නව බදු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් කැඳවීමක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසිය.



බදු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වෘත්තිකයින්ගේ, වෘත්තිය සමිති එකමුතුව ඉකුත් සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණ.

නව බදු සංශෝධනවලට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙම සතිය තුළ තීරණය කරන බව වෘත්තියවේදීන්ගේ, වෘත්තිය සමිති එකමුතුව පවසයි.

එහි සාමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, එම ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ද හෙට දිනයේ පැවැත්වෙන බවයි.



ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට මිස වෙනත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට වෘත්තිකයින්ගේ, වෘත්තිය සමිති පෙරමුණ සූදානම් නොමැති බවද වෛද්‍ය චමිල් විජේසිංහ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



''උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළ යුතුයි'' - රවී K


නව බදු සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශව වෙතින්ද මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළ යුතු බවයි.

එහිදී ඔහු මෙසේ පැවසිය.

''උපයන විට ගෙවීමේ බද්ද මගින් 2023 දී රුපියල් බිලියන 100ක් විතර සොයා ගැනීමට ඉලක්ක කර තිබෙන. ඒ මුදල් ප්‍රමාණය උපයන්න බැරි බව දාන දැන ඒ බද්ද දැම්මේ ඇයි..? මිනිස්සුන්ට ගෙවන්න බැරි බද්දක් දැමීමේ ඇති වැඩේ මොකක්ද..? සුද්දෙක් ඇවිත් මේ බද්ද වැඩි කරන්න කියලා කිව්වා නම් ඒ ක්‍රියා මාර්ගය ගැනීමට නොහැකි බව කියා සිටීමට අපට ආත්ම ශක්තියක් තිබිය යුතුයි.

2023 රාජ්‍ය ආදායම ට්‍රිලියන 3.4ක් ඇස්තමේන්තු කර තිබෙනවා. උපයන විට ගෙවීමේ බද්දෙන් රුපියල් බිලියන 100ක් ඇස්තමේන්තු කර තිබුණාට එමගින් උපයා ගත හැක්කේ රුපියල් බිලියන 50ක් පමණ විතරයි. වැඩ කරන සාමාන්‍ය පුද්ගලයෙක් මේ බද්දෙන් කෙතරම් පීඩනයකට ලක් වෙනවා..? වැඩ කරන මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා නැති වුණාට වියදම සිග්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒ අනුව මෙම උපයන විට බද්ද ගැන යළි සලකා බලන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ බද්ද ප්‍රායෝගික නැහැ.''


(මුලාශ්‍රය - nethnews.lk)


සබැඳි පුවත් :

බදුවලට මම විරුද්ධ නෑ - (ධම්ම දිසානායක)

අය වැය සහ ණය වැය තුලින් මතුවෙන බදු අසහනය - (ජයශ්‍රී ප්‍රියලාල්)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්