ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයකින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගතවීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගයක් බැවින් ඛනිජතෙල් නිපදවන රටවල තෙල් සමාගම් සමඟ ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන පරිදි එම සමාගම්වල මුදලින් ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව සලසාදීමට අමාත්‍යවරයා යෝජනා කර තිබේ.

මේ වන විට රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් සියයට 90කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) දායකත්වය සපයන අතර, ඉතිරි සියයට 10 ක ප්‍රමාණය ඉන්දියානු තෙල් සමාගම (IOC) මගින් සිදුකරයි.

මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ලියාපදිංචි ඉන්ධන බංකර්කරුවන්ට ජෙට් ඒ 9 ගුවන්යානා ඉන්ධන ආනයනය හා සැපයීම සඳහා අවසර ලබාදීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයාත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාත් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


'අර්බුදය දඩමීමා කරගෙන ගේමක් දෙන්නයි යන්නේ' -විමල්


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසන්නේ, රට තුළ ඇති අර්බුදය භාවිතා කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවලට අත තැබීමට පාලකයන් කටයුතු කරමින් සිටින බවයි.

රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්වය පුනරුදයක් කරා ගෙනයනවා වෙනුවට ඉතිරි වූ දේත් අහිමි කර අර්බුදයෙන් අර්බුදයට ගෙනයාමට ඔවුන් කටයුතු කරමින් සිටින බව පවසන වීරවංශ මන්ත්‍රීවරයා, පවතින කසිකබල් පාලනය වෙනුවට සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා දැන්වත් මෙම තත්වය වෙනස් කළ යුතු බව සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මේ බව පැවසුවේ ඊයේ  (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



සබැඳි පුවත් :
අර්බුදය දඩමීමා කරගෙන ගේමක් දෙන්නයි යන්නේ' -විමල්




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්