ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම

වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට නීතිමය පදනමක් නොමැති බවත් එහෙයින් නඩු තීන්දුව ගැන කිසිඳු බියක් ඇතිකර නොගන්නා ලෙසත් ගෝඨාබය රාජපක්ෂගේ නීතිඥන් පොහොට්ටු පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට අවධාරණය කර තිබේ.

ඒ, එම පෙත්සමට අදාළ නඩුව සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමග ඊයේ (30) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී මෙම නඩුව පිළිබඳ සංවාදය ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමය.

ශ්‍රී ලංකාවේ උපන් ගෝඨාබය රාජපක්ෂට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් තිබිය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පෙන්වා දී ඇත්තේ දෝෂයක් ඇත්නම් එය කාර්යය පටිපාටියේ සිදුව තිබෙන්නක් විය යුතු බවය. එසේනම් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ නිලධාරීන්ට එරෙහිව බවද වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් දැනටමත් මෙම නඩුව සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගෙන තිබෙන බවයි. ඒ අනුව සුදුසු පරිදි කටයුතු කරන බවද ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඊයේ (30) පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදහස් දක්වමින් කියා සිටියේ මෙම නඩුව කිසිම නීතිමය පදනමකින් තොර හුදෙක් අපහාස කිරීමේ චේතනාවෙන් පැවරූ නඩුවක් බවට හඳුනාගත් බවය.

 

ලිපි ලේඛන කරලියට !

නඩුවට පාදක වන ලේඛන තිබේනම් ඒවා අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

ඒ අතර ගෝඨාබයගේ මාධ්‍ය ඒකකය විසින් ගෝඨාබය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසි බව අත්හැර ඇති බවට වන ලේඛනය ඊයේ (30) දින ප්‍රසිද්ධියට පත්කළේය.

එසේම ගෝඨාබය රාජපක්ෂ 2005 වසරේ ඇමෙරිකානු පුරවැසියෙකුව සිටියදී ලංකාවේ ද්විත්ව පුරවැසි බව ලබාදීමේ සහතිකයද එහිදි ඉදිරිපත් කරනු ලැබිණ.

 

sniper oct 1නඩුවේ පැටලෙන්න එපා !

මෙම පෙත්සම හා නඩුව සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදී සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, අධිකරණ ක්‍රියාමාර්ගයන්ට බලපෑමක් වන කිසිඳු ආකාරයේ මැදිහත්වීමක් සිදුනොකරන බවයි.

අධිකරණ තීන්දුව දෙස නොබලා ගෝඨාබය රාජපක්ෂට එරෙහි ප්‍රචාරක මෙහෙයුම් තවදුරටත් තීව්ර කිරීමට තීරණය කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

''අපේ පැත්තෙන් හිතනවා නම්, ගෝඨාබය ඉදිරිපත්වීම අපට හැම අතින්ම වාසි දායකයි. මොකද මෙතෙක් ඉතිහාසයේ ඔහු තරම් වංචා, දූෂණ, අතුරුදන් කිරීම් වගේම මිනීමැරුම් චෝදනා ලැබූ කිසිම ජනාධිපති අපෙක්ෂකයෙක් ඉදිරිපත් වෙලා නෑ. ඒ වගේම රාජ්‍ය බලය අනිසි ආකාරයෙන් භාවිත කරලා කූල ලේඛණ හදපු, රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කරපු මේ වගේ අපේක්ෂකයෙක් මීට කලින් ඉල්ලලා නෑ. ඉතින් එවැනි පුද්ගලයෙක් අපේ විරුද්ධවාදියා විදිහට ඉදිරිපත් වෙන එක අපිට හොඳ නැද්ද? හොඳයි.'' එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

අමාත්‍යවරයා දැක්වූ අදහසට සමාන අදහසක් ජනාධිපති උපදේශකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක ඔහුගේ ෆෙස්බුක් ගිනුමේ මෙසේ සටහනක් තබා තිබිණි. 

"සජිත් සමග තරඟයට ගෝඨා එනවා නම්
සැම අතින්ම හොඳය."

FB post 2

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්