ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අද (03) උදැසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානයේ' වැඩබලන ලේකම් නිතිඥ රජිත කොඩිතුවක්කු පැවසුයේ, ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විමට පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම තිරණය කර ඇති බවයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවෙන්නේ නම් කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවිමට බලාපොරොත්තුවන බව නිතිඥ රජිත කොඩිතුවක්කු පැවසිය.

මෙම සති අන්තයේ දී ජනාධිපතිවරණය සදහා ස්වාධින අපේක්ෂකයෙක් ලෙස කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරිමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කලේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්