රුසියානු සාහිත්‍ය මෙරට ප්‍රචලිත කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ලේඛකයින් දෙදෙනෙකු වන කරුණාතිලක හඳුන්පතිරණ සූරීන් හා ආරියරත්න
විතාන සූරීන් ඉකුත් 27 වැනිදා "ලියෝ තොල්ස්තෝයි" සම්මානයෙන් පිදුම් ලැබී ය.
ඔවුන්ට මෙම සම්මාන පිරිනමනු ලැබුවේ කොළඹ රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය එක්ව සංවිධානය කළ රුසියානු සාහිත්‍ය උලෙළේ දී කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් හා කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා අනස්තාසියා හහ්ලෝවා විසිනි.
ලේඛකයින්, පරිවර්තකයින්, පොත් ප්‍රකාශකයින් ඇතුළු සාහිත්‍යලෝලීන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු උත්සවයේ දී පසුගිය දෙවසර තුළ පරිවර්තනය වුනු සෝවියට් / රුසියානු පරිවර්තන හා රුසියාව ආශ්‍රිතව ලියැවුණු කෘති රාශියක් එළිදැක්වුනි.
එසේම රුසියානු සාහිත්‍ය කෘති යළි පළකිරීමේදී දශක ගණනාවක් ලබා දුන් විශිෂ්ට සේවාව අගයමින් ගොඩගේ ප්‍රකාශන අධිපති, එස්. ගොඩගේ ද විශේෂ සම්මානයක් එහිදී පිරිනැමි ය.
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ෆියෝදර් දොස්තයෙව්ස්කිගේ 200 වෙනි ජන්මානුස්මරණය මුල් කරගනිමින් සංවිධානය කළ රුසියානු සාහිත්‍ය උලෙළ කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක සහ රුසියානු සාහිත්‍ය කවයේ සභාපති ආචාර්ය රංජිත් ධර්මකීර්තිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.