ගෝඨාබය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීම වෙනුවෙන් නැවත පෙනී නොසිටින බවට නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය

ලෙස කටයුතු කරන දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මිට මාස ගණනාවකට ඉහතදී අවධාරණය කර තිබේ.

ඇය එම කාරණය අවධාරණය කර ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ සමයේ ක්‍රියාකළ ආකාරය ගැන පාපොච්චාරණයක් කරමින්, ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පැවති දුරකථන සංවාදයක දිය.

තමා ගෝඨාබය රාජපක්ෂට ද නඩු පැවරීම වෙනුවෙන් නැවත පෙනී නොසිටින බව පවසන ඇය, තමන්ට එසේ සිදුකිරීමට හේතු වූයේ දේශපාලන බලපෑම් නිසා බවද එම දුරකථන sep 21 Text 1සංවාදයේදී පවසන්නීය.

මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳ තමා අද මහත් සේ කනගාටුවට පත්වන බව ද නීතිය තැනීමට මෙන්ම කැඩීමට ද හැකි බව ද ඇය පවසන්නීය. 

ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීමට සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදුකළ එම දුරකථන සංවාදයේ හඬ පටයක් නිශ්ශංක සේනාධිපති විසින් සිංගප්පූරුවේ සිට සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ අනාවරණය කර තිබේ.

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ නීත්‍යානුකූල භාවය ගැන අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිලරුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගෙන් සහතිකයක් සහ ඇයට කළ දේශපාලන බලපෑම් ගැන හෙළිදරව්වක් යන සටහනින් යුතුව එම වීඩියෝව මුදාහැර ඇත.

 

තමා නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පැවරූ නඩුව නිසා ලංකාවේ විශිෂ්ට සමාගම් කිහිපය අතරින් එකක් වූ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම විනාශයට පත්වීම පිළිබඳ තමා දැන් කනගාටුවට වන බවත් ඒ පිළිබඳ හාංකවිසියක් දැන සිටියේ නම් මෙම නඩුව කිසිසේත් නොපවරන බවත් ඇය එම දුරකථන සංවාදයේදී පවසන්නීය.

එම සමාගමේ ලිපි ලේඛන 7500ක් පමණ තමා පෞද්ගලිකව කියවූ බවත් එමගින් නිශ්ශංක සේනාධිපති සිය සමාගමේ සේවකයන්ට සහ රටට කළ සේවාව තමා හොඳාකාරවම දැන් දන්නා බවත් ඇය එහිදී සඳහන් කරයි.

මෙම ආන්දෝලනාත්මක හඬපටය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන් හි විවිධාකාරයේ ප්‍රතිචාර පලවී ඇති අතර සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති විජයවර්ධන විකුම් පවසන්නේ, ''මෙයාම මෙහෙම කියනවා නම් අපි ගැන කවර කතාද?'' කියාය.

wikum FB 

කෙසේවෙතත් මෙම දුරකතන සංවාදය පිළිබඳව අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය සහ වර්තමාන සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරන  දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගෙන් අප විමසීමට උත්සහ කළද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

මේ අතර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට එරෙහිව 'රාවණා බලය' සංවිධානය සහ 'සිංහලේ' සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ගෝඨාබය ගලවා ගැනීමේ මෙහෙයුමක් ද ?

sep 21 Text 2 1මේ අතර පසුගිය රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව ඊයේ කැඳවූ අතර ගෝඨාබය රාජපක්ෂ ඊයේ දින අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී විත්තිකාර ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි අභියාචනාධිකරණය තීන්දු කර ඇති බව දැනුම් දුන්නේය.

වැඩිදුරටත් ඔවුන් අධිකරණයට දැනුම්දුන්නේ ඒ හේතුවෙන් විත්තිකාර ගෝඨාබය රාජපක්ෂ මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස එම අභියාචනාධිකරණ නියෝගයෙන් සඳහන් කර ඇති බවයි.

මෙහිදී අධිකරණය සඳහන් කළේ එම අභියාචනාධිකරණ නියෝගය තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව නඩුව නැවත ලබන 23 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින අභියාචනාධිකරණයෙන් අදාළ නියෝගයේ පිටපතක් කැඳවීමට පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය.

 

'වහාම පරීක්ෂණයක් කරන්න' -අධිකරණ ඇමතිවරිය නීතිපතිට කියයි

මේ අතර මෙම හඬපටය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල, නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය කර ඇති ප්‍රකාශය පිළිබදව පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා ගෙන් ඉල්ලා ඇතැයි පවසයි.

ඇමතිවරිය එබව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.

''අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම් තියෙනවා කියලා කියනවා නම් ඕන අභියෝගයක් මම භාර ගන්නවා '' යයි ඇමතිවරිය එහිදී අවධාරණය කර සිටියා ය. 

 

sep 21 Text 3සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආන්දෝලනාත්මක හඩපටය සම්බන්ධව මාධ්‍යවේදීන් කළ විමසීමේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරිය මෙසේද සදහන් කළාය. 

''එතුමිය අල්ලස් කොමිසමේ සභාපතිතුමිය හැටියටයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. මම මේ හඩපටය ඇහුවා මේකේ අපිට විසදගන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හඩ පිළිබදව පරීක්ෂා කළ යුතුයි. මෙතුමිය මේක කියන්නේ දේශපාලන බලපෑම් ආවා කියලා. 
මේ පිළිබදව මෙතුමියගෙන්ම අහලා දැන ගන්න ඕන. මට කෙලින්ම එතුමියගෙන් අහන්න බැහැ. එතුමියගේ ආයතන ප්‍රධානියා නිතිපතිතුමායි. එතුමා හරහා තමයි මේක අහන්න ඕන.

මම ඕන කෙනෙකුට අභියෝග කරනවා අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම් තියෙනවා කියලා කියනවා නම් ඕන අභියෝගයක් මම භාර ගන්නවා. එතුමියගේ ආයතන ප්‍රධානියා ලෙස නිතිපතිතුමා මේ පිළිබදව ප්‍රකාශයක් සිදු කළ යුතු වෙනවා.

 අනිත් කරුණ තමයි මේ එතුමියගේම කටහඩ ද කියලා දැන ගන්න ඕන. ඒ සදහා කටහඩ පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා. ''

 

දිල්රුක්ෂිට අල්ලස් කොමිසමෙන් යන්න වූ හේතුව !

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කළ දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඇතිකර ගත් මත ගැටුමක් හේතුවෙන් එම තනතුරින් 'ඉල්ලා අස්විය.

අධ්‍යක්ෂක ජෙනරාල්වරියට එසේ ඉල්ලා අස්වීමට බලකෙරුණේ,  ජනාධිපතිවරයා රටින් බැහැරව සිටි අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂව අල්ලස් කොමිසම මගින් උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳව හටගත් මත ගැටුමක් දුරදිගයාම හේතුවෙනි.

sep 21 Text 4අධ්‍යක්ෂක ජෙනරාල්වරියගේ එම ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි ලෙස කෝප වී  සිටි ජනාධිපතිවරයා,  2016 ඔක්තොම්බර් මස 12දා පදනම් ආයතනයේ පැවති රැස්වීමක දී ඇයගේ ක්‍රියාකලාපය දැඩි දෝශ දර්ශනයට ලක් කළේය.

රටේ විධායකයේ ඉහලම තැනැත්තාට, තම ආයතනය (අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම) පිළිබඳව, පවතින වැරදි අවබෝධය හේතුවෙන් සිදුකරන ලද ප්‍රකාශ නිසා, එහි අනාගත ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුවී ඇතැයි කියමින් ඇය අනතුරුව ඉල්ලා අස්විය. 

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් ක්‍රියාකාරීන් සහ දූෂණ විරෝධී ක්‍රියාධරයන් ජනාධිපති සිරිසේනට එකල චෝදනා කළහ.

"නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අල්ලස් හා දූෂණ කොමිෂන් සභා සංශෝධන පනත සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යොමු කර මාස 5 කට වැඩි කාලයක් ගියත් කිසිවක් සිදු නොවූ" බව ජනාධිපතිවරයා පසුව ප්‍රකාශ කර තිබුනේ එම චෝදනා වලට ප්‍රතිචාර දක්වමිනි.

ඒ පසුගිය වසරේ (2018) ඔක්තෝබර් 26 වන දා අගමැති ධූරයෙන් ඉවත් කරන ලද රනිල් වික්‍රමසිංහ නැවත එම ධූරයට පත්කරමින් දෙසැම්බර් 16දා ජනාධිපති කාර්යාලයේදී සිදුකල ආවේගාත්මක කතාවේ දිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්