ශාසනයෙන් ඉවත් වූවා නම් එය ඉතා යුක්ති යුක්ත සාධාරණ පියවරකි. නමුත් පුරුෂ ශාසනය වදනක්, මතයක්, සහ අදහසක් ඇවැතක් මුල් කරගෙන ශාසනය භේද කරන්නට තරම් ක්‍රියාකාරී විය. ඒත් ස්ත්‍රියට තදබල අයුක්තියක් සිදු වූ අභිමුව පවා ස්ත්‍රී ශාසනය පුරුෂ ශාසනයෙන් ඉවතට වෙනම ස්ත්‍රී නිකායක් සේ කටයුතු කොට නැත. එමෙන්ම ස්ත්‍රිය මතවාදමය නිකායක් සේද බිදීගොස් ක්‍රියාත්මක වී ඇති බවට තතු දත්තයක්ද හමු නොවේ ඒත් ඉතිහාසයේද වර්තමානයේද උස්ව හඩනගා ඇසිය යුතු ප්‍රශ්ණයකි. තථාගතයන් සම පෙළ තැබූ මහ රහත් ස්ත්‍රීන්  ධර්ම සංඝායනා වලට  සහභාගී කරවා නොගන්නේ මන්ද කියාය. එසේම එවන් අයුක්තීන් ඉවසා ස්ත්‍රී පැවිදි ලාභීන් නිහඩව මුනිවත ආරක්ෂා කලේ කිමදැයි සිතිය යුතුය. ඉතිහාසය රහස් දොරකඩකින් වසා තැබිය යුතු විෂයක් නොවේ. එය සියළු රහස් විවර කරගෙන බලාගත යුතුම විෂයය.  ඒ නිසා නූතනයේ ස්ත්‍රීන්ට පැවිදි වරම් ලබා ගන්නට බැරි කථාව මේ තරම් ගුප්ත රහසකින් වැසී ඇති දීර්ඝ කථාවක් බව වටහා ගත යුතුය.

 

සැබැවින්ම බුදුන් වහන්සේ පරිනිර්වාණය වන මොහොතේ වැඩ සිටිය මහරහත් උත්තමාවියන් මෙම තත්වය ඉවසා සිටීම වටහා ගත හැක. රහතුන් වහන්සේලාට ධර්මය මිස බලය අවැසි නොවන නිසාය. ඒත් ස්ත්‍රී විමුක්තිය පිණිස ධර්ම විමුක්තිය මුල් කර ගත් ස්ත්‍රිය මහරහත්වරියන් තමන්ගේ ප්‍රඥා දහරාව මතු මත්තට තහවුරු කිරීම වස් සංවිධාන ගත නොවූයේ මන්ද. ඒ සඳහා ඉඩ නොතබන පුරුෂාධිපත්‍ය සූක්ෂමව රැහැන්ගතව  තිබූ සේයාවක් පෙනේ. එය ආගමික භේදයකින් තොරව ස්ත්‍රී රහත් මෙහෙණින් නිහඞ කලාද. නොවේ නම් ස්ත්‍රිය විසින්ම එය පිළිගෙන නිහඬ වුවාද. එහෙමත් නොවේ නම් ස්ත්‍රී වර්ගය සතු අවගුණයන්හි මතු වීමද. ස්ත්‍රියගේ අවගුණය එයට හේතු වුවා නම් පුරුෂ පක්ෂයේ අවගුණයන්ද ඊට සමානව හේතු වූවාද විමසිය යුතු තරම්ය. මේ කථාව ගැඹුරුයි කීවේ එබැවිණි.

z p13 King

 ධර්මාශෝක රජතුමා අතිශයින් සංවේදී ස්ත්‍රී ආලයන් මෙන්ම බැරෑරුම් මෙන්ම ව්‍යාකූල වූ ස්ත්‍රී භාවතාවන් අතර ජීවත් වූ මිනිසෙකි. ඔහුගේ මෑණිය,පෙම්වතිය, ආලවන්තිය, බිසව ගේ සිට දියණිය දක්වා ඇති කථාව අපූරු යුග අන්දරයකි. එමෙන්ම තම දියණිය අධිරාජ්‍ය කිරුළෙන් මෑත්වී ශාසනගාමී වන මොහොත දරාගත් මිනිසෙකි. ඒ දියණිය ශ්‍රී ලාංකික කතුන්ගෙ විමුක්තිය පිණිස  රාජ්‍ය තාන්ත්‍රිකව බාර දුන් ගැඹුරු පියතුමෙකි. එසේනම් ඔහුම දේශපාලන නායකත්වය දුන් තුන්වන ධර්ම සංඝායනාව සඳහා ස්ත්‍රී රහත් තෙරණියන්ට ඉඩ ලබා දීමට මුල් නොවුනේද. එසේ ඔහුට ඒ සඳහා හඩක් නගන්නට නොහැකි වූවා යැයි සිතිය නොහැක. ඔහු නිහඞ වූයේ  ස්ත්‍රී රහත් සාසනය කෙරෙහි තදබල චින්තමය ගැටුමක් තිබූ නිසා විය හැකිය. අන් අතකින් තුන්වන ධර්ම සංඝායනාවේ ප්‍රමුඛයන් පුහුදුන් භික්ෂූන් නොවේය. නික්ලේෂී මහ රහතුන් වහන්සේලාය. එසේ නම් එවන් උතුම් රහතුන් වහන්සේලා තමන් සමානව නික්ලේෂීවූ ස්ත්‍රී රහත්වරියන්ට සංඝායනාවේ ධර්මාසනය අහිමි කලේ කවර හේතුවකටද.

ඉතිහාසය කියන්නේ ඒ මොහොතටම ගොස් සුපරීක්ෂාකාරීව බැලිය යුතුම තැන යැයි නිබඳව කියන්නේ ඒකය. තම දියණියට මහ රහත් පදවියට මග කියා දුන් මහ රහත් උත්තමාවියන්ගේ ඥාණ ප්‍රඥා ස්ත්‍රී භාවයන් අශෝකයන් අතින් ගිලිහී යාම දිගු ගැඹුරක් සහිත කථාවකි. එම ගිලිහී යාම පුරුෂ රහතුන් අතින්ම ඉටුවීම තවත් ගැඹුරේම ඇති සොයා ගත යුතු ඓතිහාසික රහස්ය. අන් අතකින් රාජ්‍යය එයට ඉඩ නොදුන්නා යැයි සිතමු.

 

is 234පුරුෂ ශාසනය ඉඩ නොදුන්නා යැයි සිතමු. ස්ත්‍රීන්ට ඉඩ ඇහුරූ බ්‍රාහ්මණ සමාජ බලයම ප්‍රභල වූවාදැයි තවදුරටත් සිතමු. ඒත් ස්ත්‍රී පැවිදි මහ රහත් පරපුර ස්වයංව තම අදහස් තහවුරු නොකලේ මන්ද. ලේඛණ ගත නොකලේ කිමද. ක්‍රි:පූ:  6 වන සියවසේ සිට බුදුන් වහන්සේ ස්ථාපිත කළ ස්ත්‍රී ථෙරවාදී පැවිද්ද ක්‍රි.ව දහවන සියවස වන විට ලංකාවෙන් තුරන්ව යයි.

ඒත් එම පැවිද්දට සියවස් සොළොසකි. ඒ කියන්නේ වර්ෂ එක් දහස් හයසියයක් සජීවීව තිබියදී මේ ගැන වදනක් නොලියා තැබුවේ ඇයිද යන්න විමසා බලන්න කාලයයි. දන්නා දේවල් ඇති තරම් ලියා ඇත. වටිනාම මේ දේවල් ලියන්නට සූදානම් විය යුතුමය. වාද භේදයෙන් ඉතිහාසය  සිතන පුරුද්ද අතහැර ස්ත්‍රිය මහරහත් උත්තමාවියන්ට සිදුවූ මේ අභාග්‍යය දෙස බැලිය යුතුය. නොවේ නම් එම ස්ත්‍රී මහ රහත් උත්තමාවියන්ගේ ස්වයං නිහඬ බව වටහා ගත යුතු තරම්ය.  ඉතිහාසයේ ස්ත්‍රී විලාපය එතරම් ගැඹුරුය.


Sujith 2021
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්