ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනිය,

ශ්‍රීලනිප ආසන සංවිධායකයින් විශාල පිරිසක් අමතමින් පක්ෂය යළි ගොඩනැගීමට එක්වන ලෙස ආරාධනය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් theleader.lk වෙත වාර්තාවේ.

මේ අතර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ආසන සංවිධායක පිරිසක් මුදල් ඇමති මංගල සමරවීරගේ නිවසේදී අද (10) පෙරවරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද වාර්තාවේ.

ඒ සඳහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හතළිහකට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි පැවසේ.

ශ්‍රීලනිපය ගෝඨාබය රාජපක්ෂට සහයෝගය දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් එහිදී අදහස් පළ කර ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රීලනිපය ආරක්ෂා කිරීමට වෙල්ගමත් එක්වේ:

මේ අතර සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, 'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයට තමන් විරුද්ධ බවයි.

එහෙත්, ජනාධිපතිවරණ සමයේ දී කිසිඳු පාර්ශවයකට සහය නොදී නිහඬව සිටීමට තමන් තීරණය කර ඇති බවද  ඔහු කියා සිටියේය.
හඬපටය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ආරම්භ කරන බව ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හඬපටය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්