මුස්ලිම් සමාජය සහරාන්ලා ලෙස පැවසු ගෝඨාබය රාජපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මුස්ලිම් සමාජයෙන් පමණක් නොව මුළු රටෙන්ම සමාව ගත යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි.

 (23) කොළඹ පැවැත් මාධ්‍ය හමුවකදී ඔහු එබව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කියා සිටියේය.

''කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා එදා සහරාන්ට, පොට්ටු අම්මාන්ට සල්ලි දුන්නයි කියන එක පිළිගත්ත විතරක් නෙවෙයි ඒක පුලපලා කිව්වා ඔබතුමාටල බලන්න පුළුවන් ඒ වීඩියෝ එක.

 ඊටත් වඩා බරපතල ප්‍රකාශයක් ඊට පහුවෙනිදා තිබුණු ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡා‌වේදී එතුමා කිව්වා. මම දන්නේ නැහැ එතුමා කියපු ප්‍රකාශය ගැන එතුමාට එදා හැන්දෑවේ ගියහම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දනගස්සලා දඬුවම් කරාද කියලා. 


මුස්ලිම් සමාජයම ඔත්තුකරුවො විදිහට පාවිචිචි කරාලු!


මේක නිවැරදි කරන්න ගිහිල්ලා ඊට වඩා බරපතල කතාවක් කිව්වා. එතුමා පහුවදා ඇවිල්ලා කියනවා මම සහරාන්ල කියලා කිව්වේ සමස්ථ මුස්ලිම් සමාජයටයි කියලා. සමස්ථ මුස්ලිම් සමාජයමලු එතුමා සහරාන්ලා කියලා හැඳින්නුවේ. සමස්ථ මුස්ලිම් සමාජයම ඔත්තුකරුවො විදිහට පාවිචිචි කරාලු. ඊට වඩා බරපතල ප්‍රකාශයක් මේක. 

සහරාන් කියන්නේ කවුද? අපේ රටේ කතෝලික ඇතුළු ජනතාව 250 කට වැඩි පිරිසක් ඝාතනය කරපු, අපේ රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරපු, දේවස්ථාන තුනකට ප්‍රහාර එල්ල කරපු, හෝටල් තුනකට ප්‍රහාර එල්ල කරපු අති කෘර ත්‍රස්තවාදියක්. 

එතකොට ත්‍රස්ථවාදියාගේ නමින් මුස්ලිම් සමාජය හඳුන්වා දීම මම හිතන්නේ සමස්ථ අපේ රටේ ඉන්න මුස්ලිම් සමාජයටම කරපු අපහාසයක් කියලා මම මේක කියන්න කැමතියි. ඒ නිසා පැහැදිළිවම මේ ප්‍රකාශය කරේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ ප්‍රකාශය කරේ පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා. නිල ප්‍රකාශකවරයා. 

බැසිල් රාජපක්ෂ මහත්තයාගේ, ගෝඨාභය රාජපක්ෂ මහතතයාගේ, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පොහොට්ටුවේ හඬ තමයි මාධ්‍ය ප්‍රකාශකගෙන් නියෝජනය වෙන්නේ. ඒ නිසා පැහැදිළිව අපි කියනවා කෙහෙළිය රඹුක්වැල්ල මහත්මයාට මේ මුස්ලිම් සමාජයට විරුද්ධව කරපු මේ චෝදනාවට උත්තර දෙන්න විතරක් නෙවෙයි, මුස්ලිම් සමාජයෙන් සමාව ගන්න ඔනේ.    Saharan text


මේ රටේ මේ ඉතාම සුළුතරයක්, දහයක් දොළහක් එකතුවෙලා කරපු මේ ප්‍රහාරයට, ඒ සහරාන්ගේ කල්ලියට මේ මුස්ලිම් සමාජයම අනුගත කරනවායි කියන්නේ ඒක අසාධාරණයක්. ඒ නිසා අපි පැහැදිළිවම කියනවා ඒ සහරාන්ලා විදිහට මුස්ලිම් සමාජය හඳුන්වන්න දුන්නු හංවඩු ගහපු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා මුස්ලිම් සමාජයෙන් විතරක් නෙවෙයි මේ රටෙන්ම සමාව ගත යුතුයි. 

ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ සහරාන්ලා සම්බන්ධව සීඅයිඩී එකේ පරීක්ෂණයක් සිදුවෙනවා. ඉදිරි දින දෙකතුන ඇතුළත මම සීඅයිඩී එකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාවත් ගෙනල්ලා ඔහුගෙත් කට උත්තරයක් අරගෙන මේ සඳහා පරීක්ෂණයක් පවත්වන්න කියලා. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්