ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටීමට බොහෝදුරට ඉඩ ඇති බවත්,

කුමන තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කිසිඳු ලෙසකින් පොහොට්ටු ඉදිරියේ කතිරය නොගසන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඔහු ඊයේ (12) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිපල විග්‍රහ කරමින් මාධ්‍ය හමුවේ එබව සඳහන් කළේය.

එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''වත්මන් දේශපාලන තත්වය ඔයගොල්ලන් දැක්ක ඊයේ තිබ්බ ප්‍රතිඵලවලින්. මම නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම හිතන්නේ ඡන්ද පන්දහස් තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් ඒ ප්‍රාදේශීය සභාවෙන් ලබාගත්තා. ඒ කියන්නේ 12% කට වැඩි ප්‍රතිශතයක් ලබා ගත්තා.

ඉතින් ඒ නිසා ඒකෙන් පේනවා මෙච්චර මේ  ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ගහද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැරදි මාර්ගයට නායකයෝ ගෙන යන වෙලාවේදී මේ වගේ ප්‍රගතිශීලී ජනතාවක් ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ සිටීම ගැන මම පළමුවෙන්ම ඒ ජනතාවට ස්තූතිවන්න වෙනවා.

 මම ඇප බැන්දේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. එහෙම නැතුව වෙන සංවිධානයක් මට තිබුණේ නැහැ.  මට ඕන කරේ රටට යම්කිසි වැඩක් කරන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් කියලා කියාගන්න අය මට ඒකට හරස් කැපුවා.

ඒක මම නැවැත්තුවේ මොකද මට ඒ වෙලාවේ හයියක් දෙන්න මිනිහෙක් හිටියේ නැහැ. මම හිතුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා ඇතුළු කට්ටිය ඒ ගොල්ලන් ඉල්ලන්නේ නැත්නම් ශ්‍රී ලංකා කාරයෙක් හැටියට මට උදව් කරයි කියලා. ස්වාධීනව ඇප බැන්දේ ඒකයි. මම ඇප බැන්දේ මම හිතුවා මේගොල්ලන් මට සහයෝගය දෙයි කියලා. මේගොල්ලන් වචනෙකින් හරි මට සහයෝගය දුන්නා නම් මට ඉදිරියට යන්න තිබ්බා.

''මේ හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති කරන්න''

මේ හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති කරන්න. මේක තමයි ඒගොල්ලන්ගේ අරමුණ. ඉතින් ඒ අරමුණට අපිට ඉඩ දෙන්න බැහැ. අපි පරන ශ්‍රී ලංකා කාරයෝ හැටියට අපි ඉදිරියට ඇවිල්ලා තීරණය කරනවා කො‌හොම හරි මේ පක්ෂය උගසින් බේරාගන්න. කුමාර වෙල්ගම ඉදිරියට යනවා කියන එක කියන්න ඕනේ.

මම පැහැදිළිවම කියන්න ඕනේ මම පොහොට්ටුවට සහයෝගය දෙන්නේත් නැහැ. හංසයාට සහයෝගය දෙන්නෙත් නැහැ. අපි නිහඬව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමේ අරමුණින් නායකත්වය අරගෙන අන්න ඒකට මුල්තැන දෙනවයි කියන එක මම කියන්න ඕනේ.

 මගේ යුතුකම තමයි මේ ලංකාවේ ඉන්න සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ව දැනුවත් කරන එක. ඒ නිසා කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ ඡන්දෙදි අපිත් එක්ක එක්කහුවුණොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් කියාගන්නා අය ගෙනියන්නා වූ ව්‍යාපාරය ඔවුන්ට ගෙනියන්න හම්බවෙන්නේ නැහැ.

මොකද 17 වෙනිදයින් පස්සෙත් ඔවුන් බලයි  මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන බෝඩ් ලැල්ල නිකන් එල්ලගෙන ඉන්න. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි ඒ බෝඩ් ලෑල්ල අපිට අරගෙන අපි test11ඩාලි පාරේ තියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආරක්ෂා කරලා, මුළු රටේම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ව ආරක්ෂා කරලා බලය අල්ලාගන්න කටයුතු කරනවයි කියන එක කියන්න ඕනේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මේ ගමන ඡන්දය දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් අපි වටා එක්කහු වෙනවා. මොකද මට ඒක සියයට සියයක් ෂුවර්. මොකද අපි නොමිනේෂන් බාර දුන්නට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මට හුඟක් කතා කරනවා. ඒගොල්ලන් කියන්නේ ඉදිරියට එන්න අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා. 

''අරගොල්ලන්ට ඔය කියන තරම් ඡන්දයක් හම්බවෙන්නේ නැහැ''
 
අරගොල්ලන්ට ඔය කියන තරම් ඡන්දයක් හම්බවෙන්නේ නැහැ. මගේ ගාව ඔය ඩීල් නැහැ. මම ඩීල් දාන මිනිහෙක් නෙවෙයි. ඩීල් දාන මිනිස්සු ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ඩීල් දාන මිනිස්සු ඉන්නවා. පොහොට්ටුවෙත් ඩීල් දාන මිනිස්සු ඉන්නවා. නමුත් මම එහෙම ඩීල් දාන්නේ නැහැ. ඔය පැති දෙකටම මම යන්නේ නැහැ. මාත් එක්ක එක්කහු වෙන්න ඉදිරි ගමනකට යන්න.

අපි අද ඉඳන් අධිෂ්ඨාන කරගෙන අපි ඉස්සරහට යමු හෘද සාක්ෂියට එකඟව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මට කතාකරන හැම එක්කෙනාම කියන්නේ අපි කාටවත් කඩේ යන්නේ නැහැ, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා කියන එක.
''ලසන්න වික්‍රමතුංගට වෙච්ච දේ මටත් වෙන්න පුළුවන්''
කියන්න බැහැ මට මොනවා වෙයිද කියලා. අර ලසන්න වික්‍රමතුංග මහත්මයාටත් මොනවද වුණා නේද? කීත් නොයාර්, තවත් අර එක්නැලිගොඩ මහත්තයා, අද කොහෙද ඉන්නේ. එහෙම වෙයි කියලා මම හිතනවා මටත්. හැබැයි ඒකට මුහුණ දෙන්න බලාගෙන තමයි මම ඉන්නේ, මොකද මම මැරෙන්න බය නැහැ.  

පක්ෂය වෙනුවෙන් මම ඒ කැපකිරීම කරනවා. පහුගිය වතාවේ සිද්ධවෙච්ච් දේවල් දැක්කම අපිට ලොකු බයක් සහ සැකයක් ඇති වෙනවා. මම මැරෙන්නෙත් වමේ මිනිහෙක් හැටියට. මම මැරිච්ච දවසටත් කියලා තියෙන්නේ අපේ ගෙදර අයට මගේ පෙට්ටිය උඩට නිල් පාට රෙද්දක් දාන්න කියලා.

 මම මේ ස්වාධීනව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කැක්කුමක් තියෙනවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ නම් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න කියලා පාක්ෂිකයින්ට මම කියනව''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්