''බුදු දහම ආගමක් නෙවෙයි ඒක මම නෙවෙයි කියන්නේ තථාගතයන් වහන්සේ. බුද්ධාගම නෙවෙයි බුදුහාමුදුරුවෝ දර්ශනයක් කිව්වයි කියනවා. නැහැ

තථාගතයන් වහන්සේ දර්ශනයක් වදාළේ නැහැ.'' යයි  සමාජ විශ්ලේෂකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන සුජිත් අක්කරවත්ත පවසයි.

 
ඔහු එබව සඳහන් කර සිටියේ,  NEXTV නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මෙහෙයවූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.
 
එහිදී ලිංගිකත්වය සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දක්වමින් සුජිත් අක්කරවත්ත මෙසේ පැවසිය. 
 
'' ශුංගාරය කියපු මේ නූතනයේ ගොඩාක් අය කළබල වෙනවා. බුදු හාමුදුරුවෝ ශුංගාරය ගැන ලිංගිකත්වය ගැන රාගය ගැන කතා කරලා තියනවා. බුදු රජානන් වහන්සේ දිනමහා වීරගෙන් වෙන් වුනේ ඒකයි. දිනමහා වීර කිව්වා එයාගේ දසසිල්වලදී ජීවිතාන්තය දක්වා බඹසර විය යුතුයි කියලා. ලිංගිකත්වයේ යෙදෙන්නම බැහැ.
 
  
''බුදු හාමුදුරුවෝ පංචසීල ප්‍රතිපත්තියේදී කිව්වේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා. මොකක්ද මේ වරදවා හැසිරෙන්න එපා කිව්වේ. හරියට හැසිරෙන්න කියලා.
 
 
අවබෝධ නැති අය රාජ්‍යය බලයට පැමිණියහොත්, අවබෝධ නැති අය ශාසනභාරධාරීන් වුවහොත්, ශාසනය අර්බුදයට දක්වෙන බව පවසන අක්කරවත්ත,  ''වලගම්බා රජ්ජුරුවෝ මේක කරපු දා ඉඳලා සියලු පාලකයෝ ගිහියෝ අමු අමුවේ බුදු බණ කඩ කර කර මේක කරනවා. අවබෝධ නැති කෙනා රාජ්‍ය භාරකත්වයට ආවම විකෘති  රාජ්‍යයක් මේ  වෙන්නේ ඒක තමයි.'' යයි කියා සිටියේය. 
 
 
''ක්‍රමය කුඩු කරන්න පරාක්‍රමබාහු කෙනෙක් නැගිටිය යුතුයි ''
 
 
''එතකොට අවබෝධය නැති කෙනා කොහොමද රාජ්‍ය අධිපතිත්වයට ආවේ. මහා පරාක්‍රමබාහු රජතුමා ඒක තමයි කළේ. සසුන අගතියට පත්කරා දේශපාලනය අගතියට පත් කරා දෙකම ඉවර කළා ඔහු. ඔහු අළුත් එකක් ගෙනාවා. බෞද්ධයා කළ යුතු එකම දේ තමයි උපරිමයෙන්ම පරාර්ථචර්යාවේ යෙදෙන්න ඕන. 
 
බුදුන් වහන්සේගේ තිබුණ දෙයක් තමයි සෘජුව සිටීම, නොනැමී සිටීම. කිසිවිටෙකත් නැමෙන්නේ නැහැ. අනික් එක තමයි අවිරෝධය. විරෝධය පළකරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කිසිවිටෙක කිසිම දෙයක් සම්බන්ධව. සංවාද කර විසඳනවා. සමහර දේවල් තමයි බුදුහාමුදුරුවෝ කළේ ඉතාම පැහැදිළිව නෑ කරන්නේ නැහැ කියන තැන හිටියා. 
 
  
ඇත්තම කියනවා නම් ලංකාවේ මඟුල් ගෙවල් විකෘති  වෙලා තියෙන්නේ යම් සේද කඨින මංගල්‍යය විකෘති වෙලා. එතකොට ජනප්‍රිය සංඝ සංස්ථාවයි ජනප්‍රිය ක්‍රියාකාරමුයි එකට එකතු වෙලා. 
 
 
දෙව්දත්නේ මේක ආරම්භ කළේ. දෙව්දත්තර ඇත්තටම උඩින් ගියා. ජනකාන්ත වෙලා වැඩ කිඩ දාලා ඒ කියන්නේ අද V8 වලින් යනවා වගේ තමයි දෙව්දත්තර එදා උඩින් ගිහිල්ලා පෙන්නුවේ.  ගිහි සමාජයත් දැනඋගත් භික්ෂුවත් වහන්සේලත් ධර්මාර්ථ කථනයකට තීරණයක් ගන්න ඕන අපි මේ වප් පොහොයේ දීවත්. මොකද අපි නතර කරන්න බැරි තරම් විනාසයක් අත ලඟටම ඇවිල්ලා තියෙන්නේ....''
 
 
 

 
 
THE LEADER TV 
 
ජනාධිපතිගේ විශේෂඥ වෛද්‍යවරයාට වෙච්ච දෙයක් !
 
 
 
දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්