කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක ඇතුළු

අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

සිසුන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට නුවර - කොළඹ මාර්ගය අවහිර වන ලෙස විරෝධතාවයේ යෙදී සිටියදී එය විසුරුවාහැරීම සඳහා ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළ බව පොලිසිය පවසයි.

ඉන්පසුත් සිසුහු මාර්ගය අසල සටන්පාඨ කියමින් විරෝධතා‍වයේ නිරත වූහ.

එහිදී භික්ෂූන් වහන්සේ සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

kelaniශිෂ්‍ය සංගම් සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ශාන් හර්ෂණ


කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වන ඩිල්ශාන් හර්ෂණ මේ මස 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර අංක එක අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා පසුගිය 13 වැනිදා මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී නියෝග කළේය.

උක්ත පැමිණිල්ලට නවක වද සිද්ධියක සම්බන්ධයක් නොමැති අතර මෙය දේශපාලන පක්ෂ දෙකක මතගැටුමකින් සිදුවූවක් යැයි පසුගිය නඩු වාරයේදී බන්ධනාගාරගතව සිටින සිසුන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ ප්‍රදීප් ගමගේ සහ විරේන්ද්‍රා කනංකගේ පැහැදිලි කළහ.

 එම කරුණ සනාථ කරමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ලබාදුන් ලිඛිත සටහනක්ද මෙදින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විත්තිකාර සිසුන් දෙදෙනාගෙන් තවත් ප්‍රකාශයක් ලබා ගැනීමට ඇති බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර බන්ධනාගාරය වෙත ගොස් විත්තිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්  මහෙස්ත්‍රාත්වරිය නඩුව 20 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්