ගෝඨාබය රාජපක්ෂට හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නීතියට පිටින් ගොස් නඩු පවරන්නැයි දේශපාලනඥයින් ගෙන් බලපෑම් එල්ලවූ බව පවසන අල්ලස් හෝ දූෂණ

චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහගේ හඬපටය සම්බන්ධයෙන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රය කැළඹීමකට ලක්ව ඇති අතර එය පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට වාසිදායක ලෙස ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ද යොදාගෙන තිබේ.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් දේශපාලන බලපෑම් මත ඇවන්ට්ගාඩ් සමාගමට නඩු පැවරූ බවට කියවෙන දුරකථන සංවාදය හරහා ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ගෙන ගිය දේශපාලන නඩු පැවරීමේ වැඩපිළිවෙළ අනාවරණය වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඊයේ (21) සඳහන් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරන දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය සමාජ මාධ්‍ය තුල ද දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ.

එම තත්වය තුල ඊයේ (21) සමාජ මාධ්‍ය හරහා නිශ්ශංක සේනාධිපති ගෙන් ඉල්ලීමක් කර ඇති දිල්රුක්ෂික වික්‍රමසිංහ, '' ඔබතුමා හා සිදුකරන මෙම දුරකථන සංවාදය මට දුන්නේ මොන ඇමතිතුමා ද කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන්නයි'' දැනුම් දී ඇත.

ඇයගේ FB සටහනේ ඇති එම කාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල ප්‍රබල සංවාදයක් මතුව ඇති අතර අගමැතිවරයාට හිතවත් ඇමතිවරුන් හොර රහසේ රාජපක්ෂවරුන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ට ආධාර උපකාර කර ඇති බව එයින් සනාථ වී ඇතැයි ඇතැමුන් පවසයි. 

මෙය අගමැතිවරයාගේ පාර්ශවයෙන් ගෝඨාබය රාජපක්ෂට ලබාදුන් ප්‍රචාරක වාසියක් බව එවැනි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දී තිබේ. 

 දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ  සිය FB පිටුවේ තබා ඇති සටහන 

Dilrukshi FB post
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය FB පිටුවේ තබා ඇති සටහන අනූව ඉතා පැහැදිලිව ම ඇය වෙත නිශ්ශංක සේනාධිපති සමග කතා කිරීමට දුරකථනය ලබාදී ඇත්තේ යහපාලනය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකි.

ඒ අමාත්‍යවරයා කවුද යන්න ඇය අනාවරණය නොකරන්නේ මේ වන විටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලෙස  නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන රජයේ නිලධාරිනියක වන නිසාය.


වැරදි විදියට නඩු දාන්න බලපෑම් කළ දේශපාලනඥයින් කව්ද? ජනපති, දිල්රුක්ෂිගෙන් අසයි 

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පැවති දුරකථන සංවාදයකට අදාලව සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින ආන්දෝලනාත්මක හඬපටය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ, වැරදි විදියට නඩු දමන්න උපදෙස් ලබා දුන් පහත් පෙළේ දේශපාලනඥයන් කවුදැයි නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ රටට හෙළි කළ යුතු බවයි.

ඊයේ (21) පස්වරුවේ නාවුල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රීක් සමුළුව අමතමින් එබව පැවසු ජනාධිපතිවරයා, තවදුරටත් මෙසේද කියා සිටියේය.

''උදේ සිට සවස 4.00 වන තුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කර සවස 6.00න් පසු අරලිගයග මන්දිරයේ දූෂණ වංචා ලේකම් කාර්යාලයේ රාජකාරි කළ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් සදහා පත්කරන ලෙස මෑතක දී ද අග්‍රාමාත්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලීමක් කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ හඬපටයේ ස`දහන් වන අන්දමින් වැරදි විදියට නඩු දමන්න ඇයට උපදෙස් ලබා දුන් එම පහත් පෙළේ දේශපාලනඥයන් කවුදැයි රටට හෙළිකරන ලෙස තමා එතුමියට දන්වන බවත් එය රටට අනාවරණය කිරීම අත්‍යාවශ්‍ය බවත් කියා සිටියේය.

               

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්