සෑහීමකට පත් විය හැකි එන්නත් කැළලක් පෙන්විය නොහැකි කිසිදු පුද්ගලයෙකුට කිසිදු තැනකට ඇතුළුවීම තහනම්.
 
මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වසංගතය වෙනුවෙන් එන්නත් ලබාදීමක් ක්‍රියාත්මක වෙමින් පවතී. එලෙස එන්නත් ලබා නොගත් කිසිවෙකුටත් තම රටට ඇතුළු වීමට ඉඩ නොදීමට එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් තීරණය කර තිබේ. 
 
එනමුත් අදාළ පුද්ගලයා එන්නත ලබාගෙන ඇත්ද නැති ද යන්න පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කරන ලේඛනය සැබෑ එකක් ද? යන්න සොයා බැලීම සඳහා වෙනම ම වෙහෙසක් දැරීමට ආගමන විගමන නිලධාරීන් හට සිදු වනු ඇත. මෙයට වසර සියයකට පමණ පෙර ද මෙවැනි ම ගැටලුවක් ඇති වී තිබිණි.
 
 
intro 1591296806 768x432  
එක්සත් ජනපදය තුළ පමණක් වසූරිය රෝගීන් 164,283ක් සිටින බව තහවුරු වී තිබුණි.
 
 
විසිවන සියවස ආරම්භයේ දී එක්සත් ජනපදය ඇතුළු බලවත් රටවල් ගණනාවක්ම වසූරිය වසංගතයක ග්‍රහණයේ සිටියේය. 1899 සිට 1904 දක්වා පස් අවුරුද්දක් පුරා ඇති වූ වසංගත රැල්ල තුළ දී රජයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් තහවුරු කරන ලද්දේ එක්සත් ජනපදය තුළ පමණක් වසූරිය රෝගීන් 164,283ක් සිටින බව ය. 
 
එනමුත් සැබෑ සංඛ්‍යාව එයට වඩා පස් ගුණයකින් වැඩි විය. අධික ලෙස බෝවන හා බොහෝ විට මාරාන්තික වූ මෙම වයිරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වසූරිය එන්නත ලබා ගැනීමට රටපුරා තල්ලුවක් තිබුණි.
 
 
PS2010 SmallpoxVaccine 242820433 1200 768x432 
වසූරිය එන්නත ලබා ගැනීමට රටපුරා තල්ලුවක් තිබුණි.
 
 
දරුණු ලෙස වසංගතය පැතිර ගොස් තිබූ නගරවල සහ ප්‍රාන්තවල එන්නත් කිරීම අනිවාර්ය වූ අතර රැකියාවට යාමට, රජයේ පාසලකට යාමට, දුම්රිය ධාවනය කිරීමට හෝ රංග ශාලාවට යාමට පවා එන්නත් කරනු ලැබූ බවට නිකුත් කෙරෙන නිල සහතිකය අවශ්‍ය විය.
 
 
101235983 h1 768x384
එන්නත් කරනයට විරුද්ධ පිරිසක්
 
 
අනිවාර්ය එන්නත් කිරීමේ නියෝගය මඟින් සිය පෞද්ගලික නිදහස විනාශ වන බවට පැවසූ බොහෝ ඇමරිකානුවෝ කෝපයට පත් වූ අතර මෙම නියෝගයට විරුද්ධ ව එන්නත් – විරෝධී ලීග පවා පිහිටුවා ගත්හ.
 
සමහර එන්නත් විරෝධී සංගම් සාමාජිකයින් විසින් එන්නත් කිරීමේ සහතික ව්‍යාජ ලෙස සකස් කරනු ලැබිණි. සහතික නීත්‍යනුකූල දැයි කීමට නොහැකි වූ සෞඛ්‍ය නිලධාරීහූ එන්නත ලබා ගත් බව වඩාත් තහවුරු කර ගැනීම පිණිස එන්නත් කිරීමේ කැළලක් ඇති කරන ලෙස ඉල්ලා සිටියහ.
 
 
smallpoxvaccine 1056342166 
වෛද්‍ය එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය රෝගයට එරෙහිව පළමු එන්නත අට හැවිරිදි පිරිමි ළමයෙකුට ලබා දෙයි.
 
 
1796 මැයි 14 වන දින වෛද්‍ය එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය රෝගයට එරෙහිව පළමු එන්නත අට හැවිරිදි පිරිමි ළමයෙකු වූ ජේම්ස් ෆිප්ස් හට ලබා දුන්නේ ය. 
 
පසුව 1900 වසරේ දී ඔහු විසින් ප්‍රථම වරට, සංවර්ධනය කරන ලද තාක්‍ෂණය අනුගමනය කරමින් වසූරිය එන්නත ලබා දෙන ලදී. එහි දී ඉහළ අතේ සම පිහියකින් ලකුණු කර තුවාලය තුළට සජීවී වයිරසය ඇතුළු කෙරිණි.
 
 ඇමරිකානු ඉතිහාසයේ කතුවරයකු වන මයිකල් විල්රිච් පවසන්නේ එන්නත ලබා ගත් පුද්ගලයින්ට සාමාන්‍යයෙන් උණ සහ උගුරේ වේදනාවත්, අතෙහි වේදනාවත් දැනුණු බවයි. 
 
එන්නත ලබා දුන් ස්ථානය වඩ වඩාත් රතු වී ඉදිමුණු අතර කැළලක් ද ඇති විය. මද කලකින් තුවාලය වියළී ගිය අතර ඉතිරි වූයේ දළ වශයෙන් කුඩා කැළලක් පමණි. එන්නත ලබා ගත් බවට තිබූ සාක්ෂිය එය විය.
 
 
Bifurcated needle 0 
ඉහළ අතේ සම පිහියකින් ලකුණු කර තුවාලය තුළට සජීවී වයිරසය ඇතුළු කෙරිණි.
 
 
 
images.jpg new 768x511 
තුවාලය වියළී ගිය අතර ඉතිරි වූයේ දළ වශයෙන් කුඩා කැළලක් පමණි.
 
 
වසූරිය මාරාන්තික වේගයකින් පැතිරී තිබූ නිව්යෝර්ක් සහ බොස්ටන් වැනි නගරවල පිහිටි ජනාකීර්ණ නිවාසවල සෞඛ්‍ය නිලධාරීන් විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ම බඳවා ගත්තේ එන්නත් කිරීමේ නියෝග ක්‍රියාත්මක කිරීමට සහ එන්නත්කරණ ක්‍රියාවලියේ දී ගැටුම් ඇති කිරීමට උත්සාහ ගන්නා ලද පුද්ගලයින් වළක්වාලීමට ය. 
 
එන්නත සඳහා ඇති පුළුල් ප්‍රතිරෝධය ගැන කලකිරී සිටි මෙම සෞඛ්‍ය කණ්ඩායම්, එන්නත් සහතික සම්පූර්ණයෙන්ම වාගේ නොසලකා හැරියහ.
 
එතැන් පටන් සෞඛ්‍ය නිලධාරීන් විසින් තමන්ට අවශ්‍ය යැයි හැඟෙන, තම දැනුමේ ප්‍රමාණයට අනුව එන්නත ලබා ගත යුතු යැයි පෙනෙන සියලු පුද්ගලයින් හට අනිවාර්යයෙන් එන්නත නිකුත් කළහ.  
 
ගමනාගමනයේ දී ද එම සෞඛ්‍ය නිලධාරීන් මෙන් ම පොලිස් නිලධාරීන් ද සොයා බැලුවේ එන්නත ලබා ගත් හෝ ලබා ගැනීමට නුසුදුසු බවට නිකුත් කර තිබූ සහතිකය නොව එන්නත් කැළල යි.
 
 
istockphoto 1213769730 612x612
එන්නත් විරෝධීන් රජයේ නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගනී.
 
 
1903 දී ලොව සියලු රටවල රජයයන් විසින් නියෝගයක් නිකුත් කළේ ” සෑහීමකට පත් විය හැකි එන්නත් කැළලක් පෙන්විය නොහැකි කිසිදු පුද්ගලයෙකුට කිසිදු කඳවුරක සේවයට ඇතුළු වීමට හෝ වැඩ කිරීමට ඉඩ නොදිය යුතු” බව යි.
 
ඒ අනුව සියලු කර්මාන්තකරුවෝ සිය කම්හල්වල සිටින සියලු සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට එන්නත ලබා දීමට උත්සුක වූහ. මෙම නියෝගය ලක්ෂ ගණනක ජනතාවකට බලපෑවේ ය.
 
 
2468 768x461
 
පවුල්වල සියලු දෙනාටත් එන්නත්
 
 
කෙසේ වෙතත් එන්නත් – විරෝධී හැඟීම් කිසි විටෙකත් මුළුමනින්ම පහව ගියේ නැත. සමහර පුද්ගලයෝ එන්නත ලබා නොගෙන සිය අත් මත එන්නත් කැළැල් ඇති කර ගැනීමට පවා පෙළඹුණාහ.
 
 
how children took the smallpox vaccine around the world 1050x700 768x513 
වසංගතය නිමාවට පත් වන තුරු ම එන්නත් කැළල ගමන් බලපත්‍රයක් බවට පත් ව තිබිණි.
 
 
ඔවුන් එය සිදු කර ගත්තේ දොස්තරවරුන් එන්නත සඳහා භාවිත කරන ප්‍රමාණයට සමාන නිකල් ප්‍රමාණයක් ගෙන, එය නයිට්‍රික් අම්ල භාජනයක ඔබා සම මත තබා ගැනීමෙනි. මෙය ඉතා වේදනාකාරී වූ බව නොකිව මනා ය. 
 
එතරම් වේදනා විඳිමින් හෝ එන්නත ලබා නොගැනීමට පෙළඹීම පුදුම සහගත ය. කවුරුන් කුමන ප්‍රතිචාරය දැක්වූවත් වසූරිය වසංගතය නිමාවට පත් වන තුරු ම එන්නත් කැළල ගමන් බලපත්‍රයක් බවට පත් ව තිබිණි.
 
 
 
ශ්‍රීනි ලංකා ජයකොඩි
(උපුටා ගැනීම 'අරුණ' පුවත්පත)
  

 
 
 
 
THE LEADER TV 
 
ඩයලොග් එකට ඩයනා ගෙන් බාල්දියක් ? 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්