ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන වසර (2025) දක්වා කල්දමන්නේ යැයි රාජ්‍ය ව්‍යාපාර

දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම්දී තිබියදී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව එය නොසළකා හරිමින් ආයෝජකයන් කැඳවීම අඛණ්ඩව කරන බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පසුගිය මස පැවැති සාකච්ඡාවේදී ලිට්‍රෝ ප්‍රතිව්‍යුහගතකරණ ලබන වසර දක්වා කල්දැමීමට ඒකමතිකව තීරණය කළ බවත් ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම මස 11 වැනිදා එම තීරණය ලිඛිතව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට දැනුම් දුන් බවත් එම එකමුතුව කීය.

මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගත් තීරණයක් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට බලයක් ඇද්දැයි පිළිගත නොහැකි බව ද ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින අතර එම සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා ටෙන්ඩර් බාර ගැනීම පසුගියදා අවසන්විය.

එහිදී පහත සඳහන් සමාගම් මිල ගණන් ඉදිරිපත් කර තිබිණ.

1) EpDeSa PTE Ltd (Singapore)
2) Bharat Petroleum (India)
3) AyGaz (Turkey)
4) Siam Gas (Thailand)
5) BGN DMCC (UAE)
6) Confidence Petroleum (India)
7) OQ Trading (UAE/ Oman)
8) Tristar Group (UAE)
9) LAUGFS Gas PLC (Sri Lanka)
10) United Petroleum Holdings (Malaysia)
11) Vitol Asia PTE Ltd (Singapore) - Netherlands/Switzerland
12) Infinity NGC/Holdings (Mauritius)
13) China National Aero-Technology international engineering Corporation (China)
14) Consulting Engineers and Contracting Pvt Ltd -CEC (Sri Lanka)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්