මේ වෙලාවේ අපේ රටේ දැවෙන ප්‍රශ්නය වන්නේ හෙට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉවත් වෙනවාද, එහෙම ඉවත් වුනාට පස්සේ කවරෙක්

ජනාධිපතිධූරයෙහි වැඩ භාරගන්නවා ද කියන එක.

ඒ පිළිබද සමාජයෙහි පවතින දැඩි උනන්දුව සමාජ මාධ්‍යයෙහි පෝස්ට් වශයෙන් නිරතුරුව දැකගන්නට ලැබෙනවා.

හැබැයි මේ මම ලියන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති සහ අගමැති විය යුත්තේ කවුද කියන එක ගැන නොවන නිසා මේ මොහෙතේ මේ ලිපිය ජනප්‍රිය ධාරාවේ ලිපියක් වෙන එකක් නැහැ.

දශක ගණනාවක් පුරා අප රටේ පැවති දූෂිත දේශපාලන ක්‍රමවේදයෙහි පීඩනය, හදවතින්ම පැන නගින සැබෑ පුරවැසි අරගලයක් ලෙස අප්‍රේල් මාසය ආරම්භ වන විට  පුපුරා යාමට පටන් ගත්තා.

ඒ පිපිරීම එතැන් පටන් මේ මොහොත දක්වාම ගෝල්ෆේස් සිට ගම් නගර දක්වා පැතිර ගොස් මේ පවතින ක්‍රමවේදයෙහි වෙනසක් අපේක්ෂා කරමින් සිටිනවා.
ක්‍රමවේදයෙහි වෙනස ගැන සෑමදෙනාම කතා කලත් අපි ඇතුලත් වෙලා සිටින මේ ක්‍රමවේදය කුමක් ද කියන එක ගැනවත් අපි බහුතරයකට අවබෝධයක් නැහැ.

එයට හේතුව අපි මොන තරම් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල විශයන් විද්‍යාත්මකව ඉගන ගෙන තිබුණත් අපි දේශපාලනය විද්‍යාත්මක ස්වරූපයෙන් ඉගන ගෙන නොමැති කම.

මෙම අරගලයෙන් පසු අපි විසින් ඇති කරගත යුතු ආණ්ඩුක්‍රමය සහ සමාජ ක්‍රමය පිළිබදව මා මෙන්ම ඔබත් බොහෝ බලාපොරොත්තු සහගතව පසුවන බව නොරහසක්. ඒ වගේම මේ මොහෙතේ අප රටේ දේශපාලනික සහ සමජයීය වශයෙන් පවතින නොසන්සුන්තාවය පිලිබදව මා මෙන්ම ඔබත් දැඩි සිත් තැවුලෙන් පසු වන බවත් නොරහසක්.

 

ඒ නිසා අපි හැමදෙනාටම සතුටින් ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කර ගැනීමට නම් අපේ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රමවේදයට වටිනාකම් (VALUES ) එකතු කර ගැනීමට සිදු වෙනවා.

 

ඉතින් මේ වටිනාකම් ගැන කතා කරද්දි මේ රටට ගැලපෙන දේශපාලන මතවාදය කුමක්ද යන්න ආමන්ත්‍රණය කරමින් විවිධ පාර්ශවයන් විව්ධ මතවාදයන් ඉදිරිපත් කරනු අපිට දක්නට ලැබෙනවා.

ඒ අතර මේ පසු ගිය දවසක මම දැක්කා පුරවැසි අරගලයට ද ඉතා සක්‍රියව දායක වන, ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් වන Lakshika Rathnayake වර්තමානයෙහි පුරවැසියන් ලෙස අපි මුහුණ දෙන ගැටලු කවිකාරකමකින් ආමන්ත්‍රණය කරන ගමන්ම එම ගැටලු විසදා ගැනීමට නම් ලිබරල්වාදය වෙත ගමන් කළයුතු බවට කවිකාර යෝජනාවක් කරලා තියනවා.

freedom

සමාජවාදය වේවා ලිබරල්වාදය වේවා මේ සෑම මතවාදයක්ම සංකල්පනාත්මකව ඉතාම අලංකාර වූත්, මිනිසාගේ සහ සමාජක්‍රමයක උපරිම යහපත අපේක්ෂා කරමින් ගොඩ නැංවූ සංකල්ප වෙයි.

ඒ නිසා මතවාදය කුමක් වුවත් එම මතවාදයෙහි ක්‍රියාත්මකභාවය තුල මිනිසාට සිය උපරිම අභිවෘද්ධිය අත්පත් කරගත හැකි විය යුතුයි.

 

මානව අභිවෘද්ධිය අත්පත් කරගැනීමේ ලා පැවතිය යුතු මූලිකම වටිනාකම ලෙස මම සලකන්නේ, සෑම දෙනාම බුක්ති විදීමට කැමති නමුත් තමා විසින් වෙන කිසිම කෙනෙකුට ලබා දීමට මැලිවන "නිදහස" හෙවත් LIBERTY වේ.

 

ඇත්තටම නිදහස කියන්නේ කවුරුවත් විසින් කාහටවත් ලබා දිය යුතු දෙයක් නෙවෙයි.

මනුෂ්‍යයෙකු වශයෙන් ඉපදීම තුළම අපිට නිරායාසයෙන්ම හිමිවන අපේ ජීවිතයේ වටිනාම ආභරණය සහ ගෞරවය වන්නේ නිදහසයි.

නමුත් අපි හිතන්න පෙලඹිලා තියෙන්නේ නිදහස කියන්නේ එක්කෝ අපේ දෙමාපියන්, සහකරු, ගුරුවරුන් , ආගම, ආණ්ඩුව සහ/ හෝ මේ සමාජය විසින් අපට ලබා දිය යුතු වටිනාකමක් ලෙසයි. එහෙම හිතෙන තරමටම අපේ නිදහස අන් අය විසින් සොරකම් කරලා එහෙම නැත්නම් මර්ධනය කරලා.

වර්තමානයෙහි පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ පුරවැසියන් සතු නිදහස ආණ්ඩුව විසින් අහිමි කර තිබීමයි.


දශක ගණනාවක් මුළුල්ලේ බලයට පත්වන ආණ්ඩු විසින් ඉතාමත් නිර්ධය ලෙස පුරවැසියන්ගේ භාෂණයට තිබෙන නිදහස, සක්‍රීයව දේශපාලනයට සහභාගී වීමට තිබෙන නිදහස, තමා කැමති විෂය ධාරා ඔස්සේ ඉගෙනීමට හා තම කැමති රැකියාවක් කිරීමට ඇති නිදහස ඇතුලු සාමාන්‍ය පුද්ගලයකුගේ නිදහස් තේරීම් සීමා කිරීමේ ප්‍රතිඵලය තමයි මේ වර්තමාන අර්බුදයෙන් කියවෙන්නේ.


ඉතින් ඒ අර්බුදය ආමන්ත්‍රණය කරමින් පැන නගින ලද අරගලය විසින් නීති පොතට පමණක් සීමා වෙලා තිබුණු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සමිති සමගම් පිහිටුවාගැනීමේ නිදහස, ආණ්ඩුවට සාමකාමී විරෝධය දැක්වීමේ නිදහස ආදිය ප්‍රායෝගික යථාර්ථයන් බවට පත් කරගැනීම සමස්ථ ජාතියේම විජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

 

දූෂිත ක්‍රමවේදයන්ට එරෙහිව බිහි වූ එකී අරගලය තුළින් තවත් පුදගලයකුගේ නිදහස සීමා කරනවා නම්, ඔබ අරගල කරන ස්වරූපයට වෙනස් ස්වරූපයකින් සිදුකරන අරගලය මර්දනය කරන්නට ඔබ කටයුතු කරනවානම්, අරගලය සහ අරගලයෙන් පසු බිහිවිය යුතු සමජය සම්බන්ධයෙන් ඔබේ අර්ථකතනය හැර අන් සෑම අර්ථකතනයක්ම බිමහෙලා පාගා දමනවානම් ඔබ අරගල කිරීමට පෙර පැවති ක්‍රමය සහ ඔබ විසින් නිරමණය කිරීමට යන ක්‍රමවේදය අතර කිසිදු වෙනසක් මා දකින්නේ නැහැ.

 

ඉතින් තවත් ඔබ වැනිම පුරවැසියෙකුගේ නිදහස් තේරීම් සහ නිදහස් අදහස් උදුරා ගැනීමට ඔබට අයිතියක් නැහැ.

නිදහස හරියට අහස වගේ. එහෙම නැතිනම් අම්මා වගේ........ ඒ කියන්නේ නිදහස කියන වටිනාකමට සීමා මායිම් නෑ. ඒ වටිනාකම තුළට අන් සෑම සියලු වටිනාකමක්ම ඇතුළත් කරගෙන රැකගැනීමේ සහ පෝෂණය කිරීමෙ හැකියාවක් තියෙනවා.

ඒ නිසා සමාජ ක්‍රමයක මූලික තැනුම් ඒකකය විය යුත්තේ නිදහස බවයි මාගේ අදහස.

Paint Web 3

බාහිර සහ පිටස්තර මැදිහත්වීම්වලින් තොරව තම ජීවිත කතාව තමා විසින්ම ලිවීමට එහෙමත් නැතිනම් තම ජීවිත කතාවේ කතෘ තමාම වීමට පුද්ගලයකුට ඉඩ ප්‍රස්තාව හිමිවිය යුතුයි. බාධාවන්ගෙන් තොරව තම දෛවය තමා විසින්ම තීරණය කරගැනීම නිදහස නම් වටිනාකම තුල හැඳින් වෙන්නේ  ඍණාත්මක නිදහස ලෙසයි.

 පුද්ගල අභිවෘද්ධිය සාක්ෂාත් කරගැනීමෙහිලා මෙම ඍණාත්මක නිදහස පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ.

එනම් පුද්ගලයකුට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට ඔහුගේ ස්වාධීන තේරීම්වලට බාධා නොකර සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ජීවිතය ගෞරවනීය කරගැනීමට උදවු උපකාර, උපදේශනය, මූල්‍ය සහාය, අධ්‍යාපනය ආදිය හිමිවිය යුතුය.

ඉහත කී සහාය අපිට නොලැබෙන්නේ නම් එකී සහාය ලබා ගැනීමට අපි සටන් කල යුතුය. අරගල කල යුතුය. එසේ සටන්කර අපි ලබා ගන්නේ අයිතිවාසිකම් වේ.

 

පුද්ගලයකුට සමෘද්ධිමත්භාවයට පත්වීමට නම් සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සාමාජීය හා සංස්කෘථික අයිතිවාසිකම් තහවුරු විය යුතු බව මාගේ අදහසයි. නිදහසේ මෙම ප්‍රභේදය ධනාත්මක නිදහස ලෙස හැදින්වේ.

 

කොහොම නමුත් දැන් ඔබට හිතෙනවා ඇති පුරවැසියන්ගේ ස්වාධීන සහ නිදහස් තීරණවලට මැදිහත් වන්නේ සහ බාධා පමුණුවන්නේ ආණ්ඩුව පමණයි සහ අපි අයිතිවාසිකම් දිනගත යුතුව තිබෙන්නේ ආණ්ඩුවෙන් පමණයි කියලා.


 නමුත් ඔබට මතකද LGBTIQ ප්‍රජාව තම අයිතිවාසිකම් ඉල්ලා සිටීමේදී එම අයිතිවාසිකම් ලබාදීමට ඔබ එරෙහි වුණා. ඒ කියන්නේ පුද්ගලයකුගේ ජීවිතයේ අතිශය පෞද්ගලික සහ ඉතාමත් සංවේදීම කාරණාවකට බාහිරින් සිටින ඔබ ඇගිලි ගැහුවා කියලා.

ඒ වගේම ගබ්සා කිරීම නීති ගතකිරීමට විරෝධය පෑම තුළ කාන්තාවකට තම ශරීරය පිළිබදව තීරණ ගැනීමට ඇති අයිතියට ඔබ මැදිහත් වුණා ඔබට මතකද ???

ඒ කියන්නේ අපි හැමෝම තවත් පුද්ගලයකුගේ නිදහස් තේරීම්වලට සහ ඔහුගේ ජීවිත කතාවට බොහොම අසධාරණ ලෙස මැදිහත්වීම් කරන බව නොවෙයිද???

අරගලයකින් වෙනස් කළ යුතු වන්නේ සමාජයේ මුල් බැසගත් මෙවැනි ගතානුගතික ආත්මර්ථකාමී සිතුවිලි දාමයන් වන අතර අරගලයෙන් නිර්මණය විය යුත්තේ එක් පුරවැසියෙක් තව පුරවැසියෙකුගේ නිදහස් හා ස්වධීන තේරීම්වලට ගරු කරන අතර තම අයිතිවාසිකම් වෙනුවෙන් නොපසුබටව සටන් කිරීමට එඩිතර නූතන පරපුරකි.


එවන් වටිනාකම් පුරුදු කරන පුරවැසි අරගලයට ජය ❤?




ඇත්තටම මට මේ නිදහස ( LIBERTY ) ගැන ලියන්න සිත් පහළ කලේ නීතිඥ ලක්ෂිකා රත්නායක විසින් දින කිහිපයට පෙර ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි පල කර තිබූ පහත link එක හරහා සබැදෙන ලිපිය වේ.

https://m.facebook.com/story.php?story_fbid=1504780837076537&id=100026339044042



16274ea3 b0cf 4f21 be18 88c75d0e049c(නීතිඥ නාමිණී පණ්ඩිත)
Co-Convener
Liberal Youth Movement

2022.07.12

(නාමිණී පණ්ඩිතගේ ෆේස්බුක් පිටුවෙන්..)

 
292476513 5014769265298242 6292821031264403706 n

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්