සරල ගණිතය නොදන්නා නූගත් පාලකයන් විසින් රටේ ආර්ථිකය කාබාසිනියා කළ බව දේශීය ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන පවසයි.

ඔහු එබව කියා සිටියේ,  සහල් මිල සම්බන්ධයෙන් අද (18) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

හෙට දින සිට සියලුම සහල් මෝල් හිමියන් රජයේ පාලන මිලට යටත්ව දේශිය වෙළඳපොළ වෙත තම සහල් නිෂ්පාදන බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් එක්තරා මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු වෙත චෝදනා එල්ල කළ ඩඩ්ලි සිරිසේන, මේ අවස්තාවේ අසරණව සිටින ජනතාව වෙනුවෙන් කුමන තත්වයක් යටතේ වුවද සහල් රජයේ පාලන මිලට යටත්ව බෙදාහරින බවද අවධාරණය කළේය.

ඒ අනුව, හෙට සිට පාලන මිල අනුව නාඩු කිලෝවක් රුපියල් 220ක මිලකටත්, සම්බා කිලෝවක් රුපියල් 230 ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 260 ටත් අලෙවි කරනා බව ඩඩ්ලි සිරිසේන සඳහන් කළේය.



විශේෂයෙන්ම වෙනදාට සාපේක්ෂව ඩීසල් මිල රුපියල් 250/- කින් ඉහළ ගිය බවත්, කිලෝ පහේ සහල් උර ඇසුරුම් මිල රුපියල් 50/- දක්වා ඉහළ ගිය බවත්, ඊට සාපේක්ෂව සියලු වියදම් එකකට එකක් වැඩිවී ඇති බවත් සඳහන් කළ ඩඩ්ලි සිරිසේන, අවධාරණය කලේ ඒ සියලු දුෂ්කරතා තමන් විසින් දරාගෙන පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීමට තමන් සූදානම් බවය.

කෙසේ වෙතත් රට තුළ වී සංචිත ඇත්තේ තවත් මාස තුනකට පමණක් බවත්, රැල්ලට මෙන් කොලඹ ඇතුලු නගරාසන්න පෙදෙස් වල වාසය කරන ව්‍යාපාරිකයන් විසින් ඉවක් බවක් නොමැතිව වී මිලට ගෙන නිවෙස් තුළ ගබඩා කරනා බවත් ඔහු මෙහිදී හෙළිදරව් කළේය.


පෞද්ගලික පලිගැනීම් !


විශේෂයෙන්ම වත්මන් පාලකයන් විසින් මහා පරිමාණ වී මෝල් හිමියන් හට වී මිලට ගැනීමට දෙනු ලබන ණය සියල්ලක්ම නවතා දමා බැංකු පොළියද අතිශය ඉහළ ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත්, හුදෙක් මෙය පෞද්ගලික පළිගැනීමේ අරමුණෙන් යුතුව ක්‍රියාත්මක කළ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

විශේෂයෙන්ම වත්මන් අරගලයේ නියමුවන් වී ගොවියන් බවත්, ඔවුන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් තමන් මැදිහත් වී වී මිල ඉහළ දමා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කළ බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

 තවද තමන් ඇතුලු මහා පරිමාණ ව්‍යාරිකයන් විසින් ගොවියන් වස පානය කළ යුගය නිමා කල බවත්, මේ නිසාම රජයේ වගකිවයුත්තන්ගේ ද්වේෂයට තමන් නිරන්තරයෙන්ම භාජනය වූ බවත් ඔහු ප්‍රකාශ සඳහන් කළේය.


විශේෂයෙන්ම මේ ආණ්ඩුව විසින් කිසිඳු වග විභාගයකින් හෝ අදාළ වගකිවයුතු පර්ශව වලින් විමසීමකින් තොරව හිතු මනාපයට ගැසට් ගසා ජනතාව මෙන්ම රටේ ව්‍යාපාරියන්ද නන්නත්තාර කළ බව ඔහු කියා සිටියේය.

 

Leader Whats app

 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image