ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ

(04) පස්වරුවේ ඒකමතිකව තීරණය කිරීමත් සමග ගෝඨාබය රාජපක්ෂ සිය සොයුරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග ප්‍රීතිය සමරා කේක් කපද්දී ඔවුන්ගේ ගෝලයින් එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසකට පහරදී නිවාස දේපල විනාශකර ඇතයි එජාප මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිකම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ නඩුව නිෂ්ප්‍රභ කල අවස්ථාවේ ඒ ඔහුගේ නීතීඥවරුන් විසින් එය මහින්ද රාජපක්‍ෂ වෙත දන්වා තිබූ අතර ඔහු තමන් සිටි සාකච්චාව මැද අත් ඔසවා සතුට පල කර තිබිණ.

ඊට ටික වේලාවකට පසු ගෝටාබය රාජපක්‍ෂ එම ස්ථානයට පැමිණ කේක් කපා ප්‍රීතිය සමරුනු ලැබු බව 'ලංකා සි නිව්ස්' වාර්තා කරයි 

72084822 169885157527839 178822702830714880 n                                        මහින්ද-ගෝටා කේක් කපා සමරයි..  (ජායාරුප ස්තුතිය - ලංකා සි නිව්ස්)


'පොහොට්ටුවේ නායකයින් එසේ කේක් කපා සතුට සමරද්දී නඩු තීන්දුව මාධ්‍ය හරහා ප්‍රකාශවීමත් සමග උද්දාමයට පත්වු ඕපනායක පොහොට්ටුවේ කොට්ඨාශ සංවිධායකවරයෙකු වන නිහාල් හපුආරච්චි ඇතුලු බීගත් මැර පිරිසක්  ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් දෙදෙනෙකුගේ නිවෙස් දෙකකට පහර දී, නිවැසියන් එලවා දමා පසුව එම නිවෙස් දෙක ගිනි තබා ඇති බව එජාප සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

වැඩිදුර විමර්ශනය කරන ඕපනායක පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් මේ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ප්‍රධාන සැකකාර නිහාල් හපුආරච්චි නැමැත්තා අත් අඩංගුවට ගැනීමට ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් එජාප මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිද්ධිය පිලිබද සැලවු වහාම පොලිස්පතිවරයා අමතා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ සිද්ධිය පිලිබද අපක්ෂපාති පරික්ෂණය සිදු කරන ලෙස ඉල්ලා ඇති බවට වාර්තාවේ. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එජාප සන්නිවේදන බලකායේ ප්‍රධානි  සුගත් චන්ද්‍රසේකර පවසා සිටියේ මේවනතුරුත් එවැනි තොරතුරක් සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවන බවයි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්