දඹුල්ල ප්‍රදේශයේ යොහාන් නැමති තරුණයෙකුගේ පාපෝච්චාරණයක් ඇති වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලතුල වේගයෙන් සැරිසරමින් තිබේ. 
 
ඇත්තෙන්ම එම වීඩියෝව මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි?.
 
යොහාන් මේ ආණ්ඩුව බිහි කරන්නට පොහොට්ටුවට ඡන්දය දුන් අයෙකි. ඔහු ඒ බව ප්‍රකාශ කරයි. 
 
තමන් හැට නව ලක්ෂයෙන් එකෙකු බව කියන යොහාන් වත්මන් ආණ්ඩුව බිහි කිරීමට තමන් දායක වීමත්, අද ඒ පිළිබඳව ඇති පසුතැවීමත් ඔහු රටට පාපොච්චාරණය කරයි.
 
ඔහුගේ කතාව මෙතරම් සමාජගත වූයේ ඔහු කතා කරන්නේ බොහෝ මිනිසුන්ගේ හදවත්වල තෙරපෙමින් තිබෙන ප්‍රශ්න නිසාය.
 
එක් අතකින් ඔහු කියන දේ පොහොට්ටුවට ඡන්දය දුන් බොහෝ දෙනෙකුගේ සිත්වල ඇති වේදනාව වන අතර අනෙක් අතට පොහොට්ටුවට ඡන්දය නොදුන් අය පවා පක්ෂ භේදයකින් තොරව යොහාන්ගේ කතාව මහත් උනන්දුවෙන් සවන්දෙන බව පෙනේ.
 
 
 
 
 
යොහාන්ගෙන් මේ පිට වූයේ ජනතාවගේ හදගැස්ම ය. ජනතාවගේ පීඩනය ය. ජනතාවගේ හදවත්වල හැඟීම ය.
 
එහෙම බැලූ විට යොහානුත් එක්තරා ආකාරයකට නායකයෙකි.! . 
 
ඔහු තමා වෙතින් වූ වරද පිළිබඳව පශ්චාත්තාප වන සහ ඒ ගැන පාපොච්චාරණය කරන අයෙකි. 
 
එය දුර්ලභ ගුණයකි.
 
තමන් ඡන්දය දීමෙන් අපේක්ෂා කළ සියල්ල ආණ්ඩුව දිනෙන් දින කඩාබිඳ දමන බව යොහාන් කියයි. එය යොහාන් වැනි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේද සිත්වල ඇති පීඩාවකි.
 
ජනතාව මීට වසර දෙකකට පමණ පෙර සොයමින් සිටියේ ප්‍රශස්ත පාලනයකි. ඒ පාලනය තුලින් මේ රට සුරක්ෂිත කරනු ඇති බවටත්, ජනතා අපේක්ෂාවන් ඉටු කරනු ඇති බවටත් යොහාන්ලා විශ්වාස කළහ. 
 
යහපත් සහ දියුණු රටක් ඔවුන්ගේ අපේක්ෂාව විය. 
 
තාක්ෂණයෙන් මෙන්ම, සෞභග්‍යමත් රටක් මේ පාලනය විසින් ගොඩනගනු ඇතැයි ඔවුන් සිතූහ.
 
මේ සිදුවෙමින් තිබෙන්නේ එවන් අපේක්ෂාවන් ඇස්පනාපිටම සුනුවිසුණු වී යන තත්ත්වයකි. යොහාන් රට ඉදිරියේ පවසන්නේ ඒ ඇත්ත ය. 
 
‘ජාති වශයෙන්, ආගම් වශයෙන් පක්ෂ වශයෙන් අපිව කෙටෙව්වා, භේද භින්න කළා’ යැයි යොහාන් චෝදනා කරයි.
 
‘ අද කෝ වඳ කොත්තු. අද මුස්ලිම් කචල් කෝ” කියා ඔහු ප්‍රශ්න කරයි.
 
බලය වෙනුවෙන් රටම භේදභින්න කළ බව ඔහු මහත් සංවේගයෙන් පවසයි.
 
ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් ඔවුන් බලය ලබාගත් බවත්, අවසානයේදී ඒ කුමන්ත්‍රණයට ජනතාව රැවටුණු බවත් යොහාන් පවසයි.
 
 දෙවසරක් තිස්සේ මේ රටේ අධ්‍යාපනය කඩාවැටී ඇති හැටි ඔහු ආණ්ඩුවටත් රටටත් සිහිපත් කරයි.
 
ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් මේ රටේ පුරවැසියන්ව වෙන කළේ පාලකයින් නොවේද කියා ඔහු අසයි. 
 
රට පාලනයේදී දැනුම කුසලතා වලට ප්‍රමුඛතාවය දෙනවා වෙනුවට පවුල සහ වෙනත් සාධක සැලකිල්ලට ගෙන රට විනාශයට රැගෙන යන හැටි යොහාන් හෙලිදරව් කරයි.
 
 
"උපතින් කිසිවෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන අතර යම් පුද්ගලයෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ තමන් කරන ක්‍රියා අනුව පමණක්" බව බුදුන් දේශනා කොට ඇත.එහෙත්, එය එසේ නොවන බවට මේ රටේ පාලකයින් ඔප්පුකොට ඇති අයුරු යොහාන් නොකියා කියයි.
 
 
අපේ රටේ ඉතිහාසයේ සිට හැම නායකයෙක්ම සිදුකොට ඇති වරද වන්නේ රටේ සියලු දෙනාටම එකම පුරවැසියන් සේ නොසැලකීම ය. හැමෝගෙම රට ලෙස වචනවලින් පමණක් ප්‍රකාශ කළද ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොවේ. ඒ සත්‍ය යොහාන් පවසයි.
 
හැමදාම තම අරමුණු වෙනුවෙන් පාලකයින් රටේ ජනකොටස් බෙදා වෙන් කළ බව ඔහු සිහිපත් කරයි.
 
තමන් ඇතුලු පුරවැසියන් ට පන්සල, පල්ලිය, කෝවිල ඇති බවත් ඒවා අතර භේදභින්නකම් ඇති නොකරන ලෙසත් ඔහු ආණ්ඩුවට අවධාරණය කරයි.
 
සිය වේදනාව ඔහු ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් එල්ල කරයි. 
 
විශේෂයෙන්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන්නේ ඔවුන්ද මේ තත්ත්වයෙන් රට බේරා ගන්නට මැදිහත් නොවෙන බව කියායි.
 
පක්ෂ විපක්ෂ කා ගැනත් යොහාන්ට කළකිරීමක් ඇති බව සාධාරණ නමුත්, යොහාන් ජවිපෙට ඡන්දය දුන් අයෙකු නොවේ. එහෙම ඡන්දය නොදී ජවිපෙට චෝදනා කිරීම නිෂ්ථල ය.
 
අදත් ජනතාවගේ ප්‍රශ්න ගැන ජනතා විමුක්ති පෙරමුණ තමන් සතුව ඇති සීමිත බලයෙන් සෙස්සන්ට වඩා වැඩ කරන බව පෙනේ. 
 
කෙසේ වෙතත්, යොහාන් තමාගේ ඇත්ත හැඟීම පිට කරන්නට තරම් පෞෂයක් ඇති පුරවැසියෙකි.       
 
 AP21194191660338 1 
 
හතලිස් තුන් ලක්ෂයක් පාසැල් දරුවන්ට දෙවසරකට කිට්ටු කාලයක් පාසැල් අහිමි වී ඇති බව යොහාන් මතක් කරයි.
 
 
තවමත් ඊට නිෂ්චිත විසඳුමක් නැත. ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳව ඇති තත්ත්වය ඉතා කණගාටුදායක ය. පාසැල් 2000කට ඔන්ලයින් පහසුකම් තබා, විදුලියවත් නැත. 
 
ඉන්ටර්නෙට් පහසුකම් ඇති තියෙන තැනක් සොයා පාරුවෙන් ගොස් අනතුරුව බසයක නැගී යන දරුවන් මේ රටේ සිටී.
 
සංඥා සොයා ගස් උඩට කඳු උඩට නැග ඔන්ලයින් යන දරුවන් මෙරට සිටී.
 
දරුවන් තිදෙනෙක් පාසැල් යන නිවෙස්වල තනි දුරකතනයකින් ඔන්ලයින් අධ්‍යාපනය ලබන්නේ කෙසේද කියා බලධාරීන් හෝ පාලකයින් මොහොතකටවත් සිතන්නේ නැත.
 
යොහාන් කතා කරන්නේ ඒ කටුක සත්‍ය ය.
 
ඒ කියන දේ සත්‍ය බව දන්නා සියලු දෙනා යොහාන්ගේ කතාව බෙදාහදා ගනී.
 
ආණ්ඩුවට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාට යොහාන් ආයචනයක් කරයි. ඒ අපි එකට එකතුවෙමු කියා ය.
 
යොහාන් යනු රටම දන්නා, රූපවාහිනියේ හෝ මාධ්‍යවල නිතර දකින මහා දේශපාලන, ආර්ථික විශේෂඥයෙක් නොවන්නට පුලුවන.එ හෙත් එවන් චරිත බොහෝ දෙනෙකුට නොපෙනෙන ඇත්ත යොහාන් දකිනවා මෙන්ම කටුක ඇත්ත ඉතාම සරලව ඉදිරිපත් කරයි.
 
මේ දෙවසරක වැකුම් එක තුළින්, ඉන් අනතුරුව බිහිවන්නේ ‘නූගතුන්’පිරි රටක් බව ඔහු පවසයි.
 
එහෙම නුගත් පිරිසක් බිහිවෙනවා දැකීම පාලකයින්ගේ දුෂ්ඨ අරමුණ බවද ඔහු පවසයි.
 
බොහෝ උගත්යැයි සම්මත ඇතැම් වියතුන්, ඇතැම් නීතීඥයින්, ඇතැම් ප්‍රභූන්, ඇතැම් ඉහළ ව්‍යාපාරිකයින් සේම ඇතැම් මාධ්‍ය පවා නොදන්නා හෝ දැනගෙන නොදන්නා සේ සිටින සත්‍ය, යොහාන් සමාජය ඉදිරියේ හෙලිදරව් කරයි.
 
ඔවුන්ට නැති යොහාන්ට ඇති නායකත්ව ගුණය සහ පෞරුෂය එයයි.
 
ඔහු මෙරට මාධ්‍ය විසින් කළ මිත්‍යාව සහ විනාශය ගැන චෝදනා කරයි.
 
මේ ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් මාධ්‍ය බොරු කී බව යොහාන් පවසයි.
 
තමන්ගේ හැඟීම සහ මතය සමාජයට රැගෙන යාමට මේ රටේ ප්‍රමුඛ මාධ්‍යයෙන් ඉඩක් නොලැබෙන බවත් යොහාන් දනී.
 
තමන්ට එවැනි තැනක සිය අදහස් පැවසීමට ඉඩ නොලැබෙන බව දන්නා ඔහු ඒ නිසා  විකල්පය තෝරා ගනී. ඒ සමාජ මාධ්‍ය හරහා සිය වේදනාව මෙන්ම රට මුහුණ දී ඇති බරපතල තත්ත්වය හෙළිදරව් කිරීමය.
 
එක් අතකින් යොහාන් මාධ්‍ය මෙහෙයුමක් සිදුකරයි. එය රැල්ලක් බවට පත්වෙනු නොඅනුමාන ය.
 
 මොනතරම් වෙහෙසක් දැරුවද සත්‍ය කවදා හෝ හෙළිදරව් වෙයි. 
 
එය වසා තැබිය නොහැකි බවත් මෙරට පුරවැසියන් සෑම විටෙකම නිහඩව නොසිටින බවත් යොහාන් ඔප්පු කරයි.
 
එබැවින් ඉදිරියේදී තව තවත් යොහාන්ලා බිහිවනු වැලැක්විය නොහැකි ය.
 
 
 
 
WhatsApp Image 2021 07 16 at 11.10.12 AM(ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ) 
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික 
ලේක්හවුස් හිටපු සභාපති.
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
නාමල්ගේ 'ඩබල් ගේම්' කතාව
 
 
 
ශ්‍රී ලන්කන් කෝටියක පෙරහැර ගැහිල්ලක් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image