විසිදැල සිනමාපටය තුළින් ජනතා ආදරය දිනාගත් රංගන ශිල්පිනි අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා.



47 වන වියේ පසුවූ ඇය, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඊයේ (27) රාත්‍රියේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි වාර්තා වේ.

හඬන කිංකිණී, හිරු සඳු හමුවේ, ලොකු දුව, විසි දැල, සළුපට  අහසට 2, වසන්තේ කුණාටුව, සුන්දර වරද, මමත් ගැහැනියක්, ගිනිගත් හෝරාව, පුතා මගේ සුරයා ආදී චිතපට රැසකට  රංගනයෙන් දායක වූ අනුෂා සොනාලි 1995 දී නැගී එන  දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබිය.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.

 

අනූෂා සොනාලි ගේ අභාවයෙන් පසු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇත.

 

w jayasiri

prageeth 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්