අරගලකරුවන් මර්දනය කිරීම සඳහා පොලිසියේ බලතල අවභාවිතා කිරීමට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අරගලයට සම්බන්ධ

පාර්ශවයක් අවධාරණය කර සිටියි.

'අරගලකරුවන් පැහැරගෙන යාම සහ නීතිමය අඩන්තේට්ටමට ලක්කිරීම' යන ශීර්ෂයෙන් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඉහත කාරණය අවධාරණය කර ඇත්තේ,  Black Caps Movement සංවිධානයයි.

එම සංවිධානයේ විමුක්ති දුෂාන්ත හා හේමප්‍රිය කවිරත්න යන සම කැඳවුම්කරුවන් දෙදෙනාගේ හා මාධ්‍ය ප්‍රකාශක බුද්ධි කරුණාරත්න ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත්කර තිබේ.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති නමුදු තවමත් නිර්ලජ්ජිතව බලයේ රැඳී සිටින වත්මන් ජනාධිපතිවරයාගේ උපන්දිනය දා අරගලකරුවන්ට එල්ල වූ රාජ්‍ය මර්දනය, Black Caps Movement තරයේ හෙළා දකි. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

''මෙම විරෝධතාවට සම්බන්ධ වූ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු අරගලකරුවන් 21 දෙනෙකු ඊයේ පොලිසිය විසින් අනීතික ලෙස අත්අඩංගුවට ගෙන උසාවි ඇප මත මුදාහැර තිබේ.

 

අමල් සාලින්ද : රක්ෂිත බන්ධනාගාර ගත කරයි 

 

ඊට අමතරව ගාලුමුවදොර අරගල භූමියේ සහ ගෝඨාගෝගම ආරම්භයේ සිට ඉතා සක්‍රීය සාමාජිකයකු වූ අමල් සාලින්ද, ඊයේ (20) දිනයේදී පොලිසිය විසින් අත්තනෝමතික ලෙස පැහැරගෙන ගොස් වරාය පොලිසියේ රඳවා තබා ගෙන ඇත.

ඊටත් වඩා වැදගත්ම කරුණ වන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥවරුන්ට ඔහුව අද (21) දින අධිකරණයට ඉදිරිපත් කරන බවට පවසා නීතීඥයින් නොමඟ යවමින් ඊයේ රාත්‍රීයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වෙනුවෙන් කරුණු දැක්වීමට නීතීඥ මහතුන් හට ලැබිය යුතු අවස්ථාව චේතනාන්විතවම අහිමි කරනු ලබන අතර, අමල් සාලින්ද  දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



අත්අඩංගුවට පත්වූ ඕනෑම සැකකරුවකු, උසාවියෙන් වරදකරු බවට තීන්දු කරන තුරු නිවරදකරුවකු ලෙස සැලකීමට නීතිය සහ පොලිසිය බැඳී සිටියි. එපමණක් නොව, ඕනෑම සැකකරුවකු හට ඇප ලබාගැනීමේදී නීතිඥ සහය ලබාගැනීමට මූලික අයිතිවාසිකමක් තිබේ. අමල් සාලින්ද සම්බන්ධයෙන් පොලිසිය ඉහත අයිතිවාසිකම් දෙකම සිතා මතාම උල්ලංඝනය කර තිබෙන බව අපේ අදහසයි.



මෙහිදී සැකකරු වෙනුවෙන් කරුණු දැක්වීමට ඉඩක් නොලැබෙන පරිද්දෙන් නීතිඥයන්ට වැරදි තොරතුරු ලබා දී ඔවුන් නොමග යවමින්, සැකකරු බන්ධනාගාරගත කිරීමේ පූර්ව සූදානමකින් පොලිසිය හැසිරී ඇති බව පැහැදිලි ව නිරීක්ෂණය වේ.

අරගලයට සම්බන්ධ පාර්ශවයක් ලෙස Black Cap Movement අප, ඉහත සිදුවීම සහ එහිදී ශ්‍රී ලංකා පොලිසියේ හැසිරීම ඉතා පිළිකුලෙක් යුතු ව හෙළා දකිමු. එසේම, අරගලකරුවන් මර්දනය කරනු පිණිස පොලිසියේ බලතල අවභාවිතා කිරීමට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අවධාරණය කර සිටිමු.



සබැඳි පුවත් :


ගෝඨාගෝගම අරගලභූමියේ තරුණයකු උස්සයි !




Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්