‘‘හරි... එහෙනං... හොඳඅඅඅට අහගන්න...’’

ඇය මුදාහරින වදන් තරමක් දීර්ඝ කරමින් පැවසුවා ය.

‘‘හරි හරි... අගේ නොකර කියන්නකො...’’

ප්‍රතිෂ්ඨ ද නොඉවසිලිමක්ව පැවසීය.

‘‘ඒ තමයිඊඊඊඊ... ‘අපේ සිංහල සයුර’ ටියුෂන් ක්ලාස් අයිතිකාරය...’’

 

‘‘මොකක්...!’’ යැයි විමසූ ප්‍රතිෂ්ඨ ඉක්බිති දැඩි කම්පනයකට පත්විය; ඒ සමගම ඔහුගේ මුවගුළු වැටිණ. ඔහුගේ නිහඬතාව දරාගත නොහැකි වූ සචේතනී මන්ද ස්වරයෙන් වුව ද වේගවත්ව ප්‍රතිෂ්ඨ ඇමතුවා ය.

 

‘‘ප්‍රතිෂ්ඨ... ඇයි කතා කරන්නැත්තෙ...? ප්‍රතිෂ්ඨ...’’

සචේතනිගේ කටහඬ යළි ප්‍රතිෂ්ඨ වෙත පියවි සිහිය ලබා දෙන්නට සමත් විය.

‘‘න්... න්... නෑ... මේ... ඔයා... ඔයා මට කියල තිබුණෙ...’’

ප්‍රතිෂ්ඨ ඉතිරි වදන් මුදාහැරීමට පෙර සචේතනී ක්‍රියාත්මක වූවා ය.

hq720

‘‘ඔවු ප්‍රතිෂ්ඨ... ඔයා හරි... ඔයා කියන්න හදන දේ මං දන්නව. ඔයා කියන්න හදන්නෙ ‘ඒ උනාට ඔයා මට කියල තියෙන්නෙ අපේ සිංහල සයුර ටියුෂන් ක්ලාස් එක කරන්නෙ ඔයාගෙ හස්බන්ඩ් කියල නෙ... එහෙම නං...?’ කියල නෙ... ඔවු... ඒ මගේ හස්බන්ඩ් තමයි. ඒ උනාට ප්‍රතිෂ්ඨ දැන් එයා මාත්තෙක්ක නෑ... මේක ටිකක්... ටිකක් නෙවෙයි ප්‍රතිෂ්ඨ... හුඟක් දිග කතාවක්. දැං ඒ කතාව ඔයාට කියන්න ඕනෙ කාලෙ හරි ප්‍රතිෂ්ඨ... ඔවු... මං හිතන්නෙ දැං ඒකට අවස්ථාව ඇවිත් තියෙන්නෙ...’’

‘මොනවද මෙයා මේ කියවන්නෙ...? එතකොට මෙයා මෙච්චර කාලයක් මගෙත් එක්ක බය නැතුව ගමන්-බිමන් යන්න ආවෙ මේ නිසා ද...? ඒත් මං කල්පනා කරා...’

ප්‍රතිෂ්ඨගේ කල්පනා ලෝකයෙන් ඔහු යළි යථා ලෝකයට රැගෙන ආවේ චේතනිගේ වදන් ය.

 

‘‘ආයෙ ගොළු උණා ද...? මං දන්නව... මං දන්නව ඔයා දැන් ඉන්නෙ ලොකු අවුලක කියල. අවුලක් ගන්නෙපා... මං ඒ හැම දෙයක් ම ඔයාට කියනව. හැබැයි ඔයා අහන්න කැමති නං... ඔයා කැමති ද මගේ කතාව අහන්න...?’’

 

‘මගේ කතාව අහන්න... ඒ මොකද්ද ඒ පාර... ඇයි එයා මට කතාවක් කියන්න හදන්නෙ...? ඇයි මං එයා කියන කතාවක් අහන්නෙ...?  එක අතකට එහෙම වෙන එකත් හොඳයි. එතකොට මේ සම්බන්ධෙ තියාගන්නව ද, නවත්තනව ද කියලත් තීරණේ කරන්න පුළුවං. නැත්නං මට වෙන්නෙ දුවල හති වැටෙන්න විතරයි... කමක් නෑ... දැං ආපහු හැරෙන්න බෑ. සමහර විට ඉස්සරහට එන්නෙ හොඳම වෙලාව වෙන්නත් පුළුවං...’

 

John William Waterhouse The Lady of Shalott

තත්පර කිහිපයක් ම අනෙක් පසින් කිසිදු හඩක් නොනැගිණු බැවින් සචේතනී යළි ඇගේ හඩ දුරකතනය වෙත මුදා හැරියා ය.

‘‘ඇයි ප්‍රතිෂ්ඨ...? ඔයාට මාව එපා උණ ද...? මං මහ බොරුකාරියෙක් කියල හිතුණ ද...? මං... මං ඔයා රැවැට්ටුව කියල හිතුණ ද...? ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි ප්‍රතිෂ්ඨ... ඇත්තට ම සාධාරණයි. ඒ උනාට...’’

 

තව දුරටත් සචේතනී පීඩාවට පත් නොකළ යුතු යැයි අදහස් කළ ප්‍රතිෂ්ඨ ‘‘නෑ නෑ... ඔයා හිතන කියන කිසිම දෙයක් මං හිතන්නෙ නෑ. මිනිස්සුන්ට එහෙම අවස්ථා එනව. අපි හැමෝට ම අපේ ම... අපේ ම නෙවෙයි තමංගෙම කතාවක් තියෙනව. ඒත් ඒ කතාව හැමෝට ම කියන්නෑ. එහෙම කියන්න ඕනෙත් නෑ. හැබැයි ඔයා කැමතිනං ඔයා නොකියපු කතාව මට කියන්න...’’

 

‘‘මං කැමතියි ඒක අහන්න... එහෙම නේද...?’’ යැයි සචේතනී විමසුවේ ප්‍රතිෂ්ඨගේ අදහස සම්පූර්ණ කිරීමට ද පෙරාතුව ය.

‘‘හම්ම්ම්...’’

ප්‍රතිෂ්ඨගේ මුවෙන් නිකුත් වූයේ බකුසු රාවයක් පමණි. එහෙත් අනෙක් පසින් යළි සචේතනීගේ මෘදු හඬ මන්දගාමිව ගලාවිත් ඔහුගේ සවන්පත් අතරට රිංගී ය.

2614

‘‘බස්ස වගේ ‘හම්ම්ම්’කියන්නෙ ම ඔයා කැමතියි කියන එක කියල මං දන්නව. මං හරි නෙ...?’’

‘‘හම්ම්ම්...’’

‘‘හරි... දැං ඔයාගෙ මිෂන් එක ෆිනිෂ්... හරිද...? ඔයා... ඔය ගෙදරයි, ඔය කාර් එකයි, ඔය මනුස්සයයි හොඳඅඅඅඅට මතක තියාගන්න හරී... දැං හොඳ බබා වගේ ගෙදර යන්න... ආ... ඔයාට පුළුවං ද මන්ඩේ නිවාඩුවක් ගන්න... මේ... මං වෙනුවෙං... මගේ කතාව අහන්න... ම්ම්ම්... මොකද කියන්නෙ...?’’

‘‘ම්ම්ම්... මන්ඩේ...’’ යැයි ප්‍රතිෂ්ඨ මුමුණනවාත් සමග ම යළි අනෙක් පසින් සචේතනිගේ කට හඬ දුරකතනය ඔස්සේ ගලා ආවේ ය.

‘‘මං දන්නව... ඔයාට මන්ඩේ එන එක පාඩුයි... ඒ උනාට ප්‍රතිෂ්ඨ මට මේ කතාව ඔයත් එක්ක නිදහසේ බෙදාගන්නෝනෙ... තනියම... කියන්න... ඔයාට පුළුවං නේද මං වෙනුවෙං දවසක් පාඩු කරගන්න...?’’

 

මේ වන විට ප්‍රතිෂ්ඨ පසුවූයේ සචේතනීගේ ආරාධනය ඉවත දැමීමට නොහැකි පසුබිමක ය. ඇතැම් විට එළඹීමට නියමිතව ඇත්තේ ඔවුන් දෙදෙනා හමුවන අවසන් අවස්ථාව විය හැකි ය; එසේත් නොවේ නම් නව හමුවීමක ඇරඹුම විය හැකි ය. ඒ කුමක් ද යන්න උරගා බැලීමට නම් ඇගේ ආරාධනය පිළිගත යුතු ම ය.

 

‘‘ම්ම්ම්... අවුලක් නෑ... ඔයා මට වෙලාවයි තැනයි කියන්නකො... අපි හම්බවෙමු...’’

අවසන ප්‍රතිෂ්ඨ නිගමනයකට එළඹිණ.

A detail shot of John Singer Sargent’s portrait of Thomas McKeller, showing at the Isabella Stewart Gardner Museum. (Jesse Costa/WBUR)

‘‘ගුඩ් ප්‍රතිෂ්ඨ... ගුඩ්... මං දන්නව... මගේ හොඳ ම යාළුවෙක් විදියට ඔයා මං වෙනුවෙන් දවසක් වෙන් කරගන්න අකමැති වෙන්නෑ කියල. එහෙම නේද...?’’

‘හොඳ ම යාළුවෙක්... එයා තාමත් හිතාගෙන ඉන්නෙ මං එයාගෙ හොඳ ම යාළුවෙක් කියල ද... ඒ කියන්නෙ... කමක් නෑ... ඒව පස්සෙ බලාගන්න බැරියැ...’

‘‘ඔවු ඉතිං... මෙච්චර කාලයක් ඔයා කුටුම්බෙ ඇතුළෙ ඉන්නව කියල දැන දැනත් මං ඔයාට උදවු කරානං... දැං ඉතිං මොකද්ද... දැං මං දන්නවනෙ ඔයාට බාධා කරන්න කවුරුවත් නෑ කියල...’’

 

ප්‍රතිෂ්ඨගේ එම වදන් වැල සචේතනීගේ සවන්පත් අතරට රිංගූ සැණින් ඇය සියුම් තිගැස්මකට ලක් විය. ඒ, ප්‍රතිෂ්ඨ ඇය සූක්ෂ්ම ලෙස සමච්චලයකට ලක් කළා ද යන සැකයෙනි.

 

‘‘අනේ... මට හින්ට් ගහන්න එපා ප්‍රතිෂ්ඨ... කොහොමටත් අර පොතේ වැඩේ ඉවර උනාට පස්සෙ මං ඔයාට මේ කතන්දරේ කියන්න තමයි හිටියෙ. ඒත්... ඒක එහෙම නිකංම කියන්න තරං මට ගටක් තිබුන්නෑ ප්‍රතිෂ්ඨ...’’

සචේතනී මුදා හළ වදන් අතර තිබු ‘ගටක්’ යන වදන ප්‍රතිෂ්ඨගේ සිත කිසියම් ආහ්ලාදයකින් පුරවාලි ය. ඒ, ඇය තමන් වෙත වඩාත් සමීපව සිටින බව ප්‍රත්‍යක්ෂ කරගත් බැවිනි.

‘‘ආ... එහෙම ද...? දැං ඔය ‘ගට’ මෙච්චරකල් කොහේද තිබුණෙ...?’’

එවර පැමිණි ප්‍රතිෂ්ඨගේ හඬ දුරකතනය ඔස්සේ විත් සචේතනිගේ සවන්පත් අතරට ඇතුළු වූවේ ඇගේ සවන් මතු නොව හදවත ද නැවුම් ආශ්වාදයකින් පුරවාලමිනි. ඒ, එම වදන් කිහිපය මුදාහරින නිමේෂයේ ප්‍රතිෂ්ඨගේ ඉරියව් කුමනාකාර ද යන්න පිළිබඳ සිතුවමක් ඇගේ මනස තුළ සිතුවම් වූ බැවිනි. සැබැවින් ම එබඳු සිතුවමක් ඇගේ මනසේ සිතුවම් කරගන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටියා නොවේ ද යන්න ඇයට ම සිහිපත් විය.

jabdjsdlasd

‘ඇයි මං එහෙම තත්ත්වයක් බලාපොරොත්තු උණේ...?’ ඇය, ඇයගෙන් ම විමසුවා ය.

‘‘මොකද...? ‘ගට’ හංගපු තැන මතක නැද්ද... එහෙම නැත්තං...’’

සචේතනී සිතුවිලි දැහැනින් මිදුණේ යළිත් වතාවක් ප්‍රතිෂ්ඨගේ හඬ සවනට ඇතුළු වූ බැවිනි.

‘‘අනෙහ් මේ... නෝන්ඩි කරන්නැතුව ඉන්නව ද... ඒක මං හංගගෙන හිටියෙ නෑ... හැබැයි පරිස්සමට අරං තියාගෙන තිබුණ. ඒ, හරියට ම නියම වෙලාවට ගන්න ඕනෙ නිසා. මොකද මං දන්නව ඒක කොයි වෙලාවක හරි අනිවාර්යයෙන් ම ඔයාට දෙන්න ම වෙනව කියල. දැං මං හිතන්නෙ ඒක ඔයාට දෙන්න කාලෙ හරි.’’

 

ඇගේ වදන් අතර සැඟවුණ යටි අරුතක් ඇතැයි ප්‍රතිෂ්ඨට සිතිණ. එහෙත් ඒ කුමක්දැයි විමසන්නට තරම් සවියක් ඔහු තුළ නොවිණ. ඒ, ඇතැම් විට ඔහු මේ වන විට සචේතනි හමුවූ පළමු දිනයේ ඔහුගේ සිත තුළ පැන නැගි සිතුවිල්ල අභිභවන හැඟීමක් ඇය කෙරෙහි හටගෙන ඇති බැවින් විය හැකි ය.

 

‘ම්ම්ම්... ඒ නං ‘ගට’ ගැන කතාවට වඩා එහා ගිය එකක්. ඇත්තට ම ඇයි මට දැං සචේතනි දැක්ක ඉස්සෙල්ලම දවසෙ වගේ එයා ගැන... මං දන්නැ... මට මට හිතාගන්න බෑ...’

‘‘මොකද...? ආයෙ කතා පෙට්ටිය වැහුණ ද...?’’

ප්‍රතිෂ්ඨගේ නිහඬතාව දරාගත නොහැකි වූ සචේතනී ඒ හැඟීම වදන්වලට පෙරළුවා ය.

‘‘ආ නෑ පැටියො... සොරි... සොරි... මේ සචේති...’’

secrets painting 70x50 1200x900


එසැණින් අනෙක් පසින් ගලා ආවේ කිංකිණි රාවයකි. එය අවසන ‘‘හරි හරි... ඒකට කමක් නෑ... ඒකට සොරි කියන්නෝන් නෑ... දැං මට කියන්නකො ඔයාට මන්ඩේ එන්න පුළුවං නේද...?’’

එදිනට පැමිණෙන බව පවසා තිබිය දී පවා යළිත් එය ම විමසීම ප්‍රතිෂ්ඨ තරමක් විමතියට පත් කෙරිණ.

‘‘ඔවු... මං කිව්වෙ පුළුවං කියල... ඔය ටිකට ඒකත් අමතක උණා ද... මට තැනයි වෙලාවයි කියන්න. මං එන්නං...’’

ප්‍රතිෂ්ඨ යළිත් වරක් ඇය හමුවීමට හැකි බව ප්‍රත්‍යක්ෂ කළේ ය.

හරි... මං ඔයාට හවස තුනෙං පස්සෙ තැනයි වෙලාවයි කියල... තැන නං මං ඩිසයිඩ් කරල ඉවරයි... වෙලාව තමයි තවම නැත්තෙ... කෝකටත් මං මැසේජ් එකක් තියන්නං... දැං ඔයා මිෂන් එක ෆිනිස් කරන්න... බුදු සරණයි...!’’

ප්‍රතිෂ්ඨ වදනක් දෙකක් මුදා හැරීමට පෙර ම ඇය දුරකතනය විසංධි කළා ය.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/05/19    


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image