'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දෙමල-මුස්ලිම් ඡන්ද කුට්ටි හිඟමනේ නොගොස් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ සමග කට්ටිවාදී නොවී සුහද ව කටයුතු

කරන්නේ නම් සිංහල ජනතාවගේ ඡන්දවලින් 70%කට වඩා ලබා ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බව 'ජාතික චින්තයේ' නායක මහාචාර්ය නලින් ද සිල්වා අවධාරණය කර සිටියි.

'ජාතික චින්තය' සංවිධානයේ 'කාලය' FB පිටුවේ ඔහු විසින් පළකර ඇති ලිපියක එබව සඳහන් වේ. මහාචාර්ය නලින් ද සිල්වා විසින් ''බැසිල් එන්නේ මොකාට ද?'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම ලිපියෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

''බැසිල් ඡන්ද කුට්ටි හිඟමනේ නොගොස් ශ්‍රීල.නි.ප, ම.එ.පෙ, ජනිපෙ, පි.හෙ. උරුමය ආදී පක්‍ෂ සමග කට්ටිවාදී නොවී සුහද ව කටයුතු කරනවා නම් සිංහල ජනතාවගේ ඡන්දවලින් 70%කට වඩා ලබා ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. 

එහෙත් ඔහු හා ඔහු අනුව යන්නන් හැම තිස්සෙ ම බලන්නෙ අනෙක් පක්‍ෂ කොන් කරන්න. මට ලැබෙන ආරංචි එතරම් හොඳ නැහැ. බැසිල්ට ඒ අනෙක් පක්‍ෂවලට සුහදත්වයක් දක්වනවාට වඩා දෙමළ ජාතිවාදී හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂ සමග ඡන්ද කුට්ටි දේශපාලනයෙහි යෙදීම ප්‍රිය ජනක ද?''

මේ ඡන්ද කුට්ටි දේශපාලනයට මිස වෙන එකකට නොවෙයි. 

මොනවා වුණත් මොන සංවිධායක වුවත් බැසිල්, ගෝඨාභයගේ සිංහල බෞද්ධ ඡන්ද නොකඩා සිටිනවා නම් හොඳයි. ගියවර මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අඩු වීම නිසයි.''
මහාචාර්ය නලින් ද සිල්වාගේ දේශපාලන විග්‍රහය සහිත සමස්ත ලිපිය විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ Lanka Lead News වෙබ් අඩවියේ පළකර තිබේ.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්