දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ගැන සලකා බැලීමට අධිකරණ අමාත්‍යවරයා අසමත් වීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රශ්න කරයි.


රජයේ කැපවීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයට අනුකූල පරිදි දණ්ඩ නීති සංග්‍රහය වෙත ඉදිරිපත්කර තිබෙන ප්‍රතිසංස්කරණ කෙරේ සහාය පළකරන මෙන් ද මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

 

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත විසින් ඉදිරිපත්කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව වෙත සහාය පළ කිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අසමත් වීම පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එම අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. 

 

සමරිසි සබඳතා ඇතුළු සම්මුතිගත සබඳතා සාපරාධීකරණය කිරීම සඳහා බොහෝ කලක පටන් භාවිතයට ගැනුනු දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති අහෝසි කරන මෙන් ඉල්ලා එම කොමිෂන් සභාව විසින් මීට ඉහත අවස්ථාවක නිල වශයෙන් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබිණි.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා යොමුකළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් 2023 අප්‍රේල් මස ය. 

මේ සම්බන්ධයෙන් විවේචන සහ ව්‍යවස්ථාමය අභියෝගයන්වලට මුහුණ දීමට සිදුවූව ද, 2023 මැයි මස ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් එම පනත් කෙටුම්පතේ වලංගුභාවය තහවුරු කළේය. 

 

මෙම යෝජනාව “අයුක්ති-සහගත” (absurd) යැයි හංවඩු ගැසීම සඳහා, එමඟින් දරුවන් ලිංගික අපහරණයට ලක්වන්නේ, නීතියේ ආධිපත්‍යයට හානි සිදුවන්නේ, එච්අයිවී/ඒඩ්ස් තත්ත්වවල ඉහළ යාමක් හට ගැනීමට ඉඩ තිබෙන්නේ, සහ බෞද්ධ හා ආගමික මූලධර්ම සමඟ ගැටෙන බවට විශ්වාස කෙරෙන්නේ යැයි ඉදිරිපත් වූ තර්ක අධිකරණය බැහැර කළේය. එමෙන්ම, හුදෙක් විනිශ්චයකින් ඔබ්බට යමින් අධිකරණය විසින් අවධාරණය කර සිටියේ, පෞරාණික සදාචාරයන් මත පදනම්ව වැඩිහිටියන් අතර සම්මුතිගතව පවතින සබඳතාවලට දඬුවම් පැමිණවීම මානව ගරුත්වය, සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව තුළින් සුරක්ෂිතකර තිබෙන පුරවැසියන්ගේ අයිතිවාසිකම් පහත හෙළන බවයි.

 

සමරිසි (LGBT+) පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (ICCPR) අත්සන් තැබූ පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව බැඳී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින්ම පොරොන්දු ලබා දී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපියෙන් අධිකරණ අමාත්‍යවරයා වෙත අවධාරණය කළේය.

එබැවින්, මෙම පනත් කෙටුම්පත බලාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දෙන මෙන් හා එම ක්‍රියාවලිය කඩිනම් කරන මෙන් කොමිෂන් සභාව විසින් අධිකරණ අමාත්‍යවරයා දිරිගන්වා ඇත. මෙම පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 13 වන දින සිදුවිය.

ශ්‍රී ලංකාව තම පුරවැසියන් වෙනුවෙන් දරන කැපවීම තහවුරු කරනු වස්, සෑම පුද්ගලයකු වෙනුවෙන්ම ඔවුන්ගේ ලිංගික දිශානතිය කුමක් වූව ද සමාන අයිතිවාසිකම් සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ මෙම මැදිහත් වීම තීරණාත්මක පියවරකි. 

පරිපූර්ණ සහ අත්‍යාවශ්‍ය වී පවතින ව්‍යවස්ථාමය සංශෝධනයන් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් වී තිබෙන උක්ත නිර්දේශයන් කෙරේ අධිකරණ අමාත්‍යවරයා විසින් කුමන අන්දමේ ප්‍රතිචාරයක් දක්වනු ඇති ද යන්න මීළඟ පියවරයන්වලදී අනාවරණයවනු ඇත.

මානව හිමිකම්-විරෝධී ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වත්මන් අධිකරණ අමාත්‍යවරයා ආධුනිකයකු නොවේ. වරක පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාවේ එවකට සිටි සභාපතිවරයා ලෙස, සමරිසි කාන්තාවක වීම “පරපීඩාකාමී” (sadistic) තත්ත්වයක් යැයි හඳුන්වනු ලැබූ ඔහු, ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිටින ලිංගික අපයෝජන සඳහා වරදකරුවන් වූ සිරකරුවන් නිදහස් කොට ඔවුන් ලවා සමරිසි කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක්කළ යුතු බවට පළවූ පුවත්පත් ලිපියක් සඳහා තම සහාය පළකළේය. තම තීරණය තුළ, මෙකී පුවත්පත් ලිපියට එරෙහිව පැමිණිලිකළ පැමිණිලිකරුට (පිරිමි පුද්ගලයෙකි) විරුද්ධ වූ රාජපක්ෂ, ඔහුට රු. 2,100 ක දඩයක් පමුණවා, “පැමිණිලිකරු, කිසිඳු අවස්ථාවක සමරිසි කාන්තා ක්‍රියාකාරකම් කෙරේ සහභාගී විය හැකි කාන්තාවක් නොවන අතර, අදාළ ලිපියේ සඳහන් පරිදි කිසිඳු ආකාරයක ලිංගික අපයෝජනයකට ඔහු ලක්විය නොහැකි බැවින්, ඔහු එවන් ප්‍රචණ්ඩත්වයක වින්දිතයකු විය නොහැකිය” යැයි ප්‍රකාශ කළේය.

 

විජේදාස රාජපක්ෂ විසින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අදාළව සංශෝධන සම්පාදනයකර අවසන් කරනු ලැබුවේ ඉකුත් දිනක ය. තමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලින්, වයස අවුරුදු 18 ට අඩු මුස්ලිම් ගැහැණු දරුවන් විවාහකර දීමට සහ ඔවුන් ළමා මනාලියන් ලෙස නඩත්තු කිරීමට අවසර ලබා දෙන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

 

සබැඳි පුවත් :
සමලිංගිකත්වය, ත්‍රිපිටකය සහ බුදු දහම : 02 - (දමිත් චන්දිමාල්)

සමලිංගිකත්වය සහ බුදු දහම : 1 කොටස - (දමිත් චන්දිමාල්)

සමලිංගිකත්වය අපරාධ වරදක් නොකරන නීති සංශෝධනයට සහාය දෙන්න - (අජිත් පැරකුම් ජයසිංහ)

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට දොලවත්තට කැඳවීමක් !

සමරිසි (LGBT+) අයිතිවාසිකම් සඳහා තුනෙන් දෙකකගේ සහාය

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට අතිබහුතර ජනතාවගේ සහය !

'සියවසකටත් වඩා පරණ නීතිය වෙනස් වනතුරු බලා සිටිනවා'

ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !

සමලිංගිකත්වය නිර්-සාපරාධීකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය 

සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක් 

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය ! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල 



Follow Us

Image
Image
Image
Image
Image
Image