22 යෝජිත ව්‍යවස්ථා සං‍ශෝධන කෙටුම්පත මඟින් රටට හා ජනතාවට සරදම් නොකරන්නැයි හිටපු කතානායක කරු ජයසූරිය වත්මන් ආණ්ඩුවේ

බලධාරීන්ට දැනුම්දී සිටියි.

ජනාධිපතිවරයා විසින් 19 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලගැන්වීමටත්, විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත් සිය සහයෝගය ලබාදෙන බවට ආගමික නායකත්වයට හා පොදු රටවැසියාට දුන් පොරොන්දුවක් ඉතිහාසයේ මෙන්ම නැවතත් බොරු පොරොන්දුවක් බවට පත්වෙමින් තිබෙනට බවට ඔහු අනතුරු අඟවයි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසුරිය එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.


තීරණාත්මක හා ප්‍රමුඛ දේශපාලන ප්‍රතිසංස්කරණ මගහැරලා !


''20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සම්මත කරගැනීමට සූදානම් වන 22 වන සංශෝධන කෙටුම්පතෙහි අන්තර්ගතය අනුව පැහැදිලි වන්නේ එමගින් යම් සාධනීය කරුණු ගණනාවක් තහවුරු කිරීමට උත්සහයන් ගෙන තිබුනද මේ රටේ පොදු සමාජය අපේක්ෂා කරන තීරණාත්මක හා ප්‍රමුඛ දේශපාලන ප්‍රතිසංස්කරණ මගහැර යමින් විධායකයේ අත්තනෝමතික බලය වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලයට අදාලව පමණක් තවදුරටත් යාවත්කාලීන කරගැනීමට කරනු ලබන තවත් උත්සහයක් ලෙසටය.

 

එය අප සලකනු ලබන්නේ මේ රටේ සමාජ අපේක්ෂාවන්ට සිදුකරන්නට යන නිග්‍රහයක් ලෙසටය. එමෙන්ම අදවනවිට රට තුළ නිර්මාණය වී ඇති දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය කිරීමට හේතුවිය හැකි තත්වයක් ලෙසටය.

 

මෙහිදී අප කණගාටු වන අනෙක් කාරණය වන්නේ ජනාධිපතිවරයා විසින් 19 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලගැන්වීමටත්, විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත් සිය සහයෝගය ලබාදෙන බවට ආගමික නායකත්වයට හා පොදු රටවැසියාට දුන් පොරොන්දුවක් ඉතිහාසයේ මෙන්ම නැවතත් බොරු පොරොන්දුවක් බවට පත්වීමයි.

තම රාජ්‍ය නායකයාගේ පොරොන්දු ගලේ කෙටූ අකුරු වශයෙන් සැලකීමට නොහැකිවීම පුරවැසියාගේ අවාසනාවකි.

මේ වනවිට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගැසට් කරඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මඟින් 19 වන  ව්‍යවස්ථාව සංශෝධන මගින් තහවුරු කරන ලද යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ඒ ආකාරයට හෝ යළි පවත්වාගෙනයාමට කටයුතුකර නැත.

නිසැක වශයෙන්ම එය වර්තමාන පාලනය මගින් සම්මත කරගන්නා ලද 20 වන සංශෝධනයට වඩා  අංගලක්ෂණ කිහිපයකින් සමන්විත වුවද මේ රටේ ජනතාව දැඩි අරගලයක නිරතවෙමින් අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට ඒ මගින් සූදානම් වන බවක් ප්‍රදර්ශණය වන්නේ නැත.

 

එබැවින් ප්‍රධාන වශයෙන් මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල ප්‍රමුඛ යුතුකම හා වගකීම වන්නේ මේ පිළිබදව පුළුල් අවධානය යොමුකරවමින් අවම වශයෙන් පැවැති 19 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ නැවත බලාත්මක කරගැනීමට අවශ්‍ය එකගත්වයකට පියවර ගැනීමය.

 

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වූයේ 19 වන සංශෝධනය මගින් ඇතැම් අත්තනෝමතික බලතල සීමා කරන ලද ජනාධිපතිවරයෙකු ලෙසටය. පසුව ඔහු තමන්ට නීත්‍යානුකූලව හිමිව තිබූ විධායක බලයට අමතරව තවත් අසීමාන්තික බලයක් ආරෝපණය කරගැනීමට 20 වන සංශෝධනය මගින් ලබාගත් බලය උපයෝගී කරගත් අතර, එකි බලය යොදාගනිමින් ක්‍රියාකර ඇති ආකාරය අද අප දකින්නේ වර්තමාන සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හේතු වූ ප්‍රමුඛ සාධකයක් ලෙසටය.

 

lsk

අසීමාන්තික බලයක් ආරෝපණය කරගනිමින් රටට කර ඇති බරපතල විනාශය සැතපුම් ගණනින් දිගු පෝලිම්වලින් වුවද සනාථවේ.

 

එබැවින් එකී බලය තවදුරටත් වත්මන් ජනාධිපතිවරයාට අදාල වන ආකාරයට පවත්වාගෙන යාමට දරණ උත්සහය මගින් මේ රටේ ජනතාවට හෝ රටේ අනාගතයට කිසිදු යහපතක් උදා නොකරනු ඇත. එමෙන්ම රට තුළ මතුව ඇති අරාජිකත්වයේ අදුරු සෙවනැලි තවදුරටත් වර්ධනයවීමට ඉඩසලසමින් බරපතල ව්‍යසනකාරී තත්වයක් කරා රට යොමුවිය හැකි මාවතක් ද ඒ තුළ නිර්මාණය වියහැකිය.

එබැවින් අප ඉතාමත්ම අවධානයෙන් යුතුව සදහන් කරන්නේ 20 වන සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද රට අහිතකර බොහෝ කරුණු 22 වන කෙටුම්පත මගින් ඉවත්කරලීමට යම් උත්සහයක යෙදී ඇතත්, වත්මන් ජනාධාපතිවරයාට අදාලව පමණක් ඇතැම් සුවිශේෂි බලතල ඒ ආකාරයට තවදුරටත් පවත්වාගෙන යාමට දරණ උත්සහයට කිසිසේත්ම එකගත්වයක් දැක්විය නොහැකි බවය.

මේ පිළිබදව සියලුම දේශපාලන පක්ෂ හා සමස්ත සමාජයේම අවධානය ගැඹුරින් යොමුවනු ඇතැයි අප අපේක්ෂා කරන අතර පාර්ලිමේන්තුව තුළ මේ පිළිබදව විවාදයට ගන්නා අවස්ථාවට පෙර රටේ හා ජනතාවගේ අපේක්ෂාවන් පෙරදැරිව ඇතිකරගන්නා පොදු සම්මුතියකට එලඹීමට පියවර ගන්නා ලෙසටද ඉල්ලා සිටින්නෙමු.''


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්