ශ්‍රී ලංකාවේ පාලකයින් සිය පාලනය පවත්වාගෙන යාම පිණිස විවිධ ජනකොටස් සම්බන්ධයෙන් සමාජය තුළ වරින්වර බිය පතුරවන බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටීගල් පවසයි.


ජාතික, ආගම්, කුල වශයෙන් නොබෙදී මිනිසා, මිනිසා ලෙසින් හඳුනාගනිමින් අයිතීන් මුල් කරගත් කතිකාවතක් දෙසට ශ්‍රී ලංකාව යොමුවිය යුතු බව පෙන්වාදෙන ඇය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බව අවධාරණය කරන්නීය.

නීතිවේදිනී එර්මීසා ටීගල් ඒ බව කියා සිටියේ, "සරෝජ් සමග සංදේශය" (Sandeshaya by Saroj) නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

"මට දිගටම පේන්නේ මේ නීතියෙන් වෙන හානි," යනුවෙන් සඳහන් කළ ඇය, "මේ නීතිය සමාජයේ සුළු ජන කොටස් බියපත් කරනවා; අත්අඩංගුවට ගන්න පුද්ගලයින්ට විතරක් නෙවෙයි ඒ බය මුළු සමාජයටම පැතිරෙනවා," යනුවෙන් ද කියා සිටියාය.

ළමා සහ කානතා අයිතිවාසිකම් සුරැකෙන පරිදි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය විය යුතු බවට හඬ නගන ක්‍රියාකාරිනියක ද වන නීතිවේදිනී එර්මීසා ටීගල් පවසන්නේ "ජාතික ආරක්ෂාව කියල බ්ලැන්කට් එකක් දාල මේ නීතියෙන් වෙන වැරදි වහන්න බැරි," බවය.



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන සංශෝධන මගින් කිසිදු ලෙසකින් පීඩාවට පත්වන පුද්ගලයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිණිස කිසිදු විධිවිධානයක් සලසා නැති බව නීතිවේදිනිය පෙන්වා දෙන්නීය.



එම පනත මෙතෙක් යොදාගනු ලැබ තිබෙන්නේ දෙමළ ජනතාව සහ පසුව මුස්ලිම් ජනතාව පීඩාවට පත්කිරීම සඳහා බව සිවිල් ක්‍රියාධරයින් නිවේදනයකින් මතු කළ අවධානය අනුමත කරන එර්මීසා ටීගල් නීතිවේදිනිය අවධාරණය කරන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීම පිණිස රට තුළ දැනට බලපවත්වන නීති ප්‍රමාණවත් අතර අවශ්‍ය නම් මහජන ආරක්ෂක පනත යටතේ තාවකාලික විධිවිධාන පැනවීමේ හැකියාව පවතින බවය.

ඇය පවසන්නේ, විධායක ජනාධිපති පදවියට පත්වන පුද්ගලයා සිය බලය අත්හැරීමට අකමැති වීම මේ පනත අහෝසි නොකිරීමට ප්‍රධාන හේතුව බවය.  

පසුගියදා නීතිපතිවරයා දිගින් දිගටම චුදිතයින්ට විරුද්ධ චෝදනා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ මාධ්‍යවේදී සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ, නීතිපතිවරයාගේ සැබෑ බලතල පිළිබඳව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි අර්ථකථනයක් නොමැති බවය.

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී නීතිපතිවරයාගේ බලතල පිළිබඳව නිසි අර්ථකතනයක් අවශ්‍ය බවත් නීතිවේදිනී ටීගල් සඳහන් කළාය.




සබැඳි පුවත් :

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්