ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (10) පෙරවරුවේ මංගල සමරවීර හමුවී ඉදිරි ජනාධිපතිවරණයේ

දී ගතයුතු මඟ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කල බව එම සංවිධානයේ ලේකම්, නීතිඥ රජික කොඩිතුවක්කු පැවසිය.

ඔහු එබව සඳහන් කළේ ඊයේ දිනයේ එම සංවිධානය විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

*අපි දැක්කා ඊයේ දුමින්ද දිසානායක මැතිතුමාට එතුමාගේ කතාව ඉවරවෙනකන් අනුරාධපුරයේදී ඒ සල්ගාදු ක්‍රීඩාංගනයේදී ලැබුණු ප්‍රතිචාරය. ඒ වගේම චන්දි වීරක්කොඩි ඇමතිතුමා දිගින් දිගටම මාධ්‍යවලට කියනවා වගේ හැඳි දෙකකින් බෙදා ගන්න නම් මේ කටයුත්තට හොඳයි. හැබැයි අපි ඒකට එකඟ නැහැ.

යම්කිසි විදිහකින් පොහොට්ටුවේ අපේක්ෂකයා ජයග්‍රහණය කළොත් ඊට පස්සේ අපේ සංවිධායකවරුන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිටපු ඇමතිවරුන්ට නාමයෝජනා ලැබෙන්නෙත් නැහැ. ලැබුණත් 2015 අගෝස්තු මැතිවරණයේදී සිදුවුණ දේ සිද්ධ වෙන්න පුළුවන්.

ඒ නිසා අද අපි 26 දෙනෙක් මංගල ඇමතිතුමාගේ නිවසේදී සාකච්ඡාවක් කළා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවෙලා ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන්න.

දින පනස් දෙකේ ආණ්ඩුව හදනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති කම දුන්නහම එතුමා මොනවද ඉස්සෙල්ලාම කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිව සම්බන්ධතා කමිටු සම සභාපතිකමෙන් ඉවතට දැම්මා.

එපමණක් නොවෙයි අර කෝටි දහය ලබා දෙන එක නතර කරලා දැම්මා. වෙන පැත්තක ජනාධිපතිවරයෙක් ඉන්න වෙලාවක ඒ අගමැතිකමෙන් එහෙම කළා නම් ඒ රාජපක්ෂ ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට ඉදිරියේදී ලැබෙන වරප්‍රසාද මොකක්ද කියන එක පැහැදිළිවම පෙන්නලා තිබෙනවා.

වෙල්ගමගේ ගේ නායකත්වයෙන්...

ගරු වෙල්ගම ඇමතිතුමා ඉන්නේ අපේ මතයේ. ලබන සතියේ අනිවාර්යයෙන් සමස්ථ ලංකාවෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරු අපි විකල්ප ආසන සංවිධායක රැස්වීමක් සඳහා ආරාධනා කරනවා ඒක වෙල්ගම ඇමතිතුමාගේ මූලිකත්වයෙන් කරන්නේ..

හිටපු ජනාධිපතිතුමිය පමණක් නොවෙයි සියලුම ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ අපිට කතාකරමින්  මේ දුරකතන ඇමතුම්වලින් ඉන්නේ, දැන් මේ වෙලාවේ කතාකරන්නේ අර පදනම් ආයතනයේ ගිවිසුම අත්සන් කරන්න ගියපු නායකයෝ.''

වීඩියෝ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්