විදුලිය ගාස්තු ඉන්ධන මිල වැඩි කරන්නෙ, ඒ සේවා සහ භාණ්ඩ සැපයීමේ වියදම ඉහළ යන නිසාම නොවේ.

දිගින් දිගටම අවුරුද්දක් ඇතුළත කිහිප වර මිල වැඩි කරන්නේ ඒවායේ සිදුවන යෝධ දූෂණ, නාස්තිය, අනවශ්‍ය වියදම්, අකාර්යක්ෂමතා නිසා ඇතිවෙන පාඩු පියවා ගැනීමටය.

ඒ නිසා මේ කරන ලද වැඩිකිරීම් කිසිවක් ගෙවීමට අප බැඳී නැත. ඒ වැඩි කිරීම් වහා අහෝසි කර, ලංවිම, සිපෙට්කෝ ආයතනවල පසුගිය අවුරුදුවල වාර්ෂික වියදම විස්තර සහිතව ප්‍රසිද්ධ කිරීමට බල කළ යුතුය.

ඒ සඳහා පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවන් තමන්ගේ ප්‍රදේශයේ විදුලිය හා ඉන්ධන ගාස්තු වැඩි කිරීමට එරෙහි කමිටු පිහිටුවා ගත යුතු වන්නේය. ඒවා දිස්ත්‍රික් සමුළු වශයෙන් ජාලගත කර, සියලු දිස්ත්‍රික්කවල එකම දවසේ එකම වෙලාවට සාමකාමී උපවාසයක් ආරම්භ කළ යුතුය.

එවැන්නකට උර දෙන්නට කැමති අය, වහා වැඩේට අත ගැසිය යුතුය. මේ මිල ඉහළ දැමීම් බාර නොගත යුතුය.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපියක් :

විදුලිය හා ඉන්ධන ඉහළ දැමීම් වහා අහෝසි කළ යුතුමයි - (කුසල් පෙරේරා)

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්