ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්විය යුතුද? යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට එම පක්ෂය තුල මතුව ඇති අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (09) දිනයේ දී පක්ෂ නායකත්වයෙන් (සභාපති ධුරයෙන්) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.


ඒ අනුව හෙට දිනයේදී 15 දෙනෙකුගෙන් යුතු දේශපාලන මණ්ඩලයක් පත්කර වැඩබලන සභාපති ලෙස සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පත්කිරීමට ද නියමිත බව  ඉහත ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

Oshala 123

ජනාධිපතිවරයා මෙවැනි තීරණයකට එළඹ ඇත්තේ, පසුගියදා පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී  ජනාධිපතිවරණයේ දී පක්ෂය වෙනුවෙන් අවසන් තීරණය ප්‍රකාශ කිරීමේ බලය ඔහු වෙත පවරා දෙනු ලැබුවද මේ වනවිට පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩිපිරිසක් ඔහුට පිටුපා පොහොට්ටු පක්ෂයට එක්වීමට සුදානමින් සිටින බව වාර්තාවීමත් සමගය. 

සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ප්‍රමුඛ එම මන්ත්‍රීවරුන් ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අනුරාධපුරයේ සල්ගාදු පිටියේ හෙට (09) පැවැත්වෙන රැස්වීමට එක්වීමට නියමිතය.

එහෙත්, ජනාධිපතිවරයා අවධාරණය කරනුයේ, තමා 'පොහොට්ටු' වේදිකාවකට කිසිඳු ලෙසකින් එක්නොවන බවයි. 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න වග හෙට (09) දිනයේදි ප්‍රකාශ කරන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේතර පැවසිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්