කඳුකර ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන්ගේ දිනය නුවර එළියේදී අනුස්මරණය කර තිබේ.



එම අනුස්මරණය කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කළ බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය වෙනුවෙන් සටන් වැද සිටියදී පොලිස් සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය 1940 ජනවාරි 10 දින මුල්ඔය ගෝවින්දන්ගේ ජීවිතය බිලිගෙන තිබුනි.

2019 දෙසැම්බර් 15 දින මලෛයග උරිමෛකුරල් සහ පිඩිතලරාතේ යන සංවිධාන දෙකේ සංවිධානත්වයෙන් පැවති වතු කම්කරු සමරු උත්සවයකදී මුල්ඔය ගෝවින්දන්ට උපහාර පිනිස සෑම වසරකම ජනවාරි 10 වැනි දින කඳුකර දිවි පිදූවන්ගේ දිනය ලෙස අනුස්මරණය කිරීමට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

මෙවර කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු අනුස්මරණයේ දී, කඳුකර ජනතාවගේ වෘත්තීය සහ අනෙකුත් අයිතීන් දිනාගැනීමේ අරගලයේදී දිවි පිදූ සියළුම විරුවන් සිහිපත් කරමින් පස්වරු 03 ට ගිනිසිළුව දල්වා උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.

එම අනුස්මරණය සංවිධානය කර ඇත්තේ මලෛයග උරිමෛකුරල් සහ පිඩිතලරාතේ යන සංවිධාන දෙක විසිනි.

පොලිස්  සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය මුල්ඔය ගෝවින්දන්ගේ ජීවිතය බිලිගත් ආකාරය සහ "වතු කම්කරු අරගලයට පණදුන් මුල්ඔය වත්තේ දිදුලන සටන් උරුමය" ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල විතානගේ JDS වෙබ් අඩවියට ලියු ලිපිය පහතින් කියවන්න.


වතු කම්කරු අරගලයට පණදෙන මුල්ඔය වත්තේ දිදුලන සටන් උරුමය

 

 

  


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්