'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වොෂින්ටන්හි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශයක් ලෙස සකස් කෙරුණු වීඩියෝ පටයක් අද (නොවැම්බර් 15) දිනයේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු අතර එය 'පොහොට්ටු' පක්ෂයේ උපදේශකයකුට අයත් දැන්වීම් ආයතනයක් විසින් නිර්මාණය කර ඇති බවට මේවනවිට තොරතුරු වාර්තාවී තිබේ.


ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක් ද? නැද්ද ?  කියන කාරණය සම්බන්ධයෙන් මේවනවිටත් විසඳි නොමැති අර්බුදය පිලිබඳ ආන්දෝලනාත්මක සංවාදය වෙනතකට යොමු කිරීම සඳහා මෙම ව්‍යාජ වීඩියෝව සකස් කර ඇතැයි ද පැවසේ.

එම දැන්වීම් ආයතනයට අයත් සමාජ මාධ්‍ය ඒකකය විසින් නිර්මාණය කළ මෙම වීඩියෝව ව්‍යාජ නමකින් යුතු සමාජ මධ්‍යය කිහිපයක පළකිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාල කිහිපයක් විසින් ද එය එජාප මාධ්‍ය ඒකකයකින් ප්‍රකාශයට පත්කළ වීඩියෝවක් බවද රැවටී තම තමන්ගේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සිටිති.

'දෙරණ' භිමිකාව !

එසේ එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග වහා ක්‍රියාත්මක වූ 'ගෝඨාබයවාදී දෙරණ' රුපවාහිනී නාලිකාව, අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් උපුටා දක්වමින් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සැරිසරන වීඩියෝව ව්‍යාජ එකක් බව ප්‍රකාශ කර සිටියේ සැලසුමකට අනුවදැයි සැකයක් මතුව ඇත.

එම වීඩියෝව ව්‍යාජ ලෙස හඬකවා අර්ථ විකෘති කර සකස් කළ එකක් බව 'අද දෙරණ' පවසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2019 වසරේ ජූලි මස 09 වනදා පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශිකා මෝගන් ඔටේගස් විසින් නිකුත් කළ මෙම ප්‍රකාශය අද දිනයේදී  ව්‍යාජ ලෙස හඬ කවා විකෘති කර සමාජ මාධ්‍යයට මුදාහැර  ඇති බව 'අද දෙරණ' වාර්තා කරයි.

 

 

ගෝඨාභය ගැන ඇමරිකානු වීඩියෝව පිළිබඳ සමාජ මාධ්‍ය ඡාලවන් හි සංසරණයවන පොස්ටු කිහිපයක්

WhatsApp Image 2019 11 15 at 9.53.20 PM

 

WhatsApp Image 2019 11 15 at 9.53.19 PM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්