දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරින් ඉවත් කල දවසට ඉස්සෙල්ල දවසේ, ඒ කියන්නේ 04 වෙනිදා රාත්‍රියේ දී ආණ්ඩු පක්ෂය සමග කටයුතු කරන ගම්පහ පැත්තේ රාජ්‍ය ඇමති කෙනෙක්

රුපියල් ලක්ෂ 50ක ඔට්ටුවක් අල්ලලා කියල කතාවක් යනවා. 

පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී බදුල්ලේ පැත්තේ ඌව පැත්තේ ඇමති කෙනෙක් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔය කතාව කියල තියන්නේ.  ඔට්ටුව ඇල්ලූ අනෙක් පාර්ශවය පරාද වෙලා කියලත් කියල තියනවා. 

පක්ෂයක තනතුරක් වෙනුවෙන් අල්ලපු  ඉහළම ඔට්ටු මුදල මේක කියලයි කියන්නේ..

දයාසිරි ජයසේකර එම තනතුරින් සැප්තැම්බර් 5 වන දා ඉවත් කරනු ඇතැයි අනාවැකි පළ කරමින් ඔට්ටු අල්ලපු රාජ්‍ය ඇමතිතුමා , මේ ඔට්ටුව ගැන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේදී කයිය ගැහුවා කියලත් කියනවා. 

තමාව පක්ෂයෙන් ඉවත් කරන්න ඉස්සෙල්ල දවසේ (සැප්. 4) ශ්‍රී ලංකා එකෙන් ආණ්ඩු පක්ෂයට ගිය මන්ත්‍රී කෙනෙක් ලක්ෂ 50ක ඔට්ටුවක් අල්ලලා තියනවා කියල ‘ඉරිදා මව්බිම’ සමග පැවති සාකච්ඡාවේදී දයාසිරි ත් කියල තියනවා.

ඔට්ටුව අල්ලපු මන්ත්‍රීවරයා පළ කළ අනාවැකිය සත්‍ය වී ඇති බවත්, ඒ අනුව ඔහු සන්තකයේ මේ වෙනකොට ලක්ෂ 100ක මුදලක් තිබෙන බවත් දයාසිරි කියනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත්වුණේ 2019 දී. ශ්‍රීලනිප සභාපති පක්ෂ ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරිලා තියන බලතල යටතේ පසුගියදා වහා ම ක්‍රියාත්මක වන පරිදි දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර ලේකම් ධුරයෙනුත් ඉවත් කෙරුවා. 

ආරංචි හැටියට වැඩේ දුන්නේ අමරෙලයි - ලන්සලයි දෙගොල්ල ම එකතුවෙලා. 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්