අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද ගෝඨාබය රාජපක්ෂ වෙත ද්විත්ව පුරවැසි සහතිකයක් නිකුත් කිරීම සඳහා වූ බලයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයාට පැවරෙන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

ඔහු එබව සඳහන් කලේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ඊයේ (ඔක්.02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලු අවස්ථාවේදී වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටිමිනි.

යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ද ඔහු සඳහන් කරන්නට යෙදිණි.

ඔහු අධිකරණය හමුවේ එසේ ප්‍රතිචාර දැක්වුයේ, පෙත්සම් ඉදිරිපත් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ගෝඨාබය  රාජපක්ෂ වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.

 

නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් !

පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව ද නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේය.

එහෙත් ගෝඨාබය රාජපක්ෂට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කරනු ලැබ තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පෙන්වා දුන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු එය නීති විරෝධී බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සතු බව පවසන ද්විත්ව පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු ගේ තර්කය විණි.

 

රත්නසිරි අගමැති ලෙස දිව්රුම් දුන්නේ කවදාද ?

20051119

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු රත්නසිරි වික්‍රමනායක අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19දාය. ඇමරිකානු පුරවැසියකු වන සිය සොයුරු ගෝඨාබය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිකමට අත්සන් කරන්නෙ නොවැම්බර් 21දාය.

කෙසේවුවද ඊයේ පැවති නඩු විභාගය සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඕෂල හේරත් පවසන්නේ, දිනය අවසන් වනවිට නඩුව ගෝඨාබයට වාසිදායක තත්වයක් තිබුන බවයි.

Osala Post

 

අනතුරුව ඔහු විසින් පළකර ඇති තවත් පොස්ටුවක මෙසේ සඳහන් වේ.

#Gota ඇමරිකානු පුරවැසිකම ඉවත්කිරීම
ගැසට් කරපු නම් ලයිස්තුවේ නැති හේතුවමයි
ද්විත්ව පුරවැසිබව ලිපිගොනු නැති වීමට හේතුව.. #VVIP

Osala Post 2

 

''ජාතික ආරක්ෂාව වගේම බරපතල තත්වයක්'' - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

මේ අතර මෙම නඩු විභාගය හා ඊට පාදකවී ඇති කරුණු කාරණා සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශීරාල් ලක්තිලක, මෙවැනි පොස්ටුවක් පළකර තිබේ.

''රටක නීතිය නොතකා ක්‍රියා කිරීම ඛේදජනක තත්වයක්.
ඇතැම් විට ඒ බව උසාවිය ඉදිරියේ ඔප්පු කරන්න බැරිවේවි.
නමුත් රටේ හෟදසාක්ෂීය ඒ නිසා පළූදු වේවි.
එක ජාතික ආරක්ෂාව වගේම බරපතල තත්වයක්.''

Shiral L Post

මෙම පෙත්සම ගැන වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අද (03) දහවල් 1.30ට එය යළි කැඳවීමට නියමිතය.

 

සබැඳි පුවත් :

ගෝඨාබයගේ ද්විත්ව පුරවැසිභාවයට අදාල ලියකියවිලි 'මිසින්'!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්