මෙයට වසර කිහිපයකට පෙර පේදෙණියේ කෘෂි විද්‍යා පීඨයේ පන්ති තහනමනට ලක්වූ සිසුන් පිරිසක් නීතිඥ සහාය ලබා ගැනීමට මා වෙත පැමිණියහ. කළ

වරද ශිෂ්‍යාවන් කිහිප දෙනෙකුට කලු තෙල් ඉස, පන්ති යාම නතර කිරීමය. විනය පරික්ෂණයේදී පීඩාවට පත් සිසුවියන් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ  ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ  පන්ති වර්ජනය නොතකා දේශන වලට සහභාගී වූ හෙයින් මේ ඉරණමට ගොදුරු වූ බවය. සඳහා සහභාගි විම වැළැක්වීමට මෙසේ කළ බවට තම් විශ්වාස කරන බවය.

මේ ප්‍රකාශය පදනම් කොට, මා හමුවූ සිසූන් සිව් දෙනෙකුට වසර හතරක පන්ති තහනමක් පනවා තිබිණ. ඔවුන්ගේ උපාධි පාඨ මාලා කාලයද සිව් වසරකි.  මා මේ සිසුන්ගෙන් විමසා සිටියේ එසේ කළේ ඇයිද කියාය. එකී කණ්ඩායම වෙනුවෙන් ලාල් නම් සිසුවා කීවේ ශිෂ්‍ය සංගමය විසින් ගත් තීරණයකට පටහැනිව ඒ ආකාරයට ක්‍රියා කිරිම සිය ශිෂ්‍ය ව්‍යාපාරයට අභියෝග කිරීමක් නිසා තමන් එසේ කළ බවය. මට කතාවට සිනහ පහළ විය. ඔයාලා කළ  ක්‍රියාව සාධාරණ යයි කල්පනා කරනවාද සියලු දෙනාම හිස සලා එය අනුමත කළහ. මේ ගැන දෙමාපියන් දන්නේදැයි මා කළ විමසුමට ලැබුණ උත්තරය බෙහෙවින් අනුවේදනීය විය.


“නෑ. අපි කවුරුත් ගෙවල් වලට කියලා නෑ. ඒ සමග එක් සිසුවෙක් තමන්ගේ වැඩිහිටියන් මේ තත්වය දන්නා බවය. ඒ කතාව ඔහුගේ සමහර සහචරයන්ටද අලුත් ආරංචියක් බව දැනිණ. ඔවුන්ගේ  කලු තෙල් ඉසිමට ලක්වූ සිසුවියක එක පාසලෙන් පැමිණි තම ගමේ එකියක බව කියවිණ.

 “ගමේ අයට කියලා තිබුණේ එයාට ක්ලාස් පාස් එකක් ලැබෙයි කියලා ඉරිසියාවට කළ කියලා.

“ඇයි එහෙම කීවේ. ඒ තුන් දෙනා ක්ලාස් එකකට ට්‍රයි කළා. පන්ති ගියෙත් ඒ නිසා.

“ඔයාලට ඩිග්රි ක්ලාස් ඕනැ නැද්ද  නෑ මේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් කැපෙන්න බැහැනේ.

“පන්ති වර්ජනය කළ හේතුව මොකක්ද ඒ ප්‍රශ්නය සමග සගයන් එකිනෙකා උනුන් මුහුණ බලා ගත්හ.මද වෙලාවක් නිහඬව සිටි ඔවුන්ගෙන් එක් සගයෙක් හඬ අවදි කළේය.

“රුහුණේ ප්‍රශ්නයකට සහාය දක්වන්න.

මොකක්ද ප්‍රශ්නය..

“ හරියටම දන්නේ නැහැ. කවුද කෙනෙක් සස්පෙන්ඩ් කරලා....  එය අසා ඇති වූ ආවේගයෙන් මම කිව යුතු සියල්ල ඔවුන්ට සවිස්තරව කියා දුනිමි. කෙසේ වෙතත් පඨමාලා කාලයට සමාන කාලයක් පන්ති තහනම් කිරීමට ඇති හැකියාව ප්‍රශ්න කරමින් මා සැකසූ අභියාචනය අනුව, ඔවුන්ගේ පන්ති තහනම එක් වසරකට අඩු කෙරිණ.



මේ අන්තරය හෙවත් අන්තර් විශ්වවිද්‍යාල සංවිධානය විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කරන බලපෑම පිළිබඳ එක් නිදසුනකි.අන්තරයේ වර්තමාන කැඳවුම්කරු වසන්ත මුදලිගේ  රනිල්ට ඡන්ද දෙන මන්ත්‍රින්ට ගමට එන්න එපා යයි කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ. පත්නි සාමාර්ථයක් ලබා ඉහළට යාමේ උවමනාවෙන් පන්ති ගිය සහෝදර සිසුවියන් කිහිප දෙනෙකුට ඉහතින් කි ආකාරයට කලු තෙල් ගසා බාධා කළේ තමන්වත් නොදන්නා ප්‍රශ්නයක් වෙනුවෙනි. අන්තරය යනු මේ අනුව චිට් එක ක්‍රියාත්මක කරන කල්ලියක් මිස ශිෂ්‍ය ව්‍යපාරක් විය හැකිද?

prem sagarika

ප්‍රේමකිර්ති අල්විස් හා සාගරිකා ගෝමස්

 

අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතු බවට කිසිදු සැකයක් නැත. මානව සංහතිය එකී ආස්ථානය දැරීම ආරම්භ කොට සියවස් ගණනවක් ගතවී හමාරය. එහෙත් චිට් එකට බස් ධාවනය නතර කළ  රෝහල් අඩපන කළ යුගයක් අපට මතකය. සොඳුරු මිනිසෙකුවූ ප්‍රේමකිර්ති අල්විස් හා ශීල්පිනි  සාගරිකා ගෝමස් මරා දැමුවේ තම කල්ලිය පිළිබඳ භීතියක් ජනතග කිරිමට මිස එකී ඒ දෙදෙනා කළ වරදක් නිසා නොවේ. ඉහතින් කී පරිදි අර සිසුවියන් දෙදෙනා කලු තෙලින් නාවන ලද්දේ ඇල්මෙන් අකුරු ඉගෙනීම පිළිබඳ පවත්නා සාම්ප්‍රදායික උවමනාව වෙනුවෙන් කැපවූ නිසාය.

තම අරමුණු වෙනුවෙන්  සහජාත දරුවා ඉදිරිපිට පියා මරා දමා ඔහුගේ මස් දරුවාට කැවූ කතා නවසිය අසූ ගණන්වල ලංකාවේ බියෙන් සලිත කළ වාර්තා බව වැඩිහිටියන් දනිති. 1988 ජනාධිපති මැතිවරණයට ඡන්ද දීමට එන මුල් දස දෙනා වෙඩි තබා මරා දමන බවට ජනතා විමුක්ති පෙරමුණ කළ නිවේදනය ජාත්‍යන්තරය පවා තිගස්සවන තරම් විය.  


SirIvorJenings e1451893801581සර් අයිවෝර් ජෙනිංස්පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සර් අයිවෝර් ජෙනිංස් ගේ නමින් නේවාසිකාගාරයක් නම් කිරිමට එරෙහිව අන්තරය කළ මහා සටනක් මෙහි සිහිපත් කළ යුතුවේ. ඒ සටන ශක්තිමත් කළ  ගැටයන් සර් අයිවෝර් ජෙනිංස් යනු කවුදැයි දැන සිටියාද යන්න කිසිවෙකු විමසිය යුතු නැත. ඒ සිද්ධිය අලලා පුවත්පතක පළවූ ලිපියක් මට නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ සිතක මතක නම් ලිපි සංග්‍රහයේ ඇතුළත් වේ. එහි කොටසක් මෙහි උපුටා දැක්වන්නේ එය තුසිත මුදලිගේලා මෙහෙයවන ව්‍යාපාරයේ ඉතිහාසයෙන් බිඳක් සිහිපත් කිරිම පිණිසය.

“ජෙනින්ස් ලංකාවට පැමිණියේ 1940 වසරේය. ඒ ලංකා විශ්වවිද්‍යාලාධිපති පදවියට මිස උපකුලපති පදවියකට නම් නොවේ. කොළඹ යුනිවර්සිටි කොලිජිය අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේදී ඔහු මුල් තැනක් ගෙන කටයුතු කෙළේය. ජෙනින්ස්ගේ විශ්වවිද්‍යාල සිහිනය දේශීය මුහුණුවර ගත් ගෘහ නිර්මාණ රටාවකින් විචිත්‍ර විය. එදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රට දන්නා නිර්මානාත්මක කැරැලිකරුවන් වූයේ සිරි ගුනසිංහලාය. සරච්චන්ද්‍රලාය. ඔවුන්ගේ කැරැලි හෝ විප්ලව බෙහෙවින්ම ශාස්ත්‍රීය හා තාර්කික මට්ටමක පැවැතිණ. දේශීය සුවඳින් පෝෂිත මනමේ සිංහබාහු බිහිවුණේ මේ බටහිර මිනිසා විසින් ඇතිකළ විශ්ව, විශ්වවිද්‍යාල තෝතැන්නේ ය. එය අපට අමතක කළ නොහැකිය.

එක්දහස් නවසිය හැත්තෑවෙන් මෙපිට ලංකාවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ගේ හැසිරිම් (පැවැත්ම?) බෙහෙවින් විවාදිතය. වාර්තා වූ විවිධ අප්‍රසන්න සිදුවීම් අතර. ජෙනින්ස් හා පැටළුණ අලුත්ම ආරවුලක් පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් වාර්තා වේ. ලැබෙන තොරතුරු අනුව එහි නවතම ශිෂ්‍ය නේවාසිකාගාරය ශ්‍රීමත් අයිවෝර් ජෙනින්ස් වෙනුවෙන් නම් කිරීමට නියමිතව තිබිණි. යම් පිරිසක් ඒ ඓතිහාසික අවස්ථාව විරූපි කරමින් ඉතා අප්‍රසන්න ලෙස ප්‍රතික්‍රියා දක්වා ඇත.

 මේ ප්‍රයත්නයේ අරමුණ ශ්‍රීමත් අයිවෝර් ජෙනින්ස්ගේ විශ්වවිද්‍යාල සංකල්පය තුරන් කිරීම විය යුතුය. ඉගෙන ගන්නා සිසුන් අපේක්ෂා කළ යුත්තේ ජෙනින්ස් ගොඩනැඟු සාමකාමි විශ්වවිද්‍යාලය මිස ලේ හලන කැරැලිකාරයන්ගේ කඳවුරක් නොවේ. හේතුව කුමන වුවද, උප කුලපති වරයාගේ අවසරය නොමැතිව පොලිසියට සරසවියට පිවිසිය නොහැකි ලෙස විශ්වවිද්‍යාල පරමාධිපත්‍යය  ඹබසඩැරිසඑහ ්මඑදබදපහ පවා සහතික කර තිබිණි. පසු කලෙක වීරසූරියලා සරසවි භූමියේදී පොලිසියෙන් වෙඩි කෑවේ ජෙනින්ස්ගේ වරදකින් නම් නොවේ.

සකල සියලු පහසුකම් සහිත විශ්වවිද්‍යාල පද්ධතියක් ශ්‍රී ලංකාවේ අප වෙනුවෙන් නිර්මාණය කරන ලද්දේ එංගලන්තයේ උපන් ශ්‍රීමත් අයිවෝ ජෙනින්ස් විසිනි. අපේ පරම්පරාව විශ්වවිද්‍යාලවලට ඇතුළු වන විට ජෙනින්ස් රටෙන් පිටව ගොස් බොහෝ කල්ය. එහෙත් ඒ වන විටත් පේරාදෙණියට සාපේක්‍ෂව  සකල විශ්වවිද්‍යාල පද්ධතියම මේ පහසුකම් සහිත බුද්ධිමය තෝ තැන්නක් විය.

page 23

පේරාදෙණි විශ්වවිද්‍යාලය

 

මා පෞද්ගලිකව විශ්වාස කරන පරිදි, සිය පදනම ඉතිහාසය, අතීතය අමතක කොට කිසිවෙකුට නැඟී සිටිය නො හැකිය. ලංකාව විශ්වවිද්‍යාලය යනු වර්ෂ පනහක් සපිරි ලෝක පූජිත, විද්‍යායතනයකි. වර්තමානයෙහි එහි අධ්‍යාපනය ලබන කිසිම ශිෂ්‍යයෙකු මේ ශ්‍රේෂ්ඨ විද්‍යායතනය ආරම්භ වන අවදියේ ඉපදිලාවත් නැත. එහෙත් ඔවුන් ඉතිහාසය දැනගත යුතුව තිබේ. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය සිය ආරම්භක උපකුලපතිවරයා සිහිපත් කිරීමට මේ සැරැසුණේ තම ඉතිහාසයේ අඩ සියවසක කාල පරාසයක් ද ඉක්මගිය පසුවය.

 නව අක්බාර් ශාලාව නම් කළේ ලංකා විශ්වවිද්‍යාලයට යෝග්‍ය භූමි භාගයක් සලකා බැලීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් පත් කළ කමිටුවේ සභාපතිවරය ටී. ඇම්. අක්බාර් වෙනුවෙනි. විජේවර්ධන ශාලාව නම් කෙළේ ඩී. ආර්. විජේවර්ධන මහතා වෙනුවෙනි. එතුමා කොළඹින් පිට රමණීය තැනක විශ්වවිද්‍යාලය ගොඩනැඟීමට මහා සටනක් කළ උදාර පුද්ගලයාය. එපමණක් නොවේ. සිය පෞද්ගලික ධනයෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා සංඝාරාමය නසිර්මාණය කළ මහා දානපතියාය.

කොළඹ අග නගරයේ අක්කර 90ක් තුළ හිර කරන්නට ගිය ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ මහවැලි ගඟ ඉවුරේ අක්කර 300ක් පුරා පැතිරුණ සුන්දර භූමියක ස්ථාපිත කිරීමට උර දුන් බොහෝ සුධීහු මේ වන විට, පේරාදෙණි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ විවිධ ආදරණිය ස්මාරකයන් බවට පත්ව අමරණීයව වෙසෙති.  සුප්‍රකට අල්විස් පොකුණ පවා පේරාදෙණි සාම්ප්‍රදායික කෘතවේදී භාවිතාවේ විශිෂ්ට මතකයකි. අල්විස් යනු ෂර්ලි ද අල්විස් ය. හෙවත් මේ උදාර නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියා වූ පැට්රික් ඇබර්ක්‍රොම්බිගේ සහායකයා ය.

sherly pond

අල්විස් පොකුණ



මේ ඓතිහාසික විද්‍යාස්ථානය පුරාම ඇත්තේ මේ වැනි කෘතවේදී ගැඹුරු අනුස්මරණයන් ය.

මේ කියැවීමට ශිෂ්‍ය මතය ද, සටහන් විය යුතුව තිබේ. පේරාදෙණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ජෙනින්ස් සංසිද්ධියේදී මාධ්‍යයට කරුණු දක්වමින් කියා සිටියේ ඒ ගොඩනැඟිල්ල ඔවුන් කළ සටනක ප්‍රතිඵලයකි.

ඒ නිසා නව ශාලාව රජිතම් ගුණරත්නම් නමින් නම් කිරීමට තමන්ට අයිතියක් ඇති බවය. මෙහිදී බෙල්ල සහ තැල්ල සම්බන්ධව ප්‍රකට ගැමි කියමන සිහිපත් වේ. තැල්ල බඳින්නට හෝ නො බඳින්නට බෙල්ල පැවැතිය යුතු බව ඔවුන් අවබෝධ කරගත යුතුව තිබේ.

පසුගිය මැතිවරණයකදී විමුක්තිකාමි තරුණ පිරිස් සිය ඡන්ද ව්‍යාපාරය මහනුවර කෙළවරක පිහිටි අංකුඹුර ගම් පළාතේ ගෙයින් ගෙට යමින් සිටියහ. එක් ගෙහිමි තරුණ මවක් සිසුන් පිළිගෙන  ඔවුන්ගේ දේශපාලන කතා අසා සිටියාය. විස්තරය කෙළවර ඇය සිය ගෙයි සිටි තම නිවුන් දියණියන් දෙදෙනා තරුණයන් වෙතට කැඳවූවාය.

“මේ දරුවන්ට තාත්තා නැහැ. මම වැන්දඹු ගැහැනියක්. ඇය කතාව අවසන් කරන්නටත් පෙර තරුණ පිරිස මැදට පැන ඔවුනගේ අනාගතය ගැන කතා කරන්නට විය. ඔවුන්ට බාධා කළ  තරුණ මව මේ දරුවන්ගේ පියා 1989 විමුක්ති කාමීන්ගෙන් මැරුම් කෑ කතාව කියා ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහුට පළමුව රස්සාවෙන් අස්වෙන්න බල කොට පසුව මරා දමනු ලැබීය. දැන් අපි අසරණයි. සිය මතවාදයේ ග්‍රාමීය අත්දැකීම ඇසූ තරුණ පිරිස අන්දමන්ද වූහ. ඒ නිවුන් ගැහැනු දරුවන් දෙදෙනාම ජෙනින්ස් කලබැගෑනිය වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේත් පශු වෛද්‍ය පීඨයේත් ශිල්ප හදාරමින් සිටියහ. ඒ දියණියන් දෙදෙනාට නව ශාලාවට නම් තැබීමේ අලකලංචිය සිහිපත් කරන්නේ සිය පියා මරා දැමු අළුගෝසුවන් රංචුවක් මිස ශිෂ්‍ය ව්‍යාපාරයක් නොවේ.

 

පින්සලක් ගෙන බිත්තියක ලියන කැත අකුරු  පේළි කිසි විටෙක ඉතිහාසය වැද්ද නො ගනු ඇත. ඉතිහාසය යනු සමහරවිට දස දහසක් ගැහැනුන් මිනිසුන්ගේ කතා අසා එළැඹෙන නිගමනයන් වෙති. ඒ අතරට ඉහතින් කී වැන්දඹු අම්මාගේ සහ අකාලයේ පියා අහිමි නිවුන් දරුවන්ගේ සෝ සුසුම් ලංකා විශ්වවිද්‍යාලය බිහි කළ ජෙනින්ස්ලාගේ මෙහෙවර අනාගතයට ඉතිරි කරනු නියතය.

 

අවාසනාව නම් අයිවෝර් ජෙනිංස් වෙනුවට එදා අර ශිෂ්‍ය ව්‍යාපාරය උක්ත නේවාසිකාගාරය නම් කිරීමට තීරණය කළ රජිතම් ගුණරත්නම් යනු  මුදලිගේලාට නායකත්වය දෙන රටේ නීතිය යනු අරගලය බව ප්‍රකාශ කළ කුමාර ගුණරත්නම්ගේ සොහොයුරාය. කුමාර ගුණරත්නම් රටේ නීතිය යනු අරගලය යනුවෙන් කළ ප්‍රකාශයත් සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු වට රවුමේදී මන්ත්‍රින්ට තරජනය කරමින් කළ ප්‍රකාශයත් නිසා වර්තමාන අරගලය ආරම්භයේ සිට සහාය දෙමින් ක්‍රියා කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආශිර්වාදය නො ලැබෙන තැනකට තල්ලු විය.



මේ සිද්ධ වෙන්නේ කුමක්ද? රනිල් ජනාධිපති කර ගමට එන්න එපා යයි තුසිත මුදලිගේ ප්‍රසිද්ධියේ තර්ජනය කරන්නේ කාටද? ජූලි විසි වෙනිදා ජනාධිපති තෝරන්නේ රහස් ඡන්දයෙනි. තුසිත මුදගේ ගමට එන්න එපා යයි තර්ජනය කරන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ 225 දෙනාටම නොවේද?  රනිල් වික්‍රමසිංහට ඡන්දය නොදුන්නොත් බලා ගන්නවා යයි තවත් කල්ලියක් තර්ජනය කළොත් 20 වෙනිදා මේ රටට කුමක් වේද?

ජූලි නව වෙනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරක්ෂාව භාරව සිටි බ්‍රිගේඩියර් අනිල් සෝමවීර දැරූ වගකීමෙන් ඉවත් කළොත් එය ඔහුගේ උසස්වීම් බලපාන බවට සජබ මන්ත්‍රි මුජිබර් රහමන්  ප්‍රකාශ කළේය. සජබය යනු සජිත් ප්‍රේමදාසගේ දේශපාලන පක්ෂයයි. ”ජේ.ආර්. මරමු” යනුවෙන් 1988 ජවිපේ රටාවට තාප්ප බිත්තිවල පෝස්ටර් ගැසුවේ විජේවීරලා නොවන බව බුද්ධි අංශ වාර්තා කළේය.  ප්‍රේමදාස ජනාධිපති වුණේ එහෙමය.

88-89 යුගයේ රටේ මහා මාර්ගවල දර සෑයන් තැනුණේ ජනාධිපති ආර්. ප්‍රේමදාස කාලයේ බව අන්තරයත් දනිති. මුජිබර් රහමන්ලා කුමාර් ගුණරත්නම්ලා එක් මේ අර අඳීන්නේ කුමකටද? මේ ප්‍රශ්නය විවෘත එකකි. ප්‍රේමදාස ජනාධිපති සමග ගැටුණ ගාමිණි දිසානායක,  දැඩි පීඩනයකට මැදිව සිටියේය. මේ තත්වය මිතුරු හමුවකදී අවබෝධ කරගත් එවකට බ්‍රිගේඩියර් තනතුර දැරූ ඩෙල්සිල් කොබ්බෑකඩුව එක්  මිතුරෙකු අමතා මෙසේ කීය.

“මචං උඹ ගාමිණිට කලබල නොවී ඉන්න කියලා. මං කීවා කියලා ඉක්මනට කියපන් මේ මිතුරන් සහ ගාමිණි දිසානායකත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ  සමකාලීන සිසුන් විය. එහි සිටි මිතුරෙක් වහා බ්‍රිගේඩියර් ඩෙල්සිල් කොබ්බෑකඩුව ගෙන් මෙසේ ඇසීය.

“ඇයි ඔයාට ඒක ගාමිණිට කියන්න පු`ථවන්නේ..  “මම හමුදා නිලධාරියෙක්. මට එහෙම සම්බන්ධකම් තියා ගන්න බැහැ. ඒ ප්‍රකාශයෙන් එකී කතාබහ අවසන් විය.මේ සිද්ධීය සමග හමුදාපති සරත් පොන්සේකා සිරබත් කෑ වරද සක්‍රියව දේශපාලනය කළ විපක්ෂ මන්ත්‍රින් දෙදෙනෙකු සමග රටේ දේශපාලනය ගැන දුර කතනයෙන් කතා කිරීමය.

ජනතාවගේ පිඩාවෙන් ගොඩනැගණ මේ අරගලය තක්කඩින් විසින් හසුරුවන ආකාරයට මුජිබර් රහමන්ලා කුමාර ගුණරත්නම්ලා හොඳ නිදර්ශන වේ. තුසිත මුදලිගේ ඒ ව්‍යාපාරයේ පොඩියන් කෙනෙකි.


නීතිඥ සංගමයේ මැදිහත්වීම සහ අත්‍යාවශ්‍ය සේවා ඉන්ධන කෝටාව - (නීතිඥ  චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්