මීළඟ ඔස්කාර් සිනමා සම්මාන උලෙළට රුසියානු සිනමාපටයක් ඉදිරිපත් නොකිරීමට රුසියානු සිනමා ඇකඩමිය තීරණය කර තිබේ.
සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු රුසියාව මෙම ප්‍රකට ඇමරිකානු සිනමා සම්මාන උලෙළ වර්ජනය කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.
රුසියානු සිනමා ඇකඩමිය සඳුදා (26) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ''මෙම වසරේ දී ඔස්කාර් සම්මාන උලෙළ වෙනුවෙන් සිනමාපටයක් නිර්දේශ නොකිරීමට රුසියානු සිනමා ඇකඩමියේ පරිපාලන විධායක සභාව තීරණය කර ඇති,'' බවයි.
කෙසේ වෙතත් මෙම තීරණය තමන්ට නොදන්වා ගත් නීති විරෝධී එකක් බව පවසමින්, ඔස්කාර් සම්මාන උලෙළ සඳහා රුසියාවෙන් සිනමාපට නිර්දේශ කිරීමේ වගකීම දරන කමිටුවේ සභාපති පවෙල් චුක්රේ ඊයේ (27) දින ඉල්ලා අස්වී ඇත.
95 වැනි ඇකඩමි සම්මාන උලෙළ එළඹෙන වසරේ මාර්තු මස දී පැවැත්වීමට නියමිත ය.