සම්මානිත ඉන්දීය සිනමා අධ්‍යක්ෂිකා දීපා මෙහෙතාගේ සිනමා සිත්තමක් වන Funny boy ගැන සංවාදාත්මක කතා බහක් අද
(23) පස්වරුවේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.


කැඩපතක් වූ තිරපටය නමින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විභව සාහිත්‍ය සංගමයේ තෙවසරක සැමරුම වෙනුවෙන් සංවිධාන කරනු ලබන මෙම වැඩසටහන ආරම්භ කෙරෙන්නේ අද පස්වරු 6 ට ය.

සම්මානිත සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්, රංගන ශිල්පී බ්‍රැන්ඩන් ඉන්ග්රම් එහිදී අදහස් දැක්වීමට නියමිත ය.

ශ්‍රී ලාංකීය ලේඛක ශ්‍යාම් සෙල්වදුරෙයිගේ නවකතාවක් ඇසුරින් නිර්මිත මෙරටදී රූගත කෙරුණු Funny Boy චිත‍්‍රපටය ඉකුත් වසරේ දී එළිදැක්වුනි.


Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වෙන මෙම කතාබහට පහත යෙදුම් ඔස්සේ ඔබට ද සම්බන්ධ විය හැකි ය.

https://learn.zoom.us/j/68483771889
●Meeting ID: 684 8377 1889
●Passcode: Vibhawa@21<br< a=""> /> 

 

198448440 2897747987107765 4432571345688840919 n

 
##########
 
 
THE LEADER TV 
 
'ස' ගේ කාබනික පොහොර ටිකත් ගජමිතුරු බඩට ! 
 
 
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ? 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්