තවමත් පුරප්පාඩු වී ඇති ඇමති ධුරයක් සදහා තමන් පිලිගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු බැසිල් රාජපක්ෂගෙන්

ඉල්ලීමක් කර ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවි කිහිපයක් ම වාර්තා කර ඇත.

එම පුවත් වාර්තා වලට අනුව, දිගින් දිගටම උත්සාහ කලද ජනාධිපති හෝ අගමැති සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා බැසිල් රාජපක්ෂට කතා කර මෙම හිටපු ඇමතිවරයා ඉතා හැඩුම්බරව මෙම ඉල්ලීම කර තිබේ.

කැබිනට් ඇමති ධුර තව දුරටත් පුරප්පාඩු වී ඇති නිසා ඒ ඕනෑම ඇමතිකමක් තමන්ට දෙන ලෙසත් නොහැකිනම් රාජ්‍ය ඇමති ධුරයක් වුව ප්‍රමාණවත් බවත් ඔහු දන්වා ඇත.

තමන් දැන් වියපත් පුද්ගලයෙක් බවත් තවදුරටත් ආණ්ඩුවක් සමග රණ්ඩු කිරීමේ හැකියවක් තමන්ට නැති බවත් කියද්දී හිටපු ඇමතිවරයාට දෙතුන් වතාවත් ඉකි ගැසුනු බවද එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

 

තවත් ව්‍යාප්ති ඇමතිවරුන් !

ඊයේ දිනයේ දිවුරුම් දෙන ලද රාජ්‍ය සහ කැබිනට් ඇමතිවරුන්ට අමතරව තවත් ව්‍යාපෘති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවට ද රාවයක් පැතිර යමින් පවතී.

එම ආරංචිමාර්ග වලට අනුව ව්‍යාපෘති ඇමතිවරුන් පස් දෙනෙකු නම් කිරීමට සාකච්ඡාවක් ඇති වී තිබෙන සදහන්ය.

දැනට එම පත්කිරීම් සම්බන්ධයෙන් දිනයක් මෙතෙක් තීරණය කර නැතැයිද සදහන් වෙයි. එසේ  ව්‍යාප්ති ඇමතිධූර ලබා දීමට යෝජනා වී ඇත්තේ මෙවර ඇමති ධුර කිසිවක් නොලැබුණු ජ්‍යෙෂ්ඨයින් පිරිසකටයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්