කිහිපවරක් කල් දමනු ලැබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය හෙට (14 සෙනසුරාදා) දහවල් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබියදී සභාපති ලෙස තරඟ කිරීමට ඉදිරිපත්ව සිටින හිටපු සභාපති ජස්වර්

උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව වළකාලමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිලවරණ කමිටුවේ සභාපති වෙත අද (13) පස්වරුවේ ලිපියක් යොමුකර ඇත.


Appeal Committee Decision1කෙසේවුවද ශ්‍රී ලංකා පාපන්දු නිලවරණ කමිටුව මේ දක්වා මෙම ලිපිය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කර නොමැති අතර හෙට (14) උදැසන ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තාවේ.

මෙවර මෙම නිලවරණය පැවැත්වෙන්නේ අභියාචනාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවකින් ලබාදී ඇති උපදෙස් හා තීන්දු තීරණ මතය. එබැවින් එකී උපදේශයන්ට පරිබාහිරව යම්කිසි බරපතල තීන්දු තීරණ ගැනීමේදී අභියාචනාධිකරණයේ අනුමැතිය ලබාගැනීමට සිදුවන බව පැවසේ.



''නිලවරණයට ඉදිරිපත් වෙනවා වගේම ජයග්‍රහණයත් කරනවා'' - ජස්වර් උමාර්



ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිලවරණ කමිටුවේ සභාපති වෙත යොමුකර ඇතැයි කියන ලිපිය සම්බන්ධයෙන් අද සවස් යාමයේ විශේෂ ප්‍රකාශයක් කළ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර්, එවැනි ලිපියක් සම්බන්ධයෙන් මේ දක්වා තමා වෙත දැනුම්දීමක් ලැබී නැතැයි පැවසිය.

 ''හෙට නිලවරණයට ඉදිරිපත් වෙනවා වගේම ජයග්‍රහණයත් කරනවා'' යයි ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට තරග වදින තමාට එරෙහිව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පත්කල අභියාචනා කමිටුව ලබා දී ඇතැයි කියන නිර්දේශ සම්බන්ධව මේ දක්වා තමා කිසිත් නොදන්නා බවත්, එහි කිසිදු පිටපතක්වත් තමාට ලැබී නැති බවත් එම තත්වය තුල තමා අනිවාර්‍යෙන් ම නිලවරණයට ඉදිරිපත් වීමට කටයුතු කරන බවත් ජස්වර් උමාර් කියා සිටියේය.

 

මෙම අභියාචනා සම්බන්ධයෙන් තමාව කැඳවා හෝ කරුණු විමසා නැති බව පැවසු ජස්වර් උමාර්, සමාන්‍යයෙන් ස්වාභාවික යුක්තියේ මූලධර්ම යටතේ පුද්ගලයකුට කරුණු ඉදිරිපත් කිරීමටත්, තමා නිවැරදි බව ඔප්පු කිරීමටත්  අවස්ථාවක් ලබාදිය යුතු වුවත්, එවැනි කිසිදු අවස්ථාවක් තමන්ට ලබානොදීමෙන් තමාගේ මුලික අයිතිවාසිකම්ද කඩවී ඇති බවත් පැවසිය.
  මෙයට හේතුවී තිබෙන්නේ තමා පාපන්දු සම්මේලනයේ ලේකම්වරයාව සිටියදී  2018 වසරේදී  හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු ගේ දූෂණ සම්බන්ධව විගණකාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද වාර්තාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව විසින් අනුමත කරන ලද්දක්ද නැද්ද යන්න පිලිබදව වූ කාරණාවක් සම්බන්ධව බව පැවසු හිටපු සභාපතිවරයා, තමා කිසිදු විටක කෝප් කමිටුව හෝ වෙනත් කිසිදු කමිටුවක් මගින් වරදකරුවකු කර නොමැතිබව අවධාරණය කළේය. 
මෙම සිදුවීම් සියල්ල සලකා බැලීමේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තමන්ගේ හිතවතුන් මෙම තනතුරට පත් කර ගැනීම සදහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර තිබේ දැයි සැකයක් මතුවී ඇතැයි ද ජස්වර් උමාර් කියා සිටියේය.

 
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැදවීමෙන් පසු ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීම, එම නව සංශෝධනය තුල පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ඔවුන් නිලවරණ තුලින් ඉවත් කිරීමට තැත් කිරීම, මෙම ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය අධිකරණ නිවාඩු කාලයේදී නිකුත් කිරීම, අභියාචනා මණ්ඩලයට කරුණු  දැක්වීමට අවස්ථාව ලබා නොදීම, නිලවරණය  පැවැත්වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී අපේක්ෂකයෙක් ඉවත් කිරීමට තැත් කිරීම, ඔවුන්ට අභියාචනා කිරීමට හෝ අධිකරණයේ පිහිට පැතීමට තරම් කාලයක්වත් ලබා නොදීම මගින් මෙහි කුමන්ත්‍රණකාරී ස්වරුපය පැහැදිලිවන බව ඔහු සඳහන් කළේය.
තමා සමග තරඟ වදින ප්‍රතිපාර්ශවයේ ඇතැමුන් අද (13) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වා තමාට නිලවරණයට ඉදිපත්වීමට නොහැකියැයි පවසා තිබුනද එය මුළුමනින්ම අසත්‍ය කාරණයක් බව ද හිටපු සභාපතිවරයා අවධාරණය කළේය.

ඔවුන් අභියාචන කමිටුව විසින් ඇමතිවරයාට එවූ ලිපියක් පෙන්වමින් මෙම බොරුව සමාජගත කිරීමට ගත් උත්සාහය ඉතාමත් පහත් හා නින්දිත බව පැවසු ජස්වර් උමාර්, ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ කරගැනීමෙන් ක්‍රීඩාවට බරපතල හානියක් වන අතරම ඇමතිවරයාගේ නමටද විශාල කැලලක් ඇතිවන වැඩිදුරටත් කියා සිටියේය.




සබැඳි පුවත් :

පාපන්දුවට පංච පුද්ගල 'අතුරු කමිටුවක්' ! - අභියාචනාධිකරණයේදී එකඟවේ

පාපන්දු අර්බුදය : අභියාචනාධිකරණයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට නොතිසි !

'ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනමක් අබියස' - ජස්වර් උමර්

පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්

ක්‍රිකට් හා පාපන්දු සභාපතිවරු ඉලක්කකර අභියාචනා කමිටුවක් !

දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ලංකාව පාපන්දු තහනමක් අභියස!

පාපන්දු සම්මේලනය වසා දමයි! - වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්

පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව සම්මතයි -නිලවරණය ඔක් 23

පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය අධීක්ෂණයට විදෙස් නියෝජිතයෝ එති

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්