අද (08) දින පස්වරුවේ පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඇති එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක්, කුමන හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) එක්නොවන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව තමන්ට ගම් ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණ ක්‍රියාකාරීන් දැඩි පීඩා හිරිහැර සිදුකල බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා නොසිටින්න ඇතැම් ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ ජීවිත පවා නැතිවීමට ඉඩතිබු බවත් එහිදී ඔවුන් හැඬු කඳුලින් පවසා ඇති බවද වාර්තා වෙයි. ජනාධිපතිවරයා එහිදී පාක්ෂිකයින්ගේ බිය තුරන් කිරීමට බලවත් උත්සයක් දරා ඇත.

මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය, පොහොට්ටුව සමග සන්ධාන ගතවිය යුතුද යන කාරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් කොළඹට කැඳවා සිදුකල මතවිමසිමේදී ති බහුතරයක් සංවිධායකින් පවසා තිබිනේ පොහොට්ටුව නොයන ලෙසයි. ශ්‍රීලනිපය, පොහොට්ටුවට බිලි නොදෙන්නැයි ඔවුන් ද ජනාධිපතිවරයා ගෙන් දැඩි ලෙස ඉල්ලා තිබිණ.

(මුලාශ්‍රය - newstube.lk)


සබැඳි පුවත් :
ශ්‍රීලනිප සංවිධායකයින්ට ප්‍රශ්න පත්‍රයක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්